Wednesday, June 29, 2011

Jayarathna Sri Lanka History 12 of 12- Pahadili itihasayak Natuwa Pahadi...

Jayarathna Sri Lanka History 11 of 12 - Sudu Mahatturu ape itihasaya var...

Jayarathna Sri Lanka History 10 of 12 - Budunta samakaleena Hela Rajawar...

Jayarathna Sri Lanka History 9 of 12- Sellipi ha Janakata valata mahawan...

Jayarathna Sri Lanka History 8 of 12- Sellipi sakshi athi ekama dahama B...

Jayarathna Sri Lanka History 7 of 12 - Kimbulwata rakina Satara varam De...

Jayarathna Sri Lanka History 6 of 12- Jambudeepaya kiyanne Lankadeepayat...

Jayarathna Sri Lanka History 5 of 12- Adath Budu dahama Indiawe ne Edat ne

Jayarathna Sri Lanka History 4 of 12 - Mihindu himi nemei Budun apita da...

Jayarathna Sri Lanka History 3 of 12- Lankawa deepayak Indiyawa ardadeep...

Jayarathna Sri Lanka History 2 of 12- Budunge namin sellipi lankawe tibe...

Jayarathna Sri Lanka History 1 of 12 - Pavatina itihasaya harida.flv

Saturday, June 18, 2011

හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය



මහාචාර්ය රාජ් සෝමදේව

විජය පරපුර ලක්‌ දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක්‌ ලෙස අදහමු. එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස්‌ ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.

කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ දීර්ඝ කාලයක සිට ලාංකික ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස විජයාවතරණයට පෙර පැවති ශිෂ්ටාචාරය පිළිබඳ වඩා විශ්වාසනීය තොරතුරු අනාවරණය වී ඇත.

මේ පර්යේෂණ පරිශ්‍රමය අපේ ඉතිහාසයට අන කරන්නෙ විජයාවතරණය තවදුරටත් ලාංකික ජන සමාජයේ පදනම බවට වන නිල ඉතිහාසය බැහැර කරන ලෙසයි.

අඳුරින් වැසී තිබී ආලෝකවත් කළ එම ඉතිහාස සාධකයන් සොයා අප ගිය නිරීක්‍ෂණ චාරිකාවක සටහන් මේ ලිපිය පුරා දිග හැරෙන්නෙ මෙසේය....

රටක්‌ ශිෂ්ටාචාරගතවීම ආරම්භවනවා යනු දඩයම අතහැර කෘෂිකාර්මික දිවිපෙවතකට නැඹුරුවීමත් ගල් ආයුධ වෙනුවට ලෝහ ආයුධ භාවිතයට පිවිසීමත්ය. එසේනම් ලාංකික ශිෂ්ටාචාරය පිළිබඳ විධිමත් නිගමනයකට එළැඹීම සඳහා ආදි මානවයා දඩයම අතහැර කෘෂිකර්මාන්තයට පිළිපන් යුගයත් ගල් ආයුධ භාවිතය ලෝහ ආයුධ භාවිතයකට පරිවර්තනය කරගත් යුගයත් පිළිබඳ නිවැරැදි අදහසකට පැමිණිය යුතුයි. ඊළඟ තර්කය වන්නේ දඩයක්‌ කාරයන් ගොවියන් බවට පත්වීමටත් ගල් ආයුධ ලෝහ ආයුධ බවට විතැන් කරගැනීමටත් බලපෑ සාධක කවරේද යන්නයි. ඊට බලපෑවේ පාරිසරික හේතූන් ද? සමාජීය හේතුන්ද? යන්න සොයා බැලිය යුතුයි.

දඩයක්‌කාරයන් ගොවියන් බවට පරිවර්තනය වීමට සානුබලය සැපයිය හැකි ප්‍රධානම සාධකය වන්නේ දේශගුණික සාධකයයි. ලෝක පරිමාණ අධ්‍යයනයන් පරිශීලනය කිරීමේදීත් ඒ බව තහවුරු වේ. එසේ නම් නැවත පැණ නැගෙන තර්කය වන්නේ, එම දේශගුණික ස්‌වභාවය කෙබඳු එකක්‌ විය යුතුද යන්නයි. අවුරුද්ද මුලුල්ලේම එක්‌ දේශගුණයක්‌ ව්‍යාප්තව පවතී නම් මේ සඳහා පෙළඹුමක්‌ ඇති නොකරයි. එනම් අවුරුද්ද පුරාම වියළි දේශගුණයක්‌ පවතින ප්‍රදේශවල ද, අවුරුද්ද මුලුල්ලේම වර්ෂාව හොඳින් ලැබෙන ප්‍රදේශවල ද ජීවත් වන මානවයා මේ ආකාරයට දඩයම අතහැර කෘෂිකර්මයට විතැන් නොවේ. එසේ නම් වියළි හා තෙත් දේශගුණයක්‌ සම සමව අවුරුද්දේ ඒ ඒ කාර්තුවල පවතින ප්‍රදේශවල ජීවත්වන මානවයා සිය ජීවන මාර්ගයද වෙනස්‌ කර ගන්නට ඇත. ලංකාවේ එවන් දේශගුණයක්‌ පවතින ප්‍රදේශ කිහිපයකි. වලව, එහි වළවේ ගඟින් එගොඩ ප්‍රදේශය එනම් අම්බලන්තොට වියළි දේශගුණයක්‌ පවතින අතර වළවේ ගඟින් මෙගොඩ රත්නපුරය, ගොඩකවෙල තෙත් දේශගුණයක්‌ සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත හැක. නාඋල ප්‍රදේශයේ ද මේ දේශගුණික තත්ත්වයන් දෙකම හඳුනාගත හැකිය. නුවරඑළියේ සිට බලකඩුව දුර්ගය බැස යන විට සීත තෙත් දේශගුණයක්‌a පවතින අතර නාඋල පසු වී දඹුල්ල ඇඹුල්අඹේ උෂ්ණ දේශගුණයක්‌ පවතී.

මෙසේ උඩවළවේ සහ නාඋල යන ප්‍රදේශයන් අතුරින් පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උඩවලව ප්‍රදේශය පර්යේෂණ වැඩබිම ලෙස තෝරාගෙන මූලික කැණිම් ප්‍රදේශ ලෙස පල්ලේබැද්ද ගල්පාය ප්‍රදේශයේ වැඩ ආරම්භ කර තිබේ. අවාසනාවකට ගල්පාය ප්‍රදේශය මීට පෙර නිදන් හොරුන් විසින් විනාශකර තිබිණි. නිදන් හොරුන් විනාශ කළ පුරා වස්‌තු පරීක්‍ෂා කිරීමේදී පර්යේෂණ කණ්‌ඩායමට සුවිශේෂ සාධක රැසක්‌ ලැබිණි. එහි දඩයක්‌ කාරයන්ට අදාළ පුරාවස්‌තු සේම යකඩ භාවිත කළ කෘෂිකාර්මික යුගයට අයත් මානව අවශේෂයන්ද හඳුනාගැනීමට හැකි විය. තමන්ගේ පූර්ව නිගමනය නිවැරැදි බවත් එහෙත් ගල්පාය ප්‍රදේශයේ නිදන් හොරුන් විසින් සිදුකර ඇති විනාශය නිසා තවදුරටත් කැනීම් සිදුකිරීම අර්ථ විරහිත බවත් අවබෝධකරගත් පර්යේෂණ නඩය සිය අරමුණු අත් නොහරිමින් ගල්පාය ප්‍රදේශයට සමානකම් ඇති වෙනත් ප්‍රදේශ කරා සිය පර්යේෂණ ඇස යොමුකරන ලදී.

ගල්පාය තියුණු උපායශීලී ස්‌ථානයකි. උතුරින් බළංගොඩ හපුතලේ කඳු වලල්ලත් මධ්‍ය කඳුකරයේ හෝර්ටන් තැන්නත් පිහිටා ඇත. එම කඳු වළල්ල පසුකර යන විට කල්තොට, මොහොර ප්‍රදේශය, බෙල්ලන්බැඳි පැලැස්‌ස, උඩවලව පසු කරන විට වියළි කලාපය දක්‌වා දිවෙන තැනිතලාව භූවිෂමතා ලක්‌ෂණ ලෙස හඳුනා ගත හැකියි. ඔවුන්ගේ උපකල්පනය වූයේ මධ්‍ය කඳුකරයේ තෙත් දේශගුණයක්‌ සහිත හෝර්ටන් තැන්නේ සිට ආදි මානවයා පහළ ප්‍රදේශ කරා, පසුබසින්නට ඇති බවයි. එම උපකල්පනය තහවුරුවන කැණීමක්‌ 2006 වසරේ සිදු කිරීමට හැකිවීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි.

පල්ලේබැද්දට තදාසන්නව ඇති කොළඹගේආර ප්‍රදේශයේ රංචාමඩම පාසලේ ඉදිකිරීමකදී මතු වූ පුරාවස්‌තු මෙම පර්යේෂණ නඩයට වැදගත් හෝඩුවාවක්‌ විය. රංචාමඩම ප්‍රදේශයේ කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක්‌ මතු කරගැනීමට පර්යේෂණ කණ්‌ඩායමට හැකි විය. එම සොහොන්බිම ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම් අතර සුවිශේෂ එකකි. මෙම සුසාන තුළ සිදු කළ සූක්‌ෂම කැණීම් මගින් මිනී ඇට තැන්පත් කළ මැටි භාජන හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ තුළ ගල් ආයුධ ද තැන්පත් කර තිබූ බව හඳුනාගෙන ඇත. මේ ද්‍රව්‍ය හමුවීම පුරාවිද්‍යාඥයන් ඉතා උනන්දු සහගත පෙළඹවීමකට යොමු කර ඇත.

වළං ගොවියන්ට අයත් පාරිහාරික භාණ්‌ඩයකි. එසේම වළං තුළ තිබූ ආයුධ දඩයම්කරුවන්ට අයත් ආයුධයි. මෙම සොයාගැනීම ඔස්‌සේ ලාංකික ආදී මානවයා පිළිබඳ වැදගත් නිගමනයකට එළැඹීමට හැකි විය. එනම් ගල් ආයුධ භාවිත කළ දඩයම්කරුවන් සහ මැටි වළං භාවිත කළ කෘෂිකාර්මික මානවයා අතර කිසියම් සංස්‌කෘතික සම්මිශ්‍රණයන් සිදුවී ඇති ආකාරයයි. එයින් මෙතෙක්‌ අපේ රටේ පූර්ව ඉතිහාසය පිළිබඳ එල්බගෙන සිටි වැරැදි නිගමනයක්‌ බිඳ දමන්නට හැකිවිය. එසේ බිඳ වැටුනු නිගමනය වූයේ දඩයමින් ජීවිතය ගෙනගිය මානවයන්, උතුරු ඉන්දියාවෙන් පැමිණි යකඩ සහ මැටි භාණ්‌ඩ භාවිතයට නැඹුරුවූ ආර්ය සංක්‍රමිකයන් පැමිණීමත් සමඟ පසු බැස්‌ස බවයි. රංචාමඩම ප්‍රාග් ඓතිහාසික සුසානභූමි කැණීමත් සමඟ මෙම මානවයන් දෙකොටස අතර සංස්‌කෘතික සංස්‌පර්ෂයක්‌ පැවැති බව තහවුරු වෙයි.

මෙම සුසාන භූමියෙන් හමු වූ අඟුරු ඉන්දියාවේ පර්යේෂණාගාර වෙත යවා කළ කාල නිර්ණයන්ට අනුව මෙම සුසාන භූමි භාවිත කර ඇත්තේ අදින් වසර 3250 කට පෙර බව තහවුරු වී ඇත. මෙම සුසාන භූමි මැටිගල් (මෝඩ ගල්) යොදාගෙන ලඹ කර බැඳීමෙන් සාදා ඇත. මිනී අළු තැන්පත් කර ඇති මැටි මුට්‌ටි සකපෝරුවේ සියුම්ව සකසාගත් ඒවා ය. මෙමගින් පැහැදිළි වන්නේ මූලික ඉදිකිරීමේ තාක්‌ෂණය, ආදාහන චාරිත්‍ර සහ මූලික ආගමික ක්‍රමයක්‌ පැවති බවයි.

පුරාවිද්‍යාඥයන් නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දෙයි. එම අභියෝග ජයගැනීම ඔස්‌සේ ශිෂ්ටාචාරයේ අලුත් ඉම් ගවේෂණය කළ හැකි බව නොරහසකි. පර්යේෂණ කණ්‌ඩායම මුහුණ දුන්නේ තවත් අභියෝගයකටය. ඒ රංචාමඩම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමි භාවිත කළ මානවයන් ජීවත් වූයේ කොහේද? ඒ කෙසේද? යන්න සොයා ගැනීමයි.

2009 වසරේ උඩ රංචාමඩම ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී පුරාණ නිවාසක්‌ සොයාගැනීමට හැකි විය. එයින් එම ගැටලුවටද සාර්ථක පිළිතුරක්‌ ලැබිණි. වරිච්චි ගැසූ මෙහි මුලුතැන් ගෙයින් ආහාර පිසීමට භාවිත කළ ලිපක්‌ සොයාගැනීමට හැකිවිය. මැටි මූර්තියක්‌, කාන්තාවන් ඇස වර්ණ ගැල්වීමට භාවිත කරන අඳුන් කූරක්‌ සහ අවසාන භෝජනයට ගත් සතුන්ගේ ඇටකටු ද සොයා ගත හැකි විය. මේවා අදින් වසර 3150 ඉපැරණි භාණ්‌ඩ බව තහවුරු කරගැනීමට හැකි වී ඇත.

මෙම නිවසෙන් සොයාගත් ආයුධ අතර ගල්ආයුධ අටක්‌ ද යකඩ ආයුධ දෙකක්‌ ද තිබිණි. ඒ අනුව මේ අවධිය වනවිට යකඩ භාවිතය එතරම් ප්‍රචලිත වී නොතිබි බව නිගමනය කළ හැක.

යකඩ භාවිතය ඉතාම සුවිශේෂ කාරණයක්‌ වන අතර යකඩ සොයා ගන්නේ කුමණ ස්‌ථානයෙන්ද යන්න ඊටත් වඩා සුවිශේෂ කාරණය වේ. යකඩ වැනි ඛනිජ සොයාගත හැක්‌කේ කඳුවලිනි. උඩ රංචාමඩම ප්‍රදේශයට ආසන්න කඳු පංති වන්නේ හල්දුම්මුල්ල, හපුතලේ, බලංගොඩ, ඕපනායක යන කඳු පංතිය බවට පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උපකල්පනය කළ ගවේෂණ කණ්‌ඩායමට, මෙම කඳු ගවේෂණය කිරීමේදී ලෝහ නිධි පිහිටි ස්‌ථාන හඳුනාගැනීමට හැකි විය. මෙයින් එළැඹිය හැකි නිගමනය වන්නේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ ජීවත්වූ දඩයක්‌කාරයන් කිසියම් පාරිසරික හේතුවක්‌ නිසා පල්ලම් බැස බෙල්ලන්බැඳි පැලැස්‌සට පැමිණ රංචාමඩම ප්‍රදේශයට තල්ලු වී ඔව්හු දඩයම අතහැර පූර්ණ ගොවියෝa බවට පත් වූහ. එසේ පැමිණියේ නම් ඔවුන් හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිට පහළට ගමන් කළ මාර්ගයේද ඔවුන්ගේ සළකුණු සහ ජනාවාස තිබිය යුතුය. එය තවත් අභියෝගයකි. එම අභියෝගය භාරගත් පර්යේෂණ කණ්‌ඩායම පහළ සිට ඉහළ හෝර්ටන් තැන්න දක්‌වා මානව අවශේෂ සහ සලකුණු සොයමින් දීර්ඝ ගවේෂණ චාරිකාවක නිරත විනි. එහිදී ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස 50 පමණ සොයාගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ ඉදල්ගස්‌හින්න, හල්දුම්මුල්ල, බණ්‌ඩාරවෙල, පඹහින්න සහ මරන්ගහවෙල ආදී ප්‍රදේශවලිනි. විධිමත් ගවේෂණයක්‌ සිදු කළහොත් තවත් ජනාවාස 400 පමණ සොයාගත හැකිවනු ඇත. එම දුෂ්කර ගවේෂණය ද මේ වසරේදී ආරම්භ කිරීමට නියමිතය.

හල්දුම්මුල්ලේ සොහොන් බිමේ කළ කැණීම්වලින් ලාංකික ශිෂ්ටාචාරයේ සුවිශේෂී කතාන්දරයක්‌ හෙළිවේ. රංචාමඩම සොහොන් බිමේ මැටි මුට්‌ටි තුළ තිබූ ආකාරයේ ගල් ආයුධ ද ඊට අමතරව සුවිශේෂ පාෂාණ වර්ගයක්‌ ද ඒ තුළ තිබිණි. වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම ගල් ලෝහ වර්ගයක්‌ බව අනාවරණය විය. මෙසේ ගල් ආයුධ සහ යකඩ තැන්පත් කිරීමට නම් ඔවුන් යකඩ සමග කිසියම් සබඳතාවක්‌ තිබිය යුතු යෑයි පූර්ව නිගමනයකට එළැඹි පර්යේෂණ නඩය මෙම ලෝහ කොටස්‌ කාල නිර්ණය සඳහා යොමු කරන ලදී. එහිදී ඒවා මීට අවුරුදු 3750 - 4000 ඉපැරැණි බව සොයාගැනිණි. මෙම කාල නීර්ණයන් සමගම ලෝකයේ ඉපැරණිම යකඩ භාවිත ශිෂ්ටාචාරය බවට ලංකාව පත් වේ.

එය හුදු හිතළුවක්‌ නොවන බව කැණීමේ ප්‍රතිඵල විශ්ලේශනය කළ අප රටේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක්‌ වන මහාචාර්ය ශිරාන් දැරණියගල මහතාද සනාථ කර සිටියේය.

ලෝකයේ ප්‍රබලතම තාක්‍ෂණික මාධ්‍ය ලෝහයි. වර්තමාන ලෝක දියුණුවේ පදනම වන්නේ එයයි. එහෙත් ලොව සියල්ලන්ටම කලියෙන් යකඩ හඳුනාගනිමින් ඒවා උණු කර ඊට අවශ්‍ය තාක්‌ෂණය හඳුනාගනිමින් තම අවශ්‍යතා සපුරාගැනීමට භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට දැන සිටියේ අපේ ආදී මුතුන් මිත්තන් බව තවමත් අපි නොදනිමු.

මහාචාර්ය රාඡ් සෝමදේවයන් වැනි අතලොස්‌සක්‌වූ විශිෂ්ටයන් ඒ උරුමය හාරා පාදා මතුකර ගනු ඇත. එය අද නොව මීට වඩා ලෝකය යහපත්වූ අනාගතේ දවසක මේ පෘථිවි තලය තුළ ලාංකික සැබෑ සභ්‍යත්වයේ මහිමය හඬගා කියාපානු ඇත.

විචිත්‍ර සම්පත් වනිගනෙත්ති

විද්‍යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක්ද? From FaceBook Letters

විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ?

Contents of this post originally appeared as a is a response to
http://rcgbs.wordpress.com/2010/10/04/001

අප මෙහි කතා කරන්නෙත් විශ්වයේ භෞතිකත්වය පමණයි. භෞතිකත්වයෙන්
පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.
බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය
[spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ
belief එකකින් මිසක් understanding එකකින් නොවේ.

ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model”

කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ.

ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම්

ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?

විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ? ගොඩක් අය නොදන්න

තැනක්.

ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත්

භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම

ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට

නොහැකි නිසායි.

එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව

ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන

process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence]

ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි.

[macro concept of life emerges from non-life by means of zillion

micro-reactions converged by means of evolution]

මෙය හැම ආගමකම බිඳ වැටීමක්. සියළු ආගම් කොටින්ම ආධ්යාත්මිකත්වය

ගැන සියළුම ඉගැන්වීම පදනම් වන්නෙ ජීවියා ගේ සංකීර්ණත්වය විස්තර

කරන බාහිර වූ අභෞතික දේවල් මත. මෙවැනි දෙයක් නැති තැන ආගමික

පැහැදිලි කිරීම් වල අවශ්‍යතාවයක් නෑ.

spiritual වෙන්න කැමති අයට ලෝකයේ අටෝරාසියක් ආගම් තිබේ. එක

එක විදීහට විශ්වයේ spirituality ගැන ඒවායේ කියනවා. කර්මය,

දෙවියන් වහන්සේ බ්‍රහ්මන් ආදී ලෙසට. හැම ආගමකම ඇත්තෙ spirituality

ගැන belief එකක්. ඒක පුංචි කාලෙ brain wash කරල ලොකු උනාම කියවනව.

හැබයි එය නම් ඔබේ ආසාව මා එයට ගරු කරනවා.

භෞතික වූ විශ්වය වඩාත් සාධාරණ වූ ක්‍රමවේදයකින් හදාරණ විද්‍යාවට

ගරහන්න එපා. ඔබේ නොදන්න කම [අවිද්‍යාව] විද්‍යාවේ වරදක් නොවෙයි.

--------------------------------------------

තරමක කාලයක් මෙහි සටහනක් නොවැටීම නිසා, ටිකක් මේකෙන් ඈත්

වන්නට අදහස් කළා. අවශ්‍ය නම් ඉහත සඳහන් මගේ බ්ලොග හරහා මා

නැවත අවදි කරවිය හැකියි. ඉෂාන් ගෙන් හොඳ උත්තරයක් ලැබුනොත් අගෙයි.

ගොඩක් දේවල් තැන් තැන් වල ලියා ඇති නිසා නැවත කියන්නම් මගේ ස්ථාවරය.

- බුදු දහම මූලික ව ම පදනම් වන්නේ, එහි ඉගැන්වෙන සසරින් මිදීමට, භවය

නතර කරන නිර්වාණය ලබා ගන්නා මාර්ගය පැහැදිලි කිරීමටයි. මෙය පුද්ගලයා

කේන්ද්‍රීය ව බිහි වන්නක්. මෙහි ඇත්තක් ඇද්දැයි මා නම් දන්නේ නෑ.

- පුද්ගල අත්දැකීම මත පදනම් වන නිසා, එය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද

නැතහොත් ඒ පුද්ගලයා විසින් තමා රවටා ගැනීමක් ද කියා අන් අයට නිර්ණය

කළ නොහැකියි. දහම එසේ පොදු නිර්ණයක් බලාපොරොත්තු වන්නේත් නෑ.

- විද්‍යාව කරනුයේ මිනිසා ලොව පිළිබඳ දරන කුතුහලය නිසා තම අවබෝධය

පුළුල් කරන “මොඩලයන්” තැනීමත් ඒවා වැඩි දියුණු කිරීමත්. මෙය පුද්ගලයා

මත කේන්ද්‍රීය නොවන අතර එක් අයෙකුට තවකෙක් ගෙන්වා කට වචන

විශ්වාසයක් [ඇදහීමක්] නැතිව පැහැදිලි කළ හැකියි.

- තමන් හරි ද යන වග විද්‍යාව නිශ්චිත ව කියන්නේ නෑ. පරම සත්‍යයන්

එහි නෑ. සැක කිරීම එහි කොටසක්. නොදැන සිටීම ලැජ්ජාවට කරුණක්

නො වන අතර පොදු තත්වයක්. මොඩල් කිරීමක් පමණයි එහි සිදු වන්නේ.

- විද්‍යාව යමක් පිලිගන්න විවිධ ක්‍රම වේද තියෙනවා. එහෙම මොකුත් නැතිව

නිකම් කට වචනය පිලි ගන්නේ නෑ. හැබැයි ග්‍රීකයින් යුදෙව්වවන් බිහි කළ

පැරැණි ක්‍රමවේද වල එල්ලී ඉන්නේ නෑ. ක්‍රමයත් ප්‍රශ්ණයට අනුව පරිණාමය

වනවා. [If so Stephen Hawkings must be owning several parallel

universes in his lab to experiment with, while Einstein museums

must be exhibiting near-C private jets where he experimented]

- පිලි නො ගත් දේ හෙලා දැකීම නොවේ විද්‍යාවේ ක්‍රමය. ඔවුන් එය තවම

අප නොදන්නා දෙයක් ලෙසින් තබා ගන්නවා. පසුව වඩාත් හොඳ විදිහක්

ආවොත් එය පිලි ගනීවි.

- විද්‍යාවයි බුදු දහමයි එකිනෙකින් වෙන් වී [mutually exclusive] නෑ.

ස්වාධීන ව [independant] ඉන්නවා පමණයි. ඔවුන් එකම මාතෘකා

දෙවිදිහකට දකිනවා වෙන්න පුළුවන්.

- ඒත් අරමුණු දෙකක්. බුදු දහමේ එන පරිණාමය ගැන දේශණය වැරදි

යැයි අප මොහොතකට සිතමු. සංසාරයක් ඇත්නම්, නිර්වාණයක් ලබා

ගන්නට ඉන් ඇති බාධාවක් නෑ. විද්‍යාව අනන්ත විශ්වය පැහැදිලි කිරීමේ

නිරර්ථක උත්සාහයක් කරමින් දුකින් මිදෙන එක කල් දානවා කිව්වට,

විද්‍යාවට කැමති අය ආසා එයටයි. සියල්ල බැරි නම් හැකි තාක් පැහැදිලි

කරන්න. මේ දෙක ම තම කැමැත්ත. අවසන් දිනුමක් නෑ.

- විද්‍යාවේ අද පවතින ක්‍රමවේද විසින් බුදු දහම අසාධාරණ ලෙස හෙළා

දකිනවා කීම වැරදියි. ක්‍රමවේද වැරදි නම් අළුත් ඒවා යෝජනා කරන්න.

පිළිගත හැකි ඒවා. කට වචන හෝ පුද්ගල අත් දැකීම් නොවෙයි. මොකද

ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා.

- ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි

පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප

නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන

දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය

නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා.

- ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම්

“නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින්

එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව.

- ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති

නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු

සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය

මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා

කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.

- නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක

ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ

නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න.

- ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක

දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා.

ඔබ සැමට ජය.

##############################################

Aruna Wanninayake
මේක කියවන කොට ආසනික් ගැන කියන අතරේ ලේකකයාගේ පුද්ගලික කුහක කමක් මෙන්ම නුගත් කමක් මතුවේ. මේ කියන සිල්වා සමග මම 100% එකග නොවෙන නමුත් ඔහු ඉතා වැදගත් දාර්ශනික අදහස් නම් ගොඩනගා ඇත. එසේම ඔහු ගැන අවංකව සොයාබැලුවහොත් ඔහු පෙරදිග මෙන්ම බටහිරද විද්යාවේ හා සාස්ත්රයේද කප් ගැසූ අයෙක් බව ලේසියෙන්ම පෙනේ. මේ ලේකකයට ඇත්තේ පළමුවෙන්ම ජාතික චින්තනය ගැන ප්රශ්නයකි හා ව්ව්රයකි , එය බොහෝ මාර්ක්ස් වාදීන්ට හා කලුසුද්දන්ට ඇති අසනීපයකි. මොහු දන්නා එකම එක විද්යාව බටහිර විද්යාව විය හැක.නමුත් සැබවින්ම එය එසේ නොවේ. එය ඔහුට නොතේරීම ඔහුගේ ප්රශ්නයකි. බටහිර විද්යාව සිංහලයාට එක විද්යාවකි, එකමඑක විද්යාව නොවේ. පහත චේදයෙන් කියවෙන්නේ ඔහුගේ එම අනවබෝධයි.එය මට සියුම් සතුටක් ගෙනදෙයි.
"ආසනික් සිල්වාගේ නඩය බටහිර විද්යාත්මක ක්රමය ප්රතික්ෂේප කර බොහෝ කල් ය. ඔවුන් විසින් දිගින් දිගට ම කරන ලද ප්රචාරයන්ගේ ප්රතිඵලයක් ලෙස සිංහල සමාජය ද විද්යාව ප්රතික්ෂේප කර හමාර ය. ආසනික් සිල්වාගේ ජාතිවාදයෙන් අයිසිං කරන ලද අවිද්යාව දෘෂ්ටිවාදයක් ලෙස ලංකාව පුරා මුල් ඇද ඇත."
රජරට වකුගඩු රෝගය ගැන මෙලෝ දෙයක් නොදන්නා හා ඒ වෙනුවෙන් කිසිවක් නොකළ, කිසිවක් කළනොහැකි, ඒ සදහා යමක් කරන කෙනෙක්හට අවලාද නගන මෝඩයන් ගැන කුමක් කිව හැකිද?

#####################################################################################

Sa Ga
‎"භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය [spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ belief එකකින් මිසක් understanding එකකින් නොවේ.
ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?"
"ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා."
" ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව."
"ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.

"නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න."
"ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා."

#####################################################################################

Aruna Wanninayake
බුදු දහමට විද්යාව තර්ජනයක් උනේ නැහැ වෙන්නෙත් නැහැ. එඅත් තර්ජනයක් වෙන්නේ සාමාන්ය මිනිසුන්ගේ විචාර බුද්ධියට හා චින්තනයටයි.මේවගේ ගොන් වැඩක් දැක්කම මොනවා හරි කියන්න හිතෙන කහිල්ලක් අපිට පොඩිකාලේ ඉදලම තියෙනවා. මම දන්නේ න එඅ ඇයි කියල. මම හිතන්නේ එ මිනිසුන්ගේ විචාර බුද්ධිය එයින් ගලවගන්න ඕන කියන අසනීපෙ නිසා විය හැක.බෞද්ධ දර්ශනයෙන් මේක පැහැදිලි කරන්න බැරි, ලියපු කෙනා මිත්යදෘස්ටික බුද්ධිහීනයෙක් බව පෙනෙන නිසයි. මස්කන සතුන්ට මොන දහමද...යුද්දයේදී ගුණධර්මකීම යුධ ආචාරධර්මයක් නොවේ.
ලේකකයා කියන්නේ විද්යාව තේරුම් ගන්න එකක්ය, අද්යත්මිකත්වය විශ්වාසයක් පමණක්ය කියලයි. තේරුම් ගන්නවා කියන්නේ ,අස කන නාසය, දිව හා සමෙන් තොරතුරු ගෙන ඒවා සකස්කර අපි කලින් ලබා දැනගෙන ඇති තොරතුරු සමග සසදා නිගමනයකට යාමයි. සියලුම ප්රයෝගික විද්යාවේ පරීක්ෂණ වල කෙරෙන්නේ මෙයි. එසේ නොමැතිව පරීක්ෂණ මගින් පංචෙන්ද්රිය උපයෝගී නොවන දැනුම මැවිය නොහැකි. එඅවනි අලුත් දැනුම බිහිකළ නොහැක්යි. නමුත් සෛධාන්තික විද්යාවේ එය එසේ නොවේ. උදාහරණ බොහෝයි. හිල්බර්ට් අවකාශයට සාපේක්ෂව ගණිත සමීකරණ ලිවීමේදී,එම අවකාශය දැනෙන්නේ කුමන ඉන්ද්රියටද? බොහෝවිට භෞතික විද්යාවේ හා ගණිතයේ පිලිවෙලින් කාලයට හා අවකාශයට සාපේක්ෂව සමීකරණ ලිවීමේදී,කාලය හා අවකාශය පංචෙන්ද්රිය ඇසුරෙන් අර්ථදක්ව නැත.චුම්බක ක්ෂේත්රය දැක ඇත්තේ කවූද? විභව ලිදේ අංශුවක් හිරවීම දක්කේ කවූද? එසේ නම් මේවා විද්යාවේ ඇති මූලික විස්වාශ විය යුතුයි

එඅ අනුව ලේකකයා කියන භෞතික වාදී විද්යාව නොදැනීම වින්ඥාන වාදී වී ඇත. ජීව රසායන ක්රියාවලියෙන් ඇතිවෙනවා කියන ශාකයක, තිරිසන් සත්වයකු හා මිනිසකු අතර වෙනස ලේකකයට හදුනා ගැනීමට නොහැකි වී ඇත්තේ භෞතික වාදයේ ඇති මහිමය නිසා විය යුතුයි. මේ සදහා පිළිතුරු ඇත්තේ විද්යාත්මක ක්රමයක නොව, ඊට වඩා එහා ගිය ක්රමයකයි. ඒ සදහා මාවත, "දිට්ටින්ච අනුපගම්ම, සීලවා, දස්සනේන සම්පන්නෝ" යයි පාඨකයන්ට කිව යුතුයි.
විද්යාවේ විශ්වය මොඩෙල් කිරීමට යාම නිරර්ථක ක්රියාවකි. එය එසේ වන්නේ, එම දාර්ශනික ක්රමය සමපූර්නයෙන්ම වැරදි නිසාය. ථෙරවාදීන් හැර අනෙකන්ට (මිත්යදෘස්ටිකයන්ට) අනුව, ඔඋන්ගේ ලෝකය රේකීය වේ. එම රේකීය ලෝකයට සාපේක්ෂව ඔඋන් ලෝකය විස්තර කෙරීමට වෙහෙසේ. උදාහරණයක් ලෙස, රේකවක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය දැනගැනීමට අවශ්යවේ. මන්ද,ඔඋන්ගේ චින්තනය රේකීය වේ. නමුත් ථෙරවාදීන්ට ඇත්තේ චක්රීය චින්තනයකි. ඔඋන් විශ්වය දකින්නේ ඊට වඩා ගැබුරිනි. චක්රයක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය ගැන ඇසීමම අනුවන ප්රශ්නයකි. ලේකකයා දැනගත යුතු තව කරුණක් නම් බුදුරජාණන් වහන්සේ භෞතික වාදය හා විඥාන වාදය යන දෙකම
ප්රතිකෙෂේප කල බවයි. එනම් බුදු දහම යනු හුදෙක් ඇදහිල්ලක් නොවන අතර එය දේව වාදය ප්රතික්ෂේප කළේය. මේ අර්ථයෙන් ගත කල බුදුදහම හා විද්යාව යනු අහසට පොලොව සේ වෙනස් මාතෘකා දෙකකි. ඒවායේ අරමුණුද එසේය. බුදුදහම විද්යාත්මක කරන්න යයි කියන්නේ පිස්සෙකු හැර වෙන කව්ද? කල යුත්තේ විද්යාත්මක බහු බුත හා විජජාවන්ගෙන් ඔලුව කුරුවල් නොකරගෙන, බුදුදහමේ ඥාන මාර්ගයට පිවිසීමයි.
කාල් මාර්කස්ට අනුව ආගම අබින්ය[1]. නමුත් සමහර භෞතික වාදීන්ට අනුව මාර්කස්ගේ විචාරයට බුදුදහම හසුවීනැත[2]. එමනිසා සමහර මෝඩයන්, බුදු දහම මාර්කස් ගේ වලිගෙ එල්ලීමට වල බුරු උත්සාහයන් ගනී.
මේ කරුණු මේ ලේකකයට නොතේරෙන්නේ ඔහු භෞතික වාදී විද්යාත්මක ක්රමයකට මිත්යදෘස්ටික ස්වාන්වින්දනයක් ලබන නිසයි.
1. Karl Marks, ඩෙස්මන් මල්ලිකාරච්චි
2. "මාර්කස් වාදී රචනා", ඩෙස්මන් මල්ලිකාරච්චි

####################################################################################

විද්‍යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට තර්ජනයක්ද? ඇත්තටම අපි මේක ගැන කතා කරලා තේරුමක් තියෙනවද? ඇත්තම කතන්දරේනම් මේ ලෝකේ ජීවත් වෙන හුගක් මිනුස්සුන්ට නම් මේවා ගැන හිතන්ඩ අවකාශයක් නැහැ. මේ ලෝකේ හුගක් මිනිස්සු හිතන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය (ලෞකික) සැපවත් කර ගන්ඩ. එකට ඉතින් ඍජුවම දායක වෙන්නේ පෙරදිග සහ බටහිර විද්‍යාවයි (වැඩිපුරම බටහිර). බුදුදහමත් වක්‍රාකාරයෙන් ලෞකික ජීවිතය සැපවත් කර ගන්ඩ දායක කරගන්ඩ පුළුවන්. විද්‍යාවේ සහ බුදුදහමේ අරමුණු ගැන අපි මුලින්ම කල්පනා කල යුතුයි. විද්‍යාවේ අරමුණ ලෝකය භෞතික වශයෙන් සංවර්ධනය කිරීමයි. එකට හේතුව, විද්‍යාව මගින් ලෝකය සමස්තයක් ලෙස, එක වස්තුවක් ලෙස සලකා කටයුතු කිරීමයි. එහෙත් බුදුදහම එක් එක් සත්වයා ලෝකයක් ලෙස දකින අතර ඒ එක් එක් සත්වයාගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර සාර්ථකත්වය ලග කරගැනීමේ ක්‍රියාවලියකට මග කියාදෙයි.

දැන් අපි ඉහත ලිපි දිහා බලමු. ඉහත සදහන් වන "භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. " .

බුදුදහම ගැන සුළු දැනීමක් ඇති අයෙක්හෝ මෙය අනුමත කරන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ භෞතිකතත්වයෙන් පිටස්තර වන (ප්‍රන්චන්දියන්ට අමතරව) සයවන ඉන්ද්‍රිය වන මනස එහෙමත් නැත්නම් සිත ගැන මනා දේශනාවක් අභිධර්මයේ ක‍රල තියෙනවා. බුදු හාමුදුරුවෝ කොච්චර දුරට සිත ගැන අවබෝධයක් ලබලා තියෙනවද කියල තමන්ගේ ජීවිත කාලයෙන් 90% කට වැඩිය බටහිර විද්‍යාව ඉගෙන ගෙන, 1% ක ප්‍රමාණයක්වත් බුදු දහම ප්‍රායෝගිකව අධ්‍යනය නොකරන මිනිස්සු කොහොමද කියන්නේ?.

ලෝකය දෙස භෞතික වශයෙන් පමණක් බැලීම වැරදයි. මක් නිසාද යත් භෞතික දේවලට අමතරව(රූප) තවත් දේවල් (නාම) වලින් මේ ලෝකය සමන්විත නිසා. විද්‍යාවට පර්යේෂණ කරන්නේ රූප ලෝකය ගැන පමණි. බුදු හාමුදුරුවෝ නාම සහ රූප යන දෙකොටසම ගැන මනා අවබෝධයක් ලැබුවා පමණක් නොව අනෙත් යට එය අවබෝධකරවීමෙහිලාත් සමත් වුණා. ඒ නිසා සබැ කරුණ නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක් කියන එකයි. විද්‍යාව විසින් සිත පිළිබදවද පිළිගත හැකි විශ්ලේෂණයක් ඉදිරිපත් කල යුතුයි. බටහිර මනෝ විද්‍යාව ගැන කතා කිරීමෙන් පලක් නැත. භාරතීය ඍෂිවරුන් විසින් ලොවට දායාද කර ඇති භාවනා ක්‍රමමගින් බටහිර විද්‍යාවට කිසිදා කල නොහැකි දේ කල හැකිය.

හැබැයි ඉතින් එහෙම වුණා කියලා බටහිර විද්‍යාවට කවුරු හරි බැණ බැණ ඉන්නවනම් ඌ පිස්සෙක්. බටහිර විද්‍යාව අපි හොදට ඉගෙන ගෙන අපේ රට දියුණු කරන්න අපි බටහිර විද්‍යාවේ දැනුම අනිවාර්යෙන්ම යොදා ගන්න ඕනේ. පෙරදිග දැනුම මෙන්ම බුදුදහමත් මුලිකත්වයේ තියාගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිව අන්තගාමී වෙලා එක කොනක් අල්ලාගෙන ඉදලා වැඩකට ඇති මතවාදයක් ස්ථාපිත කරන්ඩ බැහැ.රටක් දියුණු කරන්ඩත් බැහැ.

ඉහත ලිපියේ තවත් කොටසක් දෙස දැන් බලමු.

"ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි.

එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution]."

හොදයි. ඒ කියන්නේ රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවියා හැදෙන බවනේ.

රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීම කියල කිව්වට ඇයි එහේම එකතු වෙන්නේ? ඇයි සෑමවිටම එහේම සිද්ද වෙන්නේ නැත්තේ? ඔය රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය වෙද්දී ජීවයක් බැහැරින් ඇවිත් ඔය ක්‍රියාවලියට එකතු වීම සිදු නොවිය හැකි දෙයක්ද? රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවික් හැදෙනවානම් එය සෑම විටම එසේ කල හැකි විය යුතුයි. නමුත් උදාහරණයක් විදිහට නල දරු උත්පත්ති ක්‍රියාවලියේදී සෑම විටම එය සාර්ථක නොවන්නේ ඇයි? එක ඩිම්බයකට එක ශුක්‍රාණුවක් පමණක් මුසු කිරීමෙන් නල දරු උපතක් සිදු කල හැකි විය යුතු නොවේද? එසේනම් ඇයි එසේ සිදු නොවන්නේ?

එසේනම් ජීවය ගැන පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් කෙරෙන පැහැදිලි කිරීම 100% නිවැරදිද?

බුදුදහමට අනුව සත්වයා යනු නාම සහ රූප යන කොටස් දෙකේම එකතුවක්. නාම කොටස තුල ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ගැබ්ව පවතිනවා. එම නාම කොටස රූප කොටසින් වෙන්වූ විට ඒ සත්වයාගේ එම බවය අවසන් වෙනවා. නාම කොටස තුල ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය නිවන අවබෝධ කරන තුරු පවතිනවා. නිවන අවබෝධ කල සිතකින් එම ශක්තිය නැති වෙනවා.

චුතුපපාත නුවණ සහ පුබ්බේනිවාසානුස්සති නුවණ අවබෝධ කල හැක්කේ බුදුවරුන්ට පමණක් නොවේ. බුදුදහම ප්‍රයෝගිකව අනුගමනය නොකර, නිසි අධ්‍යනයක් නොකර පුනර්භවය අසත්‍යක් යයි පවසන්නේ බටහිර විද්‍යාවේ අන්තගාමී ලෙස ගැලී සිටීමට කැමති පිස්සන්ය.
By Lakmal Hettiarachchi


කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්‌තවිකත්වය නො වේ යෑයි වාස්‌තවිකත්වය යනු විඥනවාදී සංකල්පයක්‌ බව පෙන්වා දීමෙන් පසුව කිසිවකුට කිව හැකි ය. වාස්‌තවිකත්වය යන්න වස්‌තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්‌තුව යනු පංෙච්න්ද්‍රියට ගෝචර නො වන වියුක්‌ත සංකල්පයක්‌ බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන් වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්‌තු නො වන බව ය. උදාහරණයක්‌ ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතා කරන්නේ තමාට පෙනෙන කෝප්පයක්‌ ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කෝප්පයක්‌ ගැන නො වන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සැම විට ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන කෝප්ප ගැන පමණක්‌ කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක්‌ ගැන කතා කළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක්‌ ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාක්‍ෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමෙරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හැරෙන්නට වෙනත් සංසිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්‌තරා ආකාරයකින් ගත හොත් අභ්‍යqහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංෙච්න්ද්‍රියන් ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක්‌ යෑයි අපට කිව හැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක්‌ වෙළෙඳසලකට ගිය විට හෝ වෙනත් අයකු ගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංෙච්න්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක්‌ නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්‌ වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යqහනය වියුක්‌ත ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත් ම පංෙච්න්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක්‌ නො වේ.

වාස්‌තවිකත්වය යන වියුක්‌ත සංකල්පය නො පිළිගත්ත ද අපට නො පෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදු වෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංෙච්න්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක්‌ දන්නා, එනම් පංෙච්න්ද්‍රිය ගෝචර නො වන කෝප්ප ඔහු අභ්‍යqහනයෙන්, එනම් මනසේ ඇති වන ක්‍රියාවලියකින් පමණක්‌ දැනගනියි. එවිට භෞතිකවාදියා ගේ කෝප්ප විඥනවාදී නො වන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක්‌ ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු, කිහිපයක්‌ පමණක්‌ පදනම් කරගනිමින් මුළු ලෝකය ම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥනවාදී ක්‍රියාවලියක්‌ තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු= හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන් ගේ පංෙච්න්ද්‍රියන්ට පමණක්‌ හසු වන ද්‍රව්‍යවලට පමණක්‌ සීමා විය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා භෞතික විද්‍යාව පංෙච්න්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක්‌ තේරුම් කර දිය යුතු යෑයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්‌ත ව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන නුදුන් හ. ඔවුහු දිගින් දිගට ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්‌ට්‍රොaන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත් හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක්‌ ඇති වන සංකල්ප නැති ව බැරි හෙයිනි. ඉලෙක්‌ට්‍රොaන ආදිය භෞතික වස්‌තූ+න් යෑයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නො හැකි ප්‍රශ්න එපමණ යෑයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොර ව පංෙච්න්ද්‍රියන් ගෙන් පමණක්‌ දැනගත හැකි සමතා කවුද? එපමණක්‌ නො ව කෝප්පයේ භෞතිකවාදී කතාව පංෙච්න්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පූර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක්‌ නො වන්නේ ද? කෝප්පයට තද බවක්‌ ඇත්තේ නිරීක්‍ෂකයා ගෙන් තොර ව ද? අපට වඩා ශක්‌තිමත් හස්‌තයක්‌ තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩි කිරීමට හැකි වන්නට තිබිණි. අප ඊනියා වස්‌තුවකට ඇතැයි කියන ගුණ අපේ පංෙච්න්ද්‍රිය මත ර¹ පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක්‌ නැත.

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නො පෙනෙන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධෝරක්‌ත, පාරජම්බුල ආදී වශයෙන් නම් කර ඇති කිරණ අපේ ඇස්‌වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක්‌ දීමට තිබිණි. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙයි. අපේ පංෙච්න්ද්‍රියන් ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංෙච්න්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ඉලෙක්‌ට්‍රොaන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැතැයි අයින්ස්‌ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්‌තු යෑයි කියෑවෙන වස්‌තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යෑයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්‌තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුqහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්‌තියට යැමක්‌ පමණකි. කිසි ම නිරීක්‍ෂකයකු නැති විට සිදු වන්නේ කුමක්‌ දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැති විට කුමක්‌ සිදු වේ ද යන්න දැනගත හැක්‌කේ පංෙච්න්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නො ව හුදෙක්‌ මනස යොදාගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥනවාදී ක්‍රියාවලියක්‌ තවත් ඇද්ද?

ඊනියා වාස්‌තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක්‌ නම් සංජානන සංකල්පවලින් ස්‌වායත්ත බව ය. සංජානන පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත වන්නේ යෑයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්‌වායත්ත යෑයි කියති. සංජානන නිරීක්‍ෂකයන් ගෙන් ස්‌වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක්‌ භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු= නොමැති කල සිදු වන්නේ කුමක්‌ දැයි දැනගැනීමට ක්‍රමයක්‌ නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල් බව (Bluishness) යන්න නිරීක්‍ෂකයා ගේ පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යෑයි පිළිගත්ත ද අපේ ඇස්‌ නිල් බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්‌වී නම් අපට ඊනියා නිල් බව නැති වීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල් බව ඇසට නොපෙනුණත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැති ව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක්‌ අතට සංකල්පයක්‌ නොමැති ව සංජානනයක්‌ හටගන්නේ කෙසේ ද? නිල් බව යන්න නිල් බව යන සංකල්පය සමඟ බැඳී ඇත. මිනිස්‌ නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥනයක්‌ සහිත සත්ත්වයකු ඊනියා බාහිර වස්‌තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්‌සේ හෝ එසේ නැති ව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක්‌ නැති ව නිරීක්‍ෂකයකු සංජානනයක්‌ ඇති කර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන්ට ද, බඹුන්ට ද මනස්‌ ඇත. පාරමී දම් පිරීමට වත්, කුසල් අකුසල් රැස්‌ කිරීමට වත් මනසක්‌ නොමැති ව නො හැකි ය. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මනස ඇත්තේ මිනිසුන්ට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්ත්වයන් ගේ මනස ප්‍රධාන ය. සිරුර නැති ව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්ත්වයෝ සංකල්ප සංස්‌කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩු ම තරමෙන් දෙවර්ගයක්‌ ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්‌ත සංකල්ප ය. සංයුක්‌ත සංකල්ප ඇති වන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප- සංජානන පොදියකි. මේසයක්‌ හෝ පුටුවක්‌ හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැත හොත් ස්‌පර්ශය හා මනස එකතු වී මේසයෙහි තද බව යන්න ඇති කරයි. එලෙස පංෙච්න්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇති කරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්‌ත සංකල්ප යෑයි අපි කියමු. සංයුක්‌ත සංකල්පයක්‌ යම්කිසි රූපයක්‌, තද බවක්‌, ගඳක්‌ සුවඳක්‌ ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිව හොත් සංයුක්‌ත සංකල්පයක්‌ පංෙච්න්ද්‍රිය ගෝචර ඇත්දැකීමක්‌ සමග බැඳී ඇත.

මේ සංයුක්‌ත සංකල්ප ද දෙවර්ගයකි. එක්‌ වර්ගයක්‌ අපට සෘජුව පංෙච්න්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්‌ත සංකල්ප වර්ගයක්‌ සෘජුව ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක්‌ ලෙස ගත හොත් ජීවිතයේ කිසි ම දිනක ඇපල් ගසක්‌ නො දුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක්‌ තිබිය හැකි ය. එසේ ඇපල් ගසක්‌ නො දුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස්‌ විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයා ගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සැම සංකල්පයක්‌ ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක්‌ පැන නො නඟී.

මහාචාර්ය නලින් ද සිල්වා


 


 



 

 



Tuesday, June 14, 2011

මහින්දාගමනය හා බැඳුණු හෙළ පුනරුදය

2600ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථාන්විතව සමරන බෞද්ධයන් වන අප විසින් අවබෝධ කර ගත යුතු තවත් වැදගත් සංසිද්ධියක්‌ ලෙස මහින්දාගමනය හා බැඳුන ලක්‌දිව පුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්‌දිව ඒකාලෝක වී ලක්‌වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක්‌ මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්‌තියක්‌ නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්‍යයකි.

මහින්දාගමනයට පළමුව ලක්‌දිව ස්‌ථිර වූ ශාසනයක්‌ නොපැවැති බැවින් බුදුසමය ස්‌ථිර ආගමක්‌ වශයෙන් ක්‍රියාකාරී වූයේ නැත. ඓතිහාසික තොරතුරුවලින් හෙළිවන්නේ ප්‍රාග් බෞද්ධ සමාජය තුළ දිව්‍ය, මනුෂ්‍ය, නාග, යක්‍ෂ යන විවිධ ගෝත්‍රිකයන් වාසය කළ බවත් බ්‍රාහ්මන ආගම, ශිව ආගම, ජෛන ආගම, පරිබ්‍රාජක ආගම මෙන්ම දෙවියන් ඇදහීම, ගස, ගල්, පර්වත, චෛත්‍යය, නැකැත් තරු ඇදහීම ඒ ඒ සමාජයන් අනුව ඒ ඒ පුද්ගලයන් අනුව, ක්‍රියාකාරී වූ බවයි. ඇදහීම් ක්‍රම තවදුරටත් ව්‍යාප්ත වීම් වශයෙන් අව් වැසි, සුළං ගිනි දේවත්වයෙන් සැළකූ අතර ඒ ඒ කර්මාන්තවලට අරක්‌ගත් විවිධාකාර දෙවිවරුන් පිළිබඳවද විශ්වාසයක්‌ පැවති බව පෙනේ. වංශ කතා ගත තොරතුරු පිරික්‌සා බලන විට ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලක්‌දිව බුදු දහම අදහන්නවුන්ද සිටි බව පෙනී යයි. එම තත්ත්වය උදා වීමට හේතුවු කරුණු අතර බුදුරදුන් තෙවරක්‌ම ලක්‌දිවට වැඩම කරලීම, ඉන්දියාවේ සිට වෙළෙඳුන්, සංචාරකයන් වරින් වර පැමිණීමත්, විජය රජතුමා සමග පැමිණි පිරිසට ශාක්‍ය වංශිකයන් වැඩි සංඛ්‍යාවක්‌ ඇතුළත් වීමත් ප්‍රධාන තැනක්‌ ගනී. ගිරිහඬු සෑය පිළිබඳ කතා පුවතින් හා තිරියාය සෙල් ලිපියෙන්ද ඒ බව තහවුරු වෙයි.

තෙවැනි ධර්ම සංගායනයෙන් පසු ලක්‌දිව ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි පිරිසට කිසිදු බාධාවකින් තොරව තම අරමුණ සාර්ථකව ඉටුකරලීමට හැකි වූයේත් බුදුරදුන් ජීවමාන කාලයේ පටන්ම මෙහි ව්‍යාප්තව පැවැති බුදු දහමේ අරුණාලෝකය නිසාමය. ශ්‍රී ලංකා සංස්‌කෘතිය බුදු සමයෙන් පෝෂණය වීමේ ආරම්භය බුදුරදුන්ගේ ලංකා ගමනයෙහි සිට සම්බන්ධ වූවකි. උන්වහන්සේගේ ලංකා ගමනයෙන් එම පෝෂණයෙහි මූල බීජයන් රෝපණයවූ නමුදු එය සරුවට වර්ධනය වී අතුපතර විහිදී මල් ඵල ලැබදෙන්නා වූ තත්ත්වයට පත්වූයේ දෙවන පෑතිස්‌ස රාජ්‍ය සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස පැමිණීමත් සමගය.

තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයා බුදු දහමේ පණිවිඩය ලෝකයේ ව්‍යාප්ත කිරීමෙහි යෙදුණේය. එකල ලක්‌දිව රජ කළ තිස්‌ස රජු සමග කලක සිට නොදුටු මිත්‍රත්වයකින් බැඳී සිටි අශෝක රජතුමා විශේෂ වරප්‍රසාද වශයෙන් සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස ලක්‌දිවට එවීය. එම දූත පිරිසට මිහිඳු හිමි සමග ඊට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දසාල, අභිඥලාභී සුමන සාමණේරයන් හා පණ්‌ඩුක උපාසක තුමා ද යන සත් දෙනා අයත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි පොසොන් මස පුරපසළොස්‌වක පෝදා දඹදිව වේදිස ගිරි නුවරින් පිටත්ව ලක්‌දිව මිහින්තලා පර්වතයට පැමිණියහ.

මෙදින ලක්‌දිව නැකත් කෙළි දිනයකි. මෙදින මුව දඩයමේ ගිය දෙවනපෑතිස්‌ රජතුමා මිස්‌සක පව්වේදී හතළිස්‌ දහසක පිරිස සමග තිසරණ සරණයට පත්වීම සිදුවූයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ චුල්ලහFථිපදොපම සූත්‍රය ඇසීමෙනි. මෙම සූත්‍ර දේශනාව සිදුකිරීමට පෙර මිහිඳු හිමියන් විසින් ලක්‌ රජතුමා හට ගැඹුරු බුදු දහම වටහා ගැනීමට තරම් බුද්ධියක්‌ ඇත්දැයි දැනගැනීම සඳහා අඹ පැනය හා නෑ පැනය යන ප්‍රශ්න දෙක විචාළේ සංවාදාත්මක ස්‌වරූපයෙනි. මිහිඳු හිමියන් විසින් සිරිලක ප්‍රථම දේශනාව ලෙස තෝරාගනු ලැබුවේ මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයට අයත් තුන්වන ඕපම්ම වග්ගයේ හත්වන සූත්‍ර දේශනාව වන චුල්ලහFථිපදෝපම සූත්‍රයයි. මෙසේ වීමට හේතු කාරණා කිහිපයක්‌ පෙන්වා දීමට හැකිය. ආගන්තුක දහමක්‌ දෙවන පෑතිස්‌ රජු ඇතුළු රටවැසියනට කියා දීමට පෙර දහමේ ස්‌වභාවය එය දරන්නෝ කවරාකාරයෙන් ද ආදී වශයෙන් අවබෝධය ලක්‌ ජනයාට ලබාදී එතුළින් මිහිඳු හිමියන් විසින් රැගෙන ආ දහම වුවද භාරගත යුතු හෝ භාරගත නොගතයුතු බව තීරණය කිරීමට අවස්‌ථාව සලසා දීම ඒ අතර ප්‍රධානය.

ලංකා ගමනයෙන් දෙවන දින දෙවන පෑතිස්‌ රජුගේ මාළිගයේදී දහවල දානය වළ¹ අවසානයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වන පේතවFථු දේශනයද අනතුරුව විමාන වFථු දේශනාව ද සිදුකරනු ලැබුවේ අකුසලය පලදීම සහ කුසලය පළ දීම සිදුවන ආකාරය පිළිබඳව අවබෝධය ලබා දෙමින් දානය කුසලයක්‌ බවත් එහි අනුසස්‌ දැක්‌වීම සඳහා කුසලයේ විපාක සුවදායක අයුරු පෙන්වා දෙමින් අකුසලයෙහි විපාක දුක්‌ඛ සහගත කටුක විපාක බව දක්‌වමින් ජනයා කුසලයට නැඹුරු කරලීම සඳහාය. දෙවන දිනම සවස්‌ යාමයේදී රාජකීය ඇතුහලේදී තෙවන මිහිඳු දේශනාව වන සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ උපරිපණ්‌ණාසකයට අයත් දේවදූත නම් වූ සූත්‍ර දේශනාව සිදුකර ඇති අතර මෙහි අන්තර්ගත වන්නේ කාය සුචරිතයේ වචී සුචරිතයෙහි හා මනෝ සුචරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු සුගතිගාමී වන බවත් කාය දුච්චරිතයේ "වචී දුච්චරිතයෙහි හා මනෝ දුච්චරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු දුගතිගාමී වන බවත් එහිදී සුගතියට පත් වන්නා සැප විඳින බවත් දුගතියට පත් වන්නා දුක්‌ විඳින බවත්ය. මෙම දේශනාවද ඉතා වැදගත් පසුබිමක්‌ සකස්‌ කරනු ලබන්නේ පුද්ගලයාට තම ජීවිත කාලයේදී තම ඇවතුම් පැවතුම් සකස්‌ කර ගැනීමට මංපෙත් විවර කරවීමට සමත් වන නිසාය.

හත්වන මිහිඳු දේශනාව වශයෙන් දේශනා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ දහනම වන ආසිවිස වග්ගයේ පළමු සූත්‍රයයි. මෙහිදී ආසිවිසෝපම සූත්‍රයෙන් ලක්‌ ජනයාට මිහිඳු හිමියන් විසින් බුදුසමයේ අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව කිරියා, ආනුපූර්ව ප්‍රතිපදාව පහදා දීම සිදුකර ඇත. අට වන මිහිඳු දේශනය වන්නේ රජෝවාද සූත්‍රයයි. මෙම සූත්‍රය මිහිඳු හිමියන් දේශනා කරනු ලැබුවේ දෙවන පෑතිස්‌ රජ ඇතුළු පාලක පිරිසටය. රටේ පාලකයා ධාර්මික වූ කලී ජනයා ද නායකයා අනුව යමින් ධාර්මික වන අතර පාලකයා අධාර්මික වන විට ජනයා ද අධාර්මික වන බව ඉන් රට නිසරු වන බවත් දක්‌වන අතර එනිසාවෙන් පාලකයා නිරතුරුවම ධාර්මික අයෙකු ලෙසින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.

මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඩගස්‌සවා ගැනීමට මංපෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්‌කෘතික වශයෙන් වූ සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයට මහින්දාගමනය පුරෝගාමී විය. මහින්දාගමනයට පෙර යම් යම් ආගමික කටයුතු පැවැති බව වංශකතා සාක්‍ෂි දරන නමුදු එකදු ආගමක්‌ වත් තහවුරු වී නොතිබුණි. මහින්දාගමනයෙන් පසු බුදු දහම මුල් බැස ගැනීම නිසා ගමක්‌ පාසා බෞද්ධ විහාරාරාම ඉදි විය. අහස සිඹින මහා දා ගැබ් ඉදිවිය. මෙනිසාම ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය මේ උතුම් පින් බිම තුළ ඉදිවිය. සිත් පිත් නැති කලු ගල් කුලකට මෙත් කරුණා ගුණ පෙවූයේ මහින්දාගමනයෙන් ලත් මානව සන්තාන ගත සන්හිඳියාව නිසාවෙනි. එසේම මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතුවිලි, සිරිත් විරිත්, ගුණධර්ම, කලා ශිල්ප, ආගමික විශ්වාස ආදියෙහි විශාල වෙනස්‌කම් ඇති වෙමින් බුදු දහමින් පෝෂණය වූ සංස්‌කෘතියක්‌ බිහි විය. සිංහල සංස්‌කෘතිය ද බෞද්ධ සංස්‌කෘතියම වෙමින් බුදු දහමින් පෝෂණය වන්නට විය.

මහින්දාගමනය හා බැඳුණු රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව පැවැත්වූයේ ඉතා චාම් සරල ක්‍රමයකටය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස්‌ හා ක්‍රමානුකූල රාජාභිෂේකයකට අවශ්‍ය කකුධ භාණ්‌ඩ තෑගි වශයෙන් ලැබුණ පසු දේවානම්පියතිස්‌ස රජතුමා ද මෞර්යය රාජවංශ ක්‍රමයට දෙවැනි රාජාභිෂේක උත්සවයක්‌ පැවැත්වූවේය. බෞද්ධකමත් රාජ්‍යත්වයත් ඒකාබද්ධ වෙමින් බෞද්ධකම රටේ රජකම වැනි උසස්‌ම තත්ත්වය ලබා ගැනීමේ අනිවාර්ය සුදුසුකම විය. එළාර වැනි ද්‍රවිඩ රජුන් පවා බුදුදහමට පුද සත්කාර කරනු ලැබුවේ මේ නිසාවෙනි. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, දස පුණ්‍ය ක්‍රියා යන බෞද්ධ ඉගැන්වීම් රජතුමා විසින් පිළිපැදිය යුතු මාර්ගය විය. පාලන ප්‍රතිපත්තිය වූයේ දඬුවමින් තොරව හා අවි ආයුධවලින් තොරව පාලනය කිරීමයි. දාඨා ධාතුව, පාත්‍ර ධාතුව මෙරටට ගෙන ආ පටන් ආරක්‍ෂා වූයේ රජතුමා භාරයේය. උතුම් වස්‌ත්‍ර දෙක යම් කෙනෙකුට අයත් නම් ලක්‌ රජය ඔහු සතුය යන විශ්වාසය තහවුරු විය.

බෞද්ධ සමාජය හා බැඳුණු ආර්ථික පසුබිම හා සැලකීමේදී බෞද්ධ සමාජයේ ගොවිතැන උසස්‌ ලෙස සලකුණු ලැබීය. එය දැහැමි රැකියාවක්‌ විය. "මඩ සෝදා ගත් ගොවියා රජකමට වුව අගී" යන පිරුළ ඇති වූයේද කෘෂිකර්මාන්තයේ උසස්‌කම සැලකීමෙනි. එනිසාම ලෝකයේ අද්විතීය වාරි තාක්‍ෂණත් මෙරටෙහි නිර්මාණය විය. එසේම මහින්දාගමනයෙන් අප ලද තවත් වටිනා දායාදයක්‌ ලෙස අධ්‍යාපනික පසුබිම පෙන්වා දිය හැකිය. ප්‍රාග් බෞද්ධ යුගයෙහි අක්‍ෂරවලින් ලියන ලද යමක්‌ සොයා ගැනීම අපහසුය.

ලක්‌දිවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බ්‍රාහ්මි අක්‍ෂර මාලාව සහිතව සකස්‌ වූ අක්‍ෂර හෝඩියක්‌ අපට ලැබුණේ යෑයි සිතිය හැක. පාලි භාෂාව හා වෙනත් භාරතීය භාෂාවන්ගේ සම්මිශ්‍රණය නිසා සිංහල භාෂාව පෝෂණය වූයේ යෑයි උගතුන්ගේ පිළිගැනීමයි. බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සිංහල බෝධි වංශය දළදා සිරිත, පන්සිය පනස්‌ ජාතක පොත, මුවදෙව්දාවත, සස¹වත, ගුත්තිලය ආදී ගද්‍ය පද්‍යා සාහිත්‍ය කෘති සමූහය නිසා සිංහල සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වූයේ බුදු සමයෙන් ලත් පෝෂණය නිසාමය. එසේම එදා පාලි අට්‌ඨ කතා සම්පාදනය සඳහා ලක්‌දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන්ට මහෝපකාරී වූ හෙළ අටුවාවන්ද සම්පාදනය වී තිබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් යයි ඇතැමුන්ගේ පිළිගැනීමයි.

සමාජීය වශයෙන්ද මහා ප්‍රබෝධයක්‌ ඇති කරලමින් ලක්‌දිව සමාජ පසුබිම කෙරෙහිද මහින්දාගමනයෙහි බලපෑම සිදුවිය. පන්සිල් සමාදන් වී කටයුතු ඇරඹීමත් පෝදා අටසිල් සමාදන් වීමත් ජාතික සිරිතක්‌ විය. පොහෝදා සියලු ව්‍යාපාර නතර කළ යුතු විය. සතර පෝය ප්‍රසිද්ධ නිවාඩු දින විය. සිංහලයන් අතර බෞද්ධ සංඥනාම ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ලක්‌වැසියා තුළ පරිත්‍යාගශීලී බව, ආගන්තුක සත්කාරය, පරෝපකාරය, ඉවසීම, තැන්පත්කම, කරුණාව, මෛත්‍රිය, පිනට ලැදි බව ආදී ගුණ ධර්ම බල පවත්වන්නට වූයේ මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් බුදුදහමේ ආභාෂය ලැබීම නිසාය. ලාංකිකයන්ගේ සිත් සතන් තුළ මානුෂීය හැඟීම් සනිටුහන් කරලීමට අවැසි වටපිටාවක්‌ බුදුදහමේ ආභාෂයෙන් ලැබී ඇති බව වර්තමාන තත්ත්වය අනුව අතිශයෝක්‌තියක්‌ නොවන බව අපට හැඟී යන්නකි.

ලක්‌වැසියාගේ විනෝද ජීවිතයේ ද මහත් විපර්යාසයක්‌ ඇති වූයේ ද මහින්දාගමනයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයෙනි. භාතිකාභය වැනි රජවරු නැටුම්, ගැයුම්, වැයුම් ද ආගමික උත්සව සඳහා යොදා ගත්හ. වෙසක්‌ උත්සවය ජාතික බෞද්ධ උත්සවයක්‌ විය. දුටුගැමුණු රජතුමා වසරක්‌ පාසා වෙසක්‌ උත්සවය පැවැත්වීය. එසේම පොසොන් උත්සවය, කඨ§න පූජෝත්සවය වැනි උත්සව තුළින් බෞද්ධ සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරලීමට අවැසි වටපිටාවක්‌ නිර්මාණය වීම මහින්දාගමනය තුළින් ලද දායාදයකි.

මිහිඳු මහා රහතන් වහන්සේ ලක්‌දිවට පැමිණ මිහිඳු දේශනා තුළින් ක්‍රමයෙන් ක්‍රමානුකූලව සකස්‌ කරන ලද මේ තම්බපණ්‌ණි දීපය ස්‌වයංපෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කියූ දැහැමි රටක්‌ විය. මිනිසත්කම උතුරා හැලුනි. මහින්දාගමනය තුළින් අපි ලද දායාද පෙරටු කොට ගෙන වර්තමාන සමාජය තුළ පොසොන් උදාව මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බෞද්ධ සිත් සතන් තුළ ශ්‍රද්ධා මහිමය වඩවමිනි. මහින්දාගමනයෙන් පුනරුදයට පත්වූ වර්තමාන සමාජ, ආගමික, සංස්‌කෘතික සමාජ පසුබිම තුළ ජීවත් වන අප විසින් සුපිරිසිදු ඇවතුම් පැවතුම් ඇති කොට ගෙන තම ජීවිත සකස්‌ කොටගෙන තිබෙන්නේ ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේම අප ලද නිර්මල වූ බුදු දහම මතු පරපුරට උරුමකර දීමට පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය ද උදාවී ඇත. "යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති" යන බුදු වදනට අනුව යමෙකු මේ පොසොන් සමයේ මිහිඳු මා හිමි ගුණ සමරන්නට සිතන්නේ නම් පිළිවෙත් පෙරටු කොට එය සිදුකළ යුතුමය. එවිට මිහිඳු ගුණයෙන් මේ මිහිතලයම නිවී සැනසෙනු නොඅනුමානය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී යූඑස්‌පී පීඑස්‌සී
එක්‌සත් ජනපද තානාපති හා එක්‌සත් ජාතින්ගේ
ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත
නිව්යෝක්‌ - එක්‌සත් ජනපදය.

Monday, June 13, 2011

ථෙරවාදය හා මහායානය

බුදුදහම හා ථෙරවාදය අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධතාව බුදුන්වහන්සේගේ කාලයෙහි පටන් අද දක්‌වා අවිච්äන්නව පැවත එන මහා සම්ප්‍රදායේ එක්‌ මූලික වූත් ඉතා වැදගත් වූත් සමස්‌ත බුදුදහමේ සාරය කැටිකර ගත්තා වූත් මහා ඥන ප්‍රවාහයකි. එතකුදු වුව මහායාන දර්ශනය බිහිවීමත් සමඟ ඇරැඹි නව නිකායික අදහස්‌ ලොව පුරා ව්‍යාප්ත වූ අතර එය වරෙක මුල් බුදුසමය හා එක්‌වද වෙන්වද ස්‌වාධීන ලෙස ගමන් කරයි. අයෙක්‌ මහායානික අදහස්‌ ථෙරවාදයේ දියුණු අවස්‌ථාවක්‌ ලෙස දකියි. ආයෙත් එය මූලික බුදුසමය ගැඹුරින් විශ්ලේෂණය කරන ලද අවස්‌ථාවක්‌ ලෙස සලකයි. එහෙත්, බොහෝ අවස්‌ථාවලදී ථෙරවාදී අංග ලක්‍ෂණ සමඟ ඒකමිතියක්‌ දක්‌වන මහායාන දර්ශනය බුද්ධත්වය, බුද්ධ ශරීරය, බෝසත්බව හා රහත් බව යන සංකල්පයන් පිළිබඳ දක්‌වා ඇත්තේ එකිනෙකට පරස්‌පර වූ මතවාදයන්ය. මෙම මතවාදයන් පාලි ත්‍රිපිටකය හා පදනම් වන අතරම ත්‍රිපිටකයෙහි ඇති ඇතැම් කරුණු පිළිබඳ දක්‌වා ඇති වෙනත් ආකාරයක දෘෂ්ටිමය භාවිතයක්‌ වේ. ඒ කෙසේ වතදු ථෙරවාදය හා මහායානය තුළ පවතින සාම්‍යයන් මෙන්ම දෘෂ්ටිමය පරස්‌පරයන් මූලික ලෙස කේන්ද්‍රගත වී ඇත්තේ බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන නමැති මූලික තත්ත්වය සාක්‍ෂාත් කරගැනීමේ අරමුණෙනි.

ථෙරවාදයට අනුව බුදුන් වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙකි. සැබෑ මනුෂ්‍යයෙකු වූ බුදුන් වහන්සේ සිය උට්‌ඨාන වීර්යයෙන් හා ප්‍රඥවෙන් උත්තරීත්වයට පත්වී දෙවියන්ට මෙන්ම සකල සත්වයන් හට වෙහෙස නොබලා ධර්මය දේශනා කොට ඔවුන් දුකින් මුදවාලයි. මෙම දුකින් මුදවීම යන සංකල්පය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි. බුදුන් වහන්සේ සත්වයා දුකින් මුදවාලනු ලබන්නේ එයින් මිදීමේ මාර්ගය අවබෝධ කර දීමෙන් මිස කිසිදු ආකස්‌මිත බලවේගයක ප්‍රතිඵලයක්‌ ලෙස නොවේ. බුදුන්වහන්සේ අනිකුත් කිසිදු තීරණාත්මක දෙවි කෙනකුගේ ගැලවීමක්‌ හෝ වරදින් මුදාහැරීමක්‌ කිසි කලෙකත් අනුමත නොකරන ලද අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය පෝෂණය කිරීම මගින් ඔවුනගේ ගැලවීම හෝ දුකින් මිදීම ඔවුන් වෙතම පවරා දුන්හ. මෙසේ උත්තම මානුෂික ලක්‍ෂණ විදහා දැක්‌වූ බුදුන්වහන්සේ මූලික කොට ගනිමින් නිර්මාණය වී ඇති විවිධ ජනප්‍රවාද හා ඓතිහාසික කතා ප්‍රවෘත්ති මගින් උන්වහන්සේගේ සැබෑ මානුෂික ලක්‍ෂණ දේවත්වයක්‌ කරා පරිවර්තනය කොට ඒ ඇසුරින් උන්වහන්සේගේ උතුම් මානුෂීය ලක්‍ෂණ යටපත් කොට ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. පාලි පෙළපොත්වල ද සමහර අවස්‌ථාවන්හිදී මෙම ලක්‍ෂණය විද්‍යමාන වුවත් බුදුන්වහන්සේ සැබෑ මනුෂ්‍යයකු විනා මනුෂ්‍ය ස්‌වභාවය ඉක්‌මවූ ආශ්චර්යවත් අද්භූත පුද්ගලයකු නොවන බව ත්‍රිපිටකය විවේද බුද්ධියෙන් හැදෑරීමෙන් පැහැදිලිව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි කාරණයකි.

ථෙරවාද ත්‍රිපිටකය බුදුන්ගේ මානුෂික ලක්‍ෂණ ඉතා විශ්වසනීය ආකාරයකට පෙළගස්‌වන අතරතුර බුදුන්වහන්සේගේ අතිමානුෂික ලක්‍ෂණ ද අතිශෝක්‌තියෙන් වර්ණනා කොට තිබේ. එහි පසුකාලීන ප්‍රතිඵලයක්‌ වූයේ බුදුන් යනු කවරෙක්‌ද? යන්නෙන් පැනනැඟුණු මූලික ගැටලුව හා ඒ හා බැඳුණු උන්වහන්සේගේ ලෝකෝත්තර තත්ත්වය කවර ආකාරයට විද්‍යමාන වේද? යන්නෙන් පැනනැගුන අදහසයි. මෙම ගැටලු නිරාකරණයේදී පෙළපොත් ඇසුරින් සාකච්ඡාවක නිරත වන මහායානිකයෝ ඒ හා බැඳුණු ධර්ම කරුණු අරභයා නවතම අර්ථකථනයක්‌ දීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මූලික වශයෙන් මහායාන දර්ශනයට අඩිතාලම වැටිණි.

වස්‌සක්‌කාර නම් ඇමැතිවරයෙක්‌ බුදුන්වහන්සේ හමුව ඔබ වහන්නේ කවරෙක්‌ද? මනුෂ්‍යයෙක්‌ද? යක්‍ෂයෙක්‌ද? දෙවියෙක්‌ද? බ්‍රහ්මයෙක්‌ද? ආදී ඇසූ ප්‍රශ්නවලට බුදුන්ගේ පිළිතුර වූයේ ඒ කිසිවෙක්‌ නොවෙමි. "බුදුවරයෙක්‌ වෙමි" යන්නයි. මෙම පිළිතුර අර්ථකය කරනු ලබන මහායානිකයන්ගේ අදහස වූයේ බුද්ධත්වය, මනුෂ්‍ය, යක්‍ෂ, දේව, බ්‍රහ්ම ස්‌වරූපය ඉක්‌මවා ගිය තත්ත්වයක්‌ ලෙසයි. මෙම තත්ත්වය පුළුල් ලෙස විවරණය කරනු ලබන මහායාන ධර්මය බුද්ධත්වය යනු බාහිර පැවැත්මකින් තොර රූපකායක්‌ නොමැති පරමාර්ථ සත්‍යයම පමණක්‌ වන බව ප්‍රකාශ කළ අතර ථෙරවාදීන් පිළිගන්නා බුදුන්ගේ කායික ස්‌වරූපය ප්‍රතික්‍ෂේප කරමින් බුද්ධකාය ධර්මකායම බව අදහස්‌ කළේය. බුදුන්ගේ රූපකාය ප්‍රතික්‍ෂේප කළ මහායානිකයෝ එම ප්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතු සාධක පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙන්ම සොයා ගැනීමට අමතක නොකළ අතර බුදුන් වදාළ "යො ධම්මා පස්‌සති සො මං පස්‌සති" යන ගාථා පාඨය පිළිබඳ විවරණයක යෙදෙමින් මහායානිකයෝ එම ගාථා අර්ථය තුළින් මතුවන යමෙක්‌ ධර්මය දකින්නේ ද හේ මා දකියි යන මූලික අදහස බුදුන් විසින් රූපකාය ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන අවස්‌ථාවක්‌ ලෙස විග්‍රහ කරති. එහෙත් මෙහි අර්ථය වනුයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවේ ඇති වටිනාකම විනා බුදුන් රූපකාය ප්‍රතික්‍ෂේප කිරීමක්‌ නොවේ.

ථෙරවාදීන්ට අනුව පැහැදිලි ලෙස බුද්ධකාය සහ ධර්මකාය යනුවෙන් ප්‍රධාන සංකල්පයන් දෙකක්‌ අර්ථවත් වුවත් මහායානයට අනුව බුද්ධකාය යනු පරමාර්ථ සත්‍යයම යන්නයි. ඒ අනුව පරමාර්ථ සත්‍යය ලෝකයාගේ යහපත පිණිස මනුෂ්‍ය ස්‌වරූපයෙන් මෙලොව ඉපදී බුදු වී දහම් දෙස පිරිනිවන් පානා බව මහායානික මතයයි. එහෙත් මෙහිදී පැනනැඟුණු මූලික ගැටලුවක්‌ වූයේ මෙසේ පරමාර්ථ සත්‍යය මගින් නිර්මාණයක්‌ කෙසේ බිහිවන්නේද? යන මූලික ගැටලුවයි. මන්ද මහායාන චින්තනයට අනුව බුදුවරු යන්න හුqදු නිර්මාණයක්‌ විනා සත්‍ය වූ රූපයකින් හෙබි ශරීරයක්‌ නොවන බැවිනි. පරමාර්ථ සත්‍යය මගින් නිර්වාණයක්‌ කෙසේ බිහිවේද? යන ගැටලුව විසඳීමේදී ඔවුන් එය සම්භෝග කාය තුළින් පෙනී සිටින බවත් සම්භෝග කාය යනු සත්‍ය වශයෙන්ම පරම සත්‍යය පුද්ගල ස්‌වරූපයෙන් බෝසතුනට වැටහෙන ආකාරය බවත් අදහස්‌ කළේය. බෝසතුන්ට එය පරසම්භෝග කාය නම් වන අතර බුදුවරුනට එය සවසම්භෝග කාය නම් වේ. එසේම බුද්ධත්වය පිළිබඳ තවදුරටත් අදහස්‌ දක්‌වන මහායානිකයෝ බුද්ධත්වය එක්‌ බුදුවරයකුට පමණක්‌ සීමා නොවන බවත් අසංඛ්‍ය සංඛ්‍ය බුqදුවරුන් රාශියක්‌ සිටින බව ද එයට අමතරව පරමාර්ථ සත්‍යය හෙවත් බුදුවරු ඒ ඒ දිශාවකට වෛරෝචක, අතෝෂභය, රත්නසම්භව, අමිතාභ, අලෝසසිද්ධි යනුවෙන් පාදූර්භූත පහක්‌ වන බව ප්‍රකාශ කරන අතර අපරදිගට අධිපති අමිතාභ බුදුන් විසින් නිර්මාණය ප්‍රදනය කරන බවත් මහායානය පවසයි. මේ සඳහා කළයුත්තේ උන්වහන්සේට වැඩි වශයෙන් නමස්‌කාර කිරීම බවත් සඳහන් කරමින් අමිතාභ බුදුන් නිර්මාණය ප්‍රදාහය කරනු ලබන නිර්මානාත්මක සංකල්පයක්‌ බව ප්‍රකාශ කරයි.

මෙය ථෙරවාදී දර්ශනයට කෙසේවත් නොගැලපෙන්නකි. මුළු බුදුසමය මත පදනම් වූ ථෙරවාදයට අනුව නිවන ප්‍රදානය කරනු ලබන කිසිදු පුද්ගලයකු හෝ නිර්මාණයක්‌ හෝ දෙවියකු නොමැත. එය පුද්ගලයා විසින් ප්‍රඥවෙන් හා උට්‌ඨාන වීර්යෙන් ළඟා කරගත යුත්තකි. මේ අනුව නිවන සාක්‍ෂාත් කිරීම සම්බන්ධයෙන් ථෙරවාදය හා මහායානය ඉඳුරාම වෙනත් මාර්ගයක්‌ දෙකක්‌ ඔස්‌සේ ළඟාවෙයි. මේ සියලුම අදහස්‌ පිළිබඳ විමසීමේදී අපට පෙනී යන මූලික ලක්‍ෂණයක්‌ වනුයේ මහායාන දර්ශනය තුළ බුද්ධත්වය හා නිවන යන සංකල්ප ඉතා සංකීර්ණ ස්‌වභාවයක්‌ ගන්නා බවයි. නිර්මාණවාදය මෙන්ම පුද්ගල විමුක්‌තිය ගැලවුම්කරුවකු අත තීරණය වීම මුල් බුදුසමයට ඉඳුරාම පටහැනිය.

තතු එසේ වුවද ථෙරවාදය මෙන්ම මහායානය ද චතුරාර්ය සත්‍යය, හේතුඵලවාදය වැනි කරුණු හා එකඟ වීමක්‌ දක්‌නට ඇති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස්‌ සොයා ගැනීමට අපහසුය. ථෙරවාදී බුදුදහමේ පවතින විsවෘත භාවය අනිකුත් සියලුම ආගමික දර්ශනයක්‌ අභිබවා සිටී. වජ්‍රයානය, තක්‌ත්‍රයානය පමණක්‌ නොව ශුන්‍යතාවාදය ආගමික ක්‍ෂේත්‍රය තුළ බිහි වූ තම මතවාදයක්‌ වූයේ ද බුqදුදහමේ ඇති විවෘතභාවය කරනකොටගෙන වන අතර ඒ සඳහා උපස්‌ථම්භක වූ මුල් බුදුසමය තවමත් අඛණ්‌ඩ ලෙස පුහුදුන් මිනිසාගේ ජීව ශක්‌තිය විශ්ව ශක්‌තිය බවට පත්කරයි.
 
සුලෝචන වික්‍රමසිංහ