Wednesday, July 27, 2011
‘මායාවරුන්ගේ දින දර්ශණය සහ 2012 ලෝක විනාශය’
Wednesday, July 13, 2011
යහපත් සිතින් ලෝකය දැකීම!
මෙය ලබා ගැනීම සිතනා තරම් පහසු කාර්යයක් නොවේ. දික්‌විජය කළ යුතුය. තමන්ගේ බල පරාක්‍රමය මෙහෙයවා අනිකුත් රජවරු තමන් යටතට ගත යුතුය. තමාගේ පෞද්ගලික හැඟීම් ගැන නොසලකා ආචාර ධර්ම නොසලකා සටන් වැදිය යුතුය. යුද්ධයේ ඇත්තේ එකම එක ආචාර ධර්මයකි. ජීවිතය හෝ මරණයයි. යුද්ධය තුළ සියල්ල සාධාරණය. භාරතීය රජවරු පමණක් නොව නැපෝලියන්, සීසර් වැනි බටහිර රජවරුන් සියල්ල සාධාරණ යුද්ධයක් තුළින් රජුන් අතර රජෙක් වීමට උත්සාහ දැරූහ. ඔවුන්ගේ ධර්මය ඔවුන්ගේ ආගම යුද්ධය පමණක් වේ. පෙර කී ගෞරව නාමය ලැබීමට එවැනි යුද්ධයක් සිදු කළ යුතුය. එහෙත් අවාසනාවකට ඔවුන් අධිරාජ්‍යයන් බවට පත් වූ පසු ඔවුන්ගේ ඔටුන්නට යටත් වන ඔවුන්ට ගෞරවය පුද කරන පිරිසක් ඉතිරි නොවේ.
රජු යන නාමය ජනයා රංජනය කරන්නේ යමෙක්‌ද , ඒ රජු යන නමින් හැඳින්වේ. රංජනය යනු සතුටු කිරීමයි. දික්‌විජය ප්‍රතිපත්තිය තුළ එවැනි සතුටු කිරීමක් නොමැත. ඔවුන්ගේ බලය සියලු තැන පතුරුවන බැවින් එය රාජචක්‍රය නමින් හැඳින්වේ. චක්‍රය යනු රෝදයයි. එය කැරකේ. එවැනි රෝදයක් මෙන් ඔවුන්ගේ බලය පැතිරේ. අශෝක අධිරාජයා, සීසර්, නැපෝලියන් වැනි රජවරු එවැනි රාජ චක්‍රය පැතිර වුවත් එය බිඳ වැටුණි. මන්ද විශාල ප්‍රදේශයක් ආරක්‍ෂා කර ගැනීමට ඔවුහු අසමත් වූහ. පෙර සඳහන් කළ ගෞරව නාමය ලැබුවත් එය විනාශ වී ගියේය.
චක්‍රවර්ති රජුට ද මෙවැනි බලයක් ඇත. ඔහුගේ අවිය යුක්‌තියයි. ඔවුහු ධර්මය තුළ පිහිටා කටයුතු කරයි. ඔහුගේ යුක්‌තිය නමැති චක්‍රය රෝදයයි. ලොව සැම තැන විසිර පවතී. එසේ වීමට ඔහු මහා පුණ්‍යවන්තයෙක් විය යුතුය. තම බසට අවනත වන පෞරුෂයක් හා ගෞරවයක් තම ජීවිතය තුළ තබා ගත යුතුය. එම රජකම තවත් කෙනෙකුට පවරා දිය නොහැක. එය උපදවා ගත යුතුය.
අපිට ද රජෙක් ඇත. ඒ බුදු රජය. අපිටත් ගුරුවරයෙක් ඇත. අපේ ගුරු තිලෝගුරුය. බුදු රජුන්ගේ චක්‍රය ධර්ම චක්‍රයයි. එය තුන්ලොව පැතිර පවත්නා චක්‍රයකි. එනම් කාම, රූප, අරූප යන ලෝක තුනට අයත් දිව්‍ය ලෝක හයකුත් අපාය සතරකුත්, බ්‍රහ්ම ලෝකයත් එයට අයත් වේ. එයද ධර්මයකි. එහෙත් එය නිකම් නිකම්ම ධර්මයක් නොවේ.
මෙලොවදීම ප්‍රතිඵල ලබාදෙන අකාලික, අවියෙන් බියෙන් හසුරවන්නේ නැති පැමිණ බැලිය යුතු තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයකි.
මෙම ධර්ම චක්‍රය (රෝදය) අභියෝගයට ලක් කළ නොහැක. එනම් මෙය අසත්‍යයකි. වැරදි දෙයකි. පිළිපැදීම නිසා අවැඩක් ඇතිවන්නේ යෑයි කිව නොහැක.
ධම්මචක්‌ක සූත්‍රයේ ඇත්තේ ඒ අනුත්තර ධර්මයයි. එම ධර්මය බුදු රජු විසින් ම මනාව අවබෝධ කළ එකකි. ප්‍රඥ ඇස පිරිසිදු කරන එකකි. නුවණ ඇති කරන දහමකි. කෙලෙස් නැති කරන එකකි. දුක නැති කරන දෙයකි. අවබෝධය පිණිස පවතින දෙයකි. නිවන පිණිස පවතින දෙයකි.
ජනයා සතුටු කරවීමට මෙයටත් වඩා දෙයක් අවශ්‍යවේද? නැත අපේ බුදුරජ මෙසේ ජනයා සතුටට පත් කළ කෙනෙකි. එය තුන්ලොව සිසාරා පැතුරුණු චක්‍රයකි. ඇසූ ඇසූ දෙනා සතුටු වන සිත පහන් වන කාරණයකි. මෙය බුදු කෙනෙකු විසින් ම කළ යුතු දෙයකි.
මෙම ධම්මචක්‌ක දේශනය අසා මනු ලොව සිට අකනිටා බඹලොව දක්‌වා සාධුකාර දුන්නේය. එනම් සත්ත්වයා රංජනය වූවේය. සතුටට පත් වූයේය.
මෙම කාරණය නැවත මතකයට නැගිය යුත්තේ ඇයි. මෙම දම්සක් දේශනාව අසා දේශනා කොට අදවන් ඇසළ පොහෝ දිනට වසර 2600 ක් ගත වේ. විශ්මය එය අධිරාජ්‍යයන්ගේ රාජ්‍යයන් මෙන් ධර්ම චක්‍රය විනාශ නොවීමයි. සැබවින්ම මෙම ලෝක සත්‍ය මේතාක් කාලයක් නොනැසී පවත්නේ කවර කරුණක් නිසාද. කවර බලයක් නිසාද? මෙම ධර්මය පුරුදු කිරීමෙන් පුහුණු කිරීමෙන් ප්‍රඥව නමැති ඥානය උපදවන, විද්‍යාව උපදවා ආලෝකය උපදවන දහමක් නිසා ය.
අප අද දින කතා කරන්නේ මේ දහමේ එන එක් කාරණයක් ගැන ය. එනම් සම්මා දිට්‌ඨ§ය පිළිබඳවය. සම්මා දිට්‌ඨ§ය දෙයාකාරයි. ලෞකික සම්මා දිට්‌ඨ§ය, ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය, වශයෙන් ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය කියන්නේ නිවන සඳහා ඇති එකම මාවතයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ත්‍රිවිධ ශාසනය බව අවබෝධ කර ගැනීමයි. ප්‍රතිපත්ති, ප්‍රීතිවේද, පර්යාප්ති වශයෙන් හඳුන්වන මෙම ත්‍රිවිධ ශාසනය තුළ හැසිරීමෙන් පමණක් ම නිවන අවබෝධ කළ හැකි වේ.
ජාලය යනු දැලයි. බ්‍රහ්මජාලය යනු බුදුරජාණන් වහන්සේගේ ත්‍රිsවිධ ශාසනයෙන් බැහැරව වෙනත් ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් නිවන් බලාපොරොත්තුව කටයුතු කිරීම නිසා ඇතිවන අර්බුදයයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය ඇත්තේ නම් මෙවැනි අතරමංවීම් සිදු නොවේ. ඔබට ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය අවශ්‍ය ද? එසේ නම් සුවිශාල වූ හික්‌මීමකින් යුක්‌තව ලෝකය දෙස බැලිය යුතුය. සන්සුන් මනසට පමණක් ලෝකය අවබෝධ වේ. අගතිගාමී වේ නම් යථාවබෝධය ලැබිය නොහැක. මෙම අවබෝධය ලැබීමට පෙරාතුව ඔබ ලෞකික සම්මා දිට්‌ඨ§ය ලද යුතු වේ. මෙලොව ඇත. පරලොව ඇත. මව ඇත. පියා ඇත. දානයක් ඇත. යාගයක් ඇත. කුසලාකුසල කර්මයන්ට විපාක ඇත. දෙලොව ජයගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත යනාදී වශයෙන් දැක්‌මක් ඇතිකර ගැනීම මෙහිදී ප්‍රයෝජනවත් වේ. මෙය ධර්ම චක්‍රයක් වන්නේ කෙසේද? රජවරුන්ගේ රාජ්‍ය චක්‍රය භූමිය පුරා පැතිර පවත්නා සේ මෙම චක්‍රය සියලු මිනිසුන් අතර පැතිර පවතී. මොලාව පරලොව ඇතැයි විශ්වාස කරති. කිසි විටකත් ජීවිත හානියට හෝ අසද්ධර්මයකට පෙළෙඹෙන්නේ නැත. ඔහු නිතරම උත්සාහ කරන්නේ සෑම විටම තමාට හා සමාන වූ අයිතියක් ජීවත් වීමට සැපය අපේක්‍ෂා කිරීමකට, දුක නොකැමති වීමට, සන්සුන් මානසිකත්වයකට, ලෝකය භුක්‌ති විඳීමට සමාන වූ වරප්‍රසාදයක් තම තමන්ගේ කර්මයට අනුරූපව ලැබී ඇති බවයි.
සැබෑ මානව සබඳතාවන්ට ඔවුනොවුන් අතර අබෝධයට මෙය බෙහෙවින් ඉවහල් වේ. බාහිර සමාජ සබඳතා කෙසේ වෙතත් තම පවුල තුළ මාපිය දූදරු සබඳතා පවා මෙවැනි අවබෝධයකින් යුක්‌තව පවතී ද? එසේ පවතින්නේ නම් තම බිරිඳගේ දරුවන්ගේ අපේක්‍ෂාවන් නොසලකා බීමත්ව, එන පියවරුන් නොසිටිය යුතු ය. මානසික තෘප්තියට වඩා කායික තෘප්තිය උසස් කොට සලකන ගැහැනු, පිරිමි නොසිටිය යුතුය. සියලු අපේක්‍ෂාවන් උසස් පරමාර්ථයක් සඳහා එක්‌තැන් කර ගත් ජනතාවක් දැකිය හැකිය.ආතා අපේ
මේ ගෙවෙන්නේ කලියුගයයි. දැන් ඇත්තේ ධර්මයෙන් 1/4 කි. එනම් යමක් හොඳ යෑයි කියනා විට එය සැබෑ ලෙසම හොඳක් සේ දැකීමට කැමැති වන්නේ එක් අයෙකු පමණි. තිදෙනෙකුම කියා සිටින්නේ එය වැරදි බවයි. ඔබ කල්‍යාණ ධර්මයක් අනුගමනය කරනා විට එයට සහයෝගය දක්‌වන්නේ එය අගය කරන්නේ එක් අයකු පමණි. තිදෙනෙක් ම එය නින්දාවට ලක් කරයි. තත්ත්වය එසේ නම් මේ ලෞකික සම්මා දිට්‌ඨිය අත්‍යවශ්‍ය යුගයක් නොවන්නේද? කල්‍යාණ වූ ජීවන රටාවකට උරුමකම් කීමට ඔබ නොකැමතිද? මනුෂ්‍ය භවයක් ලැබීම ඔබ දකින්නේ අයිතිවාසිකමක් ලෙසද? වරප්‍රසාදයක් ලෙසද? එය අයිතිවාසිකමක් සේ සලකන තැනැත්තා සියල්ල තමාට අයිති වියයුතු ලෙසත්, සියලු දෙනා තමන් වෙත සේවය සැලසීමට සැදී පැහැදී සිටිය යුතු බවත් අපේක්‍ෂා කරයි. එහෙත් සැබෑ තත්ත්වය නම් කුමක්‌ද? මනුෂ්‍ය භාවය අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් පමණි. වරප්‍රසාදය ර¹පවතින්නේ එයට සුදුසු, එයට ආවේණික ගුණධර්ම ආරක්‍ෂා වනතෙක් පමණි. එය අහෝසි වන තැන වරප්‍රසාද අහෝසි වේ. ඔබ දිවයන්නේ මනුෂ්‍ය වරප්‍රසාදය අහෝසි වී යන පිළිවෙතකය. මඛාදේව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කරයි.
"මා කො ත්වං අනතිම පුරුසො හොති"
ඔබ මේ උතුම් ශාසනයේ පවත්වාගෙන යන්නන් අතර අන්තිමයා නොවිය යුතුය. මනුෂ්‍ය සංහතියේ අවසානය ළඟා කරන තැනැත්තා නොවිය යුතුය. ඔබ අප ගමන් කරමින් සිටින්නේ එවැනි මාවතක ද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මොහොතක එහි තේමාව වූයේ "පිළිවෙතින් පෙළ ගැසීමයි" ඔබේ පිළිවෙත ධර්ම චක්‍ර පිළිවෙතෙහි එන සම්මා දිට්‌ඨ§ය පදනම් වී ඇත්නම් ඔබ ලෝකයට ශාන්තියක් වනු ඇත. මතක තබා ගන්න මේ පැවසුයේ ඔබ අකමැති වුවත් ඇත්තකි.
උඩුහාවර සුමනරතන හිමි
බෝධි සත්වයෝ , දෙවියෝ සහ අනාගතය
Saturday, July 2, 2011
මෑත කාලයේ සඟ සසුනේ වූ වාදවිවාද
බංකුවාදය නම් වූ විවාදය 1900 ගණන්වල මුල් භාගයේදී ඇති වූයේ ඊට පෙර විහාරස්‌ථානවලට දහම් ඇසීම සඳහා පැමිණුන බැතිමතුන් බිම එලූ පැදුරක හිඳගෙන ධර්ම ශ්‍රවණය කිරීම සිරිතක් වූවත් බටහිර සංස්‌කෘතිය පැතිරීමත් සමඟ යුරෝපීය ඇඳුම හැඳගත් මධ්‍යම පාන්තික පිරිස් බිම හිඳගැනීමෙන් වැළකී පුටු හෝ බංකු මත හිඳගෙන දහම් ඇසීමය. මේ පිළිබඳව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධව පොත පතද ලියෑවිණි. 1910 දී මොරටුවේ මේධානන්ද හිමියන් විසින් ධම්මසාරවදීපනී නමින්ද එම වර්ෂයේදීම බුරුම ජාතික ෂ්‍යාඩෝ හිමියන් විසින් ගාරවාහාරවචිනිච්ඡය නමින්ද උස් පුටුවල හිඳගෙන බණ ඇසීමට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත. ඒ අදහස් වලට විරුද්ධව පිළිතුරු වශයෙන් කවිධජ කවිරාජ නමැත්තෙක් බංකුවාද විභංගය පොත ලිවීය.
තවත් ප්‍රසිද්ධ වාදයක් වූයේ පාරුපන වාදයයි. මෙය 1888 - 1898 කාලයේදී පැවතුන අතර මේ සම්බන්ධ ලිපි ගණනාවක්‌ම සමකාලීන සඟරාවලද පළවිය. භික්‍ෂූන් වහන්සේ විසින් සිවුරු පෙරවිය යුත්තේ එක් උරහිසක් වසාද (ඒකාංශපාරුපනය) නැතහොත් දෙඋර වසාද (උභයාංශ පාරුපනය) යන මාතෘකාව මෙයට විෂය විය. ආරම්භයේ රාමඤ්ඤ හා සියම් නිකාය දෙක අතර මෙම වාදය පැවතුනත් පසුව ඊට අමරපුර නිකායද එක් වීය. උතුරු ඉන්දියාවේ පැරැණි බුදුපිළිමවල බුදුන් වහන්සේ දෙඋර වසා චීවර පෙරවීම දක්‌නට ඇත. මේ අනුව 1900 දී රාමාඤ්ඤ නිකායෙන් පාරුපනවත නම් ග්‍රන්ථය පළකළ අතර සියම් නිකායේ කොග්ගල Æණාලෝක හිමි ඒකාංශ චීවර පෙරවීම අනුමත කරමින් පාරුපනපාළි ග්‍රන්ථය ලියමින් අඳනය චීවරයට වඩා දිග් විය යුතු බවද දැක්‌වීය. කෝදාගොඩ Æණාලෝක හිමි පාරුපන සික්‌ඛා නමැති ග්‍රන්ථයද අතුරලියේ සුමංගල හිමි පුරාණ පාරුපනවත හා අති පුරාණ පාරුපනවත නම් ග්‍රන්ථ ලිවීය. අවසානයේ සියම් නිකායේ හික්‌කඩුවේ සුමංගල හිමියන්ගේ පාර්ශ්වය විෙද්‍යාදය පිරිවෙන මුල්කොට උභය පාරුපනය පිළිගෙන ඒ අනුව චීවර පෙරවීම කළහ. එසේම රාමඤ්ඤ හා අමරපුර නිකායන්ද උභය පාරුපනය අනුගමනය කළහ.
18 - 19 වැනි සියවස් වලදී ඇති වූ සීමා සංකර වාද බෙහෙවින් ප්‍රසිද්ධිය. භික්‍ෂූන් වහන්සේ උපසම්පදා කිරීම සඳහා යොදාගන්නා සීමාව ලකුණු කිරීම හා බැඳ ගැනීම පිළිබඳ ශාසනික ඉතිහාසයේ බොහෝ විස්‌තර සඳහන්ය. ගොඩබිම සාදාගන්නා සීමාව (දැනට පොහොය ගෙවල්) බද්ධ සීමා වශයෙන්ද ජලාශයක සාදාගන්නා සීමාව උදකුක්‌ෙ€ප සීමාව යනුවෙන්ද හැඳින්වේ. සංඝරාජ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදී මල්වතු විහාර භික්‍ෂූන් සිය පොහොය සීමාව ඉඩ මදි නිසා එය විශාල කළේ සීමා ගල්වල මුල දක්‌වා අගල් කපා සීමා ගල නොගලවා අවශ්‍ය තරම් දුරට ඇදගෙන යැමෙනි. ඒ මන්ද සීමා ගල ගැලවුව හොත් සීමාව අවලංගුවන නිසාය. එහෙත් මෙහිදී අස්‌ගිරිවාසී භික්‍ෂූන් මල්වත්තේ උපෝෂථ සීමාව සංකර වී ඇති බවට චෝදනා කිරීමෙන් වාදයක් ඇති වීය. මෙය වැළැක්‌වීමට උපදෙස් දුන් සරණංකර සංඝරාජ ගැන රසවත් කථා පුවතක්‌ද ඇත. සංඝරාජ හිමියන්ගේ එක් ඇසක් නරක් වී තිබිණි. මෙම ආරවුල විසඳීමේදී දෙපාර්ශ්වය කැඳවූ නාහිමියන් අස්‌ගිරියත් මල්වත්තත් දෙකම මගේ ඇස් දෙක වාගේ ආදී ප්‍රකාශ කරන විට අස්‌ගිරි පාර්ශ්වයේ භික්‍ෂුවක් මල්වත්තේ පංසල ඔබ වහන්සේගේ කොයි ඇස වගේදැයි ප්‍රශ්න කළේ ලු. අමරපුර නිකාය ඇතිවීමෙන් පසු අභිනවයෙන් පැවිදි වූ පිරිස් බොහෝ වූයෙන් බලපිටියේ මාදුගඟේ සෑදූ සීමා මාලකයට යැමට ලෑලි පාලමක් යෙදීය. සියලු භික්‍ෂූන් එහි ඇතුළු වීමෙන් පසු සීමා මාලකය හා ගොඩබිම අතර සම්බන්ධය නැති කිරීම සඳහා පාලමේ සීමාමාලකයට සම්බන්ධවන කොටසේ පාලමක් වැනි වූ ලෑලි ඉවත් කළේය. 1845 දී සිදුවූ උපසම්පදාවේදී සීමාව ලකුණු කරගත්තේ ගඟේ ජලය ගෙන මාලකය වටා විසිකිරීමෙනි. 1851 දී අමරපුර නිකායේ තවත් පාර්ශ්වයක උගත් භික්‍ෂුවක් වූ ලංකාගොඩ ධීරානන්ද හිමි මෙම සීමාව වැරැදි බව (සංකර වී ඇති බව) පවසා එහි උපසම්පදා වූ සියලු දෙනාගේ උපසම්පදාව වලංගු නැතැයි ප්‍රකාශ කළේය. උන් වහන්සේ දැක්‌වූයේ වීසිකළ ජලය පාලමේ වැදීම නිසා මාලකය ගොඩබිම හා සම්බන්ධවූ බවකි. ඒ අනුව ඒ සියලු දෙනාට නැවත උපසම්පදා වීමට බල කෙරුණු අතර නැවත උපසම්පදාවේදී උපසම්පදා වර්ෂ ගණන් ගැනීම අනුව පෙර ජ්‍යෙෂ්ඨයන්ව සිටි අය කනිෂ්ඨයන් බවට පත්වීමත් ඒ අනුව නව ජ්‍යෙෂ්ඨයන්ට නමස්‌කර කිරීම ඔවුන්ට සිදුවීමත් නිසා මහත් අවුලක් සිදුවුණි. 1857 දී ධීරානන්ද හිමි බුරුමයේ සංඝරාජ හිමිට මේ පිළිබඳ විස්‌තර ලියවිල්ලක් යෑවූ අතර උන්වහන්සේ සීමා විවාද විනිච්ඡය කථා නමින් ලේඛනයක් ලියා එවීය. ඊට විරුද්ධ වූ අමරපුර මූලවංශික නිකායේ ප්‍රධාන අඹගහපිටියේ විමලසාර හිමි සීමා ලක්‌ඛනදීපනී නම් පොත ලිවීය. මෙම වාදය දැඩිසේ පැවතුන අතර සමහර වාදයන් සඳහා පොලිස් ආරක්‍ෂාව දීමටත් අධිකරණයට යැමටත් සිදුවී ඇත. මෙම වාදය වැළැක්‌වීමට බුරුමයෙන් එවූ ජාගර හිමියන් විසින් ලංකා ශාසන විසුද්ධි කථා නම් පොත ලිවීය. විමලසාර හිමියන්ගේ සීමා ලක්‌ඛනදීපනියට විරුද්ධව අමරපුර සද්ධම්මවංශික නිකායේ එවකට නායක රන්දොඹේ ධම්මාලංකාර හිමි සීමා නව දප්පන ග්‍රන්ථය ලිවීය. මෙම වාදය වසර 20 ක් පමණ පැවැතුණ අතර ඒ සම්බන්ධ ලිපි ලේඛන රාශියක් පලවිය. අවසානයේ කාණ්‌ඩ දෙක අනුනිකාය දෙකක් වශයෙන් බෙදී ගියේය.
සංඝයා වහන්සේට දානය දීම පිළිබඳව ද මේ ආකාරයෙන්ම වාදයක් ඇති විය. ඒ දානය දිය යුත්තේ කුමන ආකාරයේ සංඝයාටද යන්න මුල්කොටගෙනය. මේ වාදය නිසා 1886 දී දුස්‌සීල දාන විනිච්ඡය, 1889 දී සංඝ භත්ත විවාද විභේදනිය නමින්ද ග්‍රන්ථ පළවිය. බුව. 2440 පානදුරේ ඤාණවිමල තිස්‌ස හිමි සංඝ භත්ත විභාජනිය නමින් පොතක් පළ කළේය. 1895 දී අන්ද්‍රියෙස් අප්පුහාමි නමැත්තෙක් මේ මාතෘකාව මත දුස්‌සීල මර්දනය නමින් පොතක් ලියා ඇත. 1900 දී දුස්‌සීල සරණාගමනාදී විනිච්ඡය නම් ග්‍රන්ථය පළවී ඇත.
කතරගම දෙවි, පත්තිනි ආදී දෙවිදේවතාවුන්ට විහාරවල දේවස්‌ථාන සෑදීම හා ඇදහීම ගැන ඊට විරුද්ධව රාමාඤ්ඤ නිකායෙන් ප්‍රකාශයෙන් කිරීම හේතුවෙන් ඇති වූ වාදය මත 1898 දී උඩුගම්පොල ධර්ම කීර්ති හිමි විසින් බුද්ධලබ්ධි විසෝදනියද 1904 දී තොටගමුවේ පඤ්Æමෝලිතිස්‌ස විසින් සදාචාර විභාවනිය ද ලිවීය. 1895 දී මෙම වාදයට සම්බන්ධ වෙමින් එස්. එල්. පෙරේරා නමැත්තෙක් රාමඤ්Æවාද භංගය පොත පළ කළේය. ඒ අතර සියම් නිකාය විවේචනය කරමින් අමරපුර නිකායේ භික්‍ෂුවක් ම්‍රම්මවංස විනිශ්චය පොත ලියා ඇත. ඊට පිළිතුරු වශයෙන් සියම් නිකායික භික්‍ෂුවක් විසින් ශ්‍යාමනිකාය දීපනියද 1902 දී තොටගමුවේ පඤ්Æතිස්‌ස විසින් රාමඤ්ඤ දුර්මත විදාරණිය ද ලිවීය. වර්තමානයේ පවා රාමඤ්ඤ නිකායේ විහාරස්‌ථානවල දේවාල අඩුවී ඇත්තේ මේ නිසාය.
තෙරුවන් වැඳීමේ ක්‍රමය පිළිබඳව මෙවැනිම විවාදයක් ඇතිවීම නිසා 1899 දී කතළුවේ ධම්මරංසි හිමි විසින් කතළුවේ නමස්‌කාරවාදය ග්‍රන්ථය ලියා පළකළේය. ඊට පෙර 1889 දී දොඩන්දුවේ සරණජෝති හිමි නමස්‌කාරවාද විදාරණිය ලිවීය. 1924 දී සුධීරානන්දතිස්‌ස නම් හිමි නමක් නමස්‌කාරදීපනිය ලිවීය.
පිරිත් කීම පිළිබඳවද මෙවැනිම වාදයක් ඇති වීය. ඒ නිසා 1907 දී ඒ. ජී. ඒ. පෙරේරා නමැත්තෙක් පරිත්තවාද විනිච්ඡයො ග්‍රන්ථයද 1909 දී කේ. ඩී. ඩයස් නමැත්තෙක් පරිත්තවාද විනෝදනී වර්ණනාවද 1910 දී ඒ. ඒ. ඒ. පෙරේරා විසින් පර්ත්තවාද භේචයද ලියා ඇත. මේ ආකාරයෙන්ම අධිමාස පිළිබඳවද වාදයක් ඇතිවීය. ඉහත කී අයුරින් විශේෂයෙන් පසුගිය ශතවර්ෂ දෙක තුළ මෙවැනි වාද ගණනාවක් සිදුවී ඇති අතර ඒ සම්බන්ධ ඇති ලිපි ලේඛනවල ඒ ගැන වැඩිමනත් විස්‌තර දක්‌නට ලැබේ.
අනුෂි තිසරා කාරියවසම්
හාල්මැස්‌සාගෙනුත් කමටහනක්
නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
"සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක් බඳිමු ද?"
කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.
ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස් මාංශ නොවළඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක් වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.
ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර.
හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?
ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල්මැස්‌සා තුළ සත්වයෙක් පුදගයෙක් නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස් පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි.
ඔබ මෙවන් අවබෝධයක් ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක් බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක් වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න.
සසර නැවත මව්කුසක්, බිත්තරයක් තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය.
"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක,
මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්,
වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට
පමණක් මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
අනුනටද අනුකම්පා කෙරේවා!
වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා!
තමා තමාටම පිහිටකොට ගනිත්වා.."
යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
Wednesday, June 29, 2011
Saturday, June 18, 2011
හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය
විද්යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක්ද? From FaceBook Letters
විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ?
Contents of this post originally appeared as a is a response to http://rcgbs.wordpress.com/2010/10/04/001 අප මෙහි කතා කරන්නෙත් විශ්වයේ භෞතිකත්වය පමණයි. භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ. බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය [spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ belief එකකින් මිසක් understanding එකකින් නොවේ. ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද? විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ? ගොඩක් අය නොදන්න තැනක්. ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි. එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution] මෙය හැම ආගමකම බිඳ වැටීමක්. සියළු ආගම් කොටින්ම ආධ්යාත්මිකත්වය ගැන සියළුම ඉගැන්වීම පදනම් වන්නෙ ජීවියා ගේ සංකීර්ණත්වය විස්තර කරන බාහිර වූ අභෞතික දේවල් මත. මෙවැනි දෙයක් නැති තැන ආගමික පැහැදිලි කිරීම් වල අවශ්‍යතාවයක් නෑ. spiritual වෙන්න කැමති අයට ලෝකයේ අටෝරාසියක් ආගම් තිබේ. එක එක විදීහට විශ්වයේ spirituality ගැන ඒවායේ කියනවා. කර්මය, දෙවියන් වහන්සේ බ්‍රහ්මන් ආදී ලෙසට. හැම ආගමකම ඇත්තෙ spirituality ගැන belief එකක්. ඒක පුංචි කාලෙ brain wash කරල ලොකු උනාම කියවනව. හැබයි එය නම් ඔබේ ආසාව මා එයට ගරු කරනවා. භෞතික වූ විශ්වය වඩාත් සාධාරණ වූ ක්‍රමවේදයකින් හදාරණ විද්‍යාවට ගරහන්න එපා. ඔබේ නොදන්න කම [අවිද්‍යාව] විද්‍යාවේ වරදක් නොවෙයි. -------------------------------------------- තරමක කාලයක් මෙහි සටහනක් නොවැටීම නිසා, ටිකක් මේකෙන් ඈත් වන්නට අදහස් කළා. අවශ්‍ය නම් ඉහත සඳහන් මගේ බ්ලොග හරහා මා නැවත අවදි කරවිය හැකියි. ඉෂාන් ගෙන් හොඳ උත්තරයක් ලැබුනොත් අගෙයි. ගොඩක් දේවල් තැන් තැන් වල ලියා ඇති නිසා නැවත කියන්නම් මගේ ස්ථාවරය. - බුදු දහම මූලික ව ම පදනම් වන්නේ, එහි ඉගැන්වෙන සසරින් මිදීමට, භවය නතර කරන නිර්වාණය ලබා ගන්නා මාර්ගය පැහැදිලි කිරීමටයි. මෙය පුද්ගලයා කේන්ද්‍රීය ව බිහි වන්නක්. මෙහි ඇත්තක් ඇද්දැයි මා නම් දන්නේ නෑ. - පුද්ගල අත්දැකීම මත පදනම් වන නිසා, එය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද නැතහොත් ඒ පුද්ගලයා විසින් තමා රවටා ගැනීමක් ද කියා අන් අයට නිර්ණය කළ නොහැකියි. දහම එසේ පොදු නිර්ණයක් බලාපොරොත්තු වන්නේත් නෑ. - විද්‍යාව කරනුයේ මිනිසා ලොව පිළිබඳ දරන කුතුහලය නිසා තම අවබෝධය පුළුල් කරන “මොඩලයන්” තැනීමත් ඒවා වැඩි දියුණු කිරීමත්. මෙය පුද්ගලයා මත කේන්ද්‍රීය නොවන අතර එක් අයෙකුට තවකෙක් ගෙන්වා කට වචන විශ්වාසයක් [ඇදහීමක්] නැතිව පැහැදිලි කළ හැකියි. - තමන් හරි ද යන වග විද්‍යාව නිශ්චිත ව කියන්නේ නෑ. පරම සත්‍යයන් එහි නෑ. සැක කිරීම එහි කොටසක්. නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නො වන අතර පොදු තත්වයක්. මොඩල් කිරීමක් පමණයි එහි සිදු වන්නේ. - විද්‍යාව යමක් පිලිගන්න විවිධ ක්‍රම වේද තියෙනවා. එහෙම මොකුත් නැතිව නිකම් කට වචනය පිලි ගන්නේ නෑ. හැබැයි ග්‍රීකයින් යුදෙව්වවන් බිහි කළ පැරැණි ක්‍රමවේද වල එල්ලී ඉන්නේ නෑ. ක්‍රමයත් ප්‍රශ්ණයට අනුව පරිණාමය වනවා. [If so Stephen Hawkings must be owning several parallel universes in his lab to experiment with, while Einstein museums must be exhibiting near-C private jets where he experimented] - පිලි නො ගත් දේ හෙලා දැකීම නොවේ විද්‍යාවේ ක්‍රමය. ඔවුන් එය තවම අප නොදන්නා දෙයක් ලෙසින් තබා ගන්නවා. පසුව වඩාත් හොඳ විදිහක් ආවොත් එය පිලි ගනීවි. - විද්‍යාවයි බුදු දහමයි එකිනෙකින් වෙන් වී [mutually exclusive] නෑ. ස්වාධීන ව [independant] ඉන්නවා පමණයි. ඔවුන් එකම මාතෘකා දෙවිදිහකට දකිනවා වෙන්න පුළුවන්. - ඒත් අරමුණු දෙකක්. බුදු දහමේ එන පරිණාමය ගැන දේශණය වැරදි යැයි අප මොහොතකට සිතමු. සංසාරයක් ඇත්නම්, නිර්වාණයක් ලබා ගන්නට ඉන් ඇති බාධාවක් නෑ. විද්‍යාව අනන්ත විශ්වය පැහැදිලි කිරීමේ නිරර්ථක උත්සාහයක් කරමින් දුකින් මිදෙන එක කල් දානවා කිව්වට, විද්‍යාවට කැමති අය ආසා එයටයි. සියල්ල බැරි නම් හැකි තාක් පැහැදිලි කරන්න. මේ දෙක ම තම කැමැත්ත. අවසන් දිනුමක් නෑ. - විද්‍යාවේ අද පවතින ක්‍රමවේද විසින් බුදු දහම අසාධාරණ ලෙස හෙළා දකිනවා කීම වැරදියි. ක්‍රමවේද වැරදි නම් අළුත් ඒවා යෝජනා කරන්න. පිළිගත හැකි ඒවා. කට වචන හෝ පුද්ගල අත් දැකීම් නොවෙයි. මොකද ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. - ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා. - ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව. - ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග. - නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න. - ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා. ඔබ සැමට ජය. ############################################## |
"ආසනික් සිල්වාගේ නඩය බටහිර විද්යාත්මක ක්රමය ප්රතික්ෂේප කර බොහෝ කල් ය. ඔවුන් විසින් දිගින් දිගට ම කරන ලද ප්රචාරයන්ගේ ප්රතිඵලයක් ලෙස සිංහල සමාජය ද විද්යාව ප්රතික්ෂේප කර හමාර ය. ආසනික් සිල්වාගේ ජාතිවාදයෙන් අයිසිං කරන ලද අවිද්යාව දෘෂ්ටිවාදයක් ලෙස ලංකාව පුරා මුල් ඇද ඇත."
ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?"
"ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා."
" ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව."
"ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.
"නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න."
ලේකකයා කියන්නේ විද්යාව තේරුම් ගන්න එකක්ය, අද්යත්මිකත්වය විශ්වාසයක් පමණක්ය කියලයි. තේරුම් ගන්නවා කියන්නේ ,අස කන නාසය, දිව හා සමෙන් තොරතුරු ගෙන ඒවා සකස්කර අපි කලින් ලබා දැනගෙන ඇති තොරතුරු සමග සසදා නිගමනයකට යාමයි. සියලුම ප්රයෝගික විද්යාවේ පරීක්ෂණ වල කෙරෙන්නේ මෙයි. එසේ නොමැතිව පරීක්ෂණ මගින් පංචෙන්ද්රිය උපයෝගී නොවන දැනුම මැවිය නොහැකි. එඅවනි අලුත් දැනුම බිහිකළ නොහැක්යි. නමුත් සෛධාන්තික විද්යාවේ එය එසේ නොවේ. උදාහරණ බොහෝයි. හිල්බර්ට් අවකාශයට සාපේක්ෂව ගණිත සමීකරණ ලිවීමේදී,එම අවකාශය දැනෙන්නේ කුමන ඉන්ද්රියටද? බොහෝවිට භෞතික විද්යාවේ හා ගණිතයේ පිලිවෙලින් කාලයට හා අවකාශයට සාපේක්ෂව සමීකරණ ලිවීමේදී,කාලය හා අවකාශය පංචෙන්ද්රිය ඇසුරෙන් අර්ථදක්ව නැත.චුම්බක ක්ෂේත්රය දැක ඇත්තේ කවූද? විභව ලිදේ අංශුවක් හිරවීම දක්කේ කවූද? එසේ නම් මේවා විද්යාවේ ඇති මූලික විස්වාශ විය යුතුයි
එඅ අනුව ලේකකයා කියන භෞතික වාදී විද්යාව නොදැනීම වින්ඥාන වාදී වී ඇත. ජීව රසායන ක්රියාවලියෙන් ඇතිවෙනවා කියන ශාකයක, තිරිසන් සත්වයකු හා මිනිසකු අතර වෙනස ලේකකයට හදුනා ගැනීමට නොහැකි වී ඇත්තේ භෞතික වාදයේ ඇති මහිමය නිසා විය යුතුයි. මේ සදහා පිළිතුරු ඇත්තේ විද්යාත්මක ක්රමයක නොව, ඊට වඩා එහා ගිය ක්රමයකයි. ඒ සදහා මාවත, "දිට්ටින්ච අනුපගම්ම, සීලවා, දස්සනේන සම්පන්නෝ" යයි පාඨකයන්ට කිව යුතුයි.
විද්යාවේ විශ්වය මොඩෙල් කිරීමට යාම නිරර්ථක ක්රියාවකි. එය එසේ වන්නේ, එම දාර්ශනික ක්රමය සමපූර්නයෙන්ම වැරදි නිසාය. ථෙරවාදීන් හැර අනෙකන්ට (මිත්යදෘස්ටිකයන්ට) අනුව, ඔඋන්ගේ ලෝකය රේකීය වේ. එම රේකීය ලෝකයට සාපේක්ෂව ඔඋන් ලෝකය විස්තර කෙරීමට වෙහෙසේ. උදාහරණයක් ලෙස, රේකවක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය දැනගැනීමට අවශ්යවේ. මන්ද,ඔඋන්ගේ චින්තනය රේකීය වේ. නමුත් ථෙරවාදීන්ට ඇත්තේ චක්රීය චින්තනයකි. ඔඋන් විශ්වය දකින්නේ ඊට වඩා ගැබුරිනි. චක්රයක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය ගැන ඇසීමම අනුවන ප්රශ්නයකි. ලේකකයා දැනගත යුතු තව කරුණක් නම් බුදුරජාණන් වහන්සේ භෞතික වාදය හා විඥාන වාදය යන දෙකම
කාල් මාර්කස්ට අනුව ආගම අබින්ය[1]. නමුත් සමහර භෞතික වාදීන්ට අනුව මාර්කස්ගේ විචාරයට බුදුදහම හසුවීනැත[2]. එමනිසා සමහර මෝඩයන්, බුදු දහම මාර්කස් ගේ වලිගෙ එල්ලීමට වල බුරු උත්සාහයන් ගනී.
මේ කරුණු මේ ලේකකයට නොතේරෙන්නේ ඔහු භෞතික වාදී විද්යාත්මක ක්රමයකට මිත්යදෘස්ටික ස්වාන්වින්දනයක් ලබන නිසයි.
1. Karl Marks, ඩෙස්මන් මල්ලිකාරච්චි
2. "මාර්කස් වාදී රචනා", ඩෙස්මන් මල්ලිකාරච්චි
"ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි.
එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution]."
හොදයි. ඒ කියන්නේ රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවියා හැදෙන බවනේ.
රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීම කියල කිව්වට ඇයි එහේම එකතු වෙන්නේ? ඇයි සෑමවිටම එහේම සිද්ද වෙන්නේ නැත්තේ? ඔය රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය වෙද්දී ජීවයක් බැහැරින් ඇවිත් ඔය ක්‍රියාවලියට එකතු වීම සිදු නොවිය හැකි දෙයක්ද? රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවික් හැදෙනවානම් එය සෑම විටම එසේ කල හැකි විය යුතුයි. නමුත් උදාහරණයක් විදිහට නල දරු උත්පත්ති ක්‍රියාවලියේදී සෑම විටම එය සාර්ථක නොවන්නේ ඇයි? එක ඩිම්බයකට එක ශුක්‍රාණුවක් පමණක් මුසු කිරීමෙන් නල දරු උපතක් සිදු කල හැකි විය යුතු නොවේද? එසේනම් ඇයි එසේ සිදු නොවන්නේ?