Wednesday, June 29, 2011
Saturday, June 18, 2011
හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය
විද්යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක්ද? From FaceBook Letters
විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ?
Contents of this post originally appeared as a is a response to http://rcgbs.wordpress.com/2010/10/04/001 අප මෙහි කතා කරන්නෙත් විශ්වයේ භෞතිකත්වය පමණයි. භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ. බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය [spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ belief එකකින් මිසක් understanding එකකින් නොවේ. ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද? විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ? ගොඩක් අය නොදන්න තැනක්. ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි. එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution] මෙය හැම ආගමකම බිඳ වැටීමක්. සියළු ආගම් කොටින්ම ආධ්යාත්මිකත්වය ගැන සියළුම ඉගැන්වීම පදනම් වන්නෙ ජීවියා ගේ සංකීර්ණත්වය විස්තර කරන බාහිර වූ අභෞතික දේවල් මත. මෙවැනි දෙයක් නැති තැන ආගමික පැහැදිලි කිරීම් වල අවශ්‍යතාවයක් නෑ. spiritual වෙන්න කැමති අයට ලෝකයේ අටෝරාසියක් ආගම් තිබේ. එක එක විදීහට විශ්වයේ spirituality ගැන ඒවායේ කියනවා. කර්මය, දෙවියන් වහන්සේ බ්‍රහ්මන් ආදී ලෙසට. හැම ආගමකම ඇත්තෙ spirituality ගැන belief එකක්. ඒක පුංචි කාලෙ brain wash කරල ලොකු උනාම කියවනව. හැබයි එය නම් ඔබේ ආසාව මා එයට ගරු කරනවා. භෞතික වූ විශ්වය වඩාත් සාධාරණ වූ ක්‍රමවේදයකින් හදාරණ විද්‍යාවට ගරහන්න එපා. ඔබේ නොදන්න කම [අවිද්‍යාව] විද්‍යාවේ වරදක් නොවෙයි. -------------------------------------------- තරමක කාලයක් මෙහි සටහනක් නොවැටීම නිසා, ටිකක් මේකෙන් ඈත් වන්නට අදහස් කළා. අවශ්‍ය නම් ඉහත සඳහන් මගේ බ්ලොග හරහා මා නැවත අවදි කරවිය හැකියි. ඉෂාන් ගෙන් හොඳ උත්තරයක් ලැබුනොත් අගෙයි. ගොඩක් දේවල් තැන් තැන් වල ලියා ඇති නිසා නැවත කියන්නම් මගේ ස්ථාවරය. - බුදු දහම මූලික ව ම පදනම් වන්නේ, එහි ඉගැන්වෙන සසරින් මිදීමට, භවය නතර කරන නිර්වාණය ලබා ගන්නා මාර්ගය පැහැදිලි කිරීමටයි. මෙය පුද්ගලයා කේන්ද්‍රීය ව බිහි වන්නක්. මෙහි ඇත්තක් ඇද්දැයි මා නම් දන්නේ නෑ. - පුද්ගල අත්දැකීම මත පදනම් වන නිසා, එය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද නැතහොත් ඒ පුද්ගලයා විසින් තමා රවටා ගැනීමක් ද කියා අන් අයට නිර්ණය කළ නොහැකියි. දහම එසේ පොදු නිර්ණයක් බලාපොරොත්තු වන්නේත් නෑ. - විද්‍යාව කරනුයේ මිනිසා ලොව පිළිබඳ දරන කුතුහලය නිසා තම අවබෝධය පුළුල් කරන “මොඩලයන්” තැනීමත් ඒවා වැඩි දියුණු කිරීමත්. මෙය පුද්ගලයා මත කේන්ද්‍රීය නොවන අතර එක් අයෙකුට තවකෙක් ගෙන්වා කට වචන විශ්වාසයක් [ඇදහීමක්] නැතිව පැහැදිලි කළ හැකියි. - තමන් හරි ද යන වග විද්‍යාව නිශ්චිත ව කියන්නේ නෑ. පරම සත්‍යයන් එහි නෑ. සැක කිරීම එහි කොටසක්. නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නො වන අතර පොදු තත්වයක්. මොඩල් කිරීමක් පමණයි එහි සිදු වන්නේ. - විද්‍යාව යමක් පිලිගන්න විවිධ ක්‍රම වේද තියෙනවා. එහෙම මොකුත් නැතිව නිකම් කට වචනය පිලි ගන්නේ නෑ. හැබැයි ග්‍රීකයින් යුදෙව්වවන් බිහි කළ පැරැණි ක්‍රමවේද වල එල්ලී ඉන්නේ නෑ. ක්‍රමයත් ප්‍රශ්ණයට අනුව පරිණාමය වනවා. [If so Stephen Hawkings must be owning several parallel universes in his lab to experiment with, while Einstein museums must be exhibiting near-C private jets where he experimented] - පිලි නො ගත් දේ හෙලා දැකීම නොවේ විද්‍යාවේ ක්‍රමය. ඔවුන් එය තවම අප නොදන්නා දෙයක් ලෙසින් තබා ගන්නවා. පසුව වඩාත් හොඳ විදිහක් ආවොත් එය පිලි ගනීවි. - විද්‍යාවයි බුදු දහමයි එකිනෙකින් වෙන් වී [mutually exclusive] නෑ. ස්වාධීන ව [independant] ඉන්නවා පමණයි. ඔවුන් එකම මාතෘකා දෙවිදිහකට දකිනවා වෙන්න පුළුවන්. - ඒත් අරමුණු දෙකක්. බුදු දහමේ එන පරිණාමය ගැන දේශණය වැරදි යැයි අප මොහොතකට සිතමු. සංසාරයක් ඇත්නම්, නිර්වාණයක් ලබා ගන්නට ඉන් ඇති බාධාවක් නෑ. විද්‍යාව අනන්ත විශ්වය පැහැදිලි කිරීමේ නිරර්ථක උත්සාහයක් කරමින් දුකින් මිදෙන එක කල් දානවා කිව්වට, විද්‍යාවට කැමති අය ආසා එයටයි. සියල්ල බැරි නම් හැකි තාක් පැහැදිලි කරන්න. මේ දෙක ම තම කැමැත්ත. අවසන් දිනුමක් නෑ. - විද්‍යාවේ අද පවතින ක්‍රමවේද විසින් බුදු දහම අසාධාරණ ලෙස හෙළා දකිනවා කීම වැරදියි. ක්‍රමවේද වැරදි නම් අළුත් ඒවා යෝජනා කරන්න. පිළිගත හැකි ඒවා. කට වචන හෝ පුද්ගල අත් දැකීම් නොවෙයි. මොකද ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. - ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා. - ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව. - ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග. - නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න. - ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා. ඔබ සැමට ජය. ############################################## |
"ආසනික් සිල්වාගේ නඩය බටහිර විද්යාත්මක ක්රමය ප්රතික්ෂේප කර බොහෝ කල් ය. ඔවුන් විසින් දිගින් දිගට ම කරන ලද ප්රචාරයන්ගේ ප්රතිඵලයක් ලෙස සිංහල සමාජය ද විද්යාව ප්රතික්ෂේප කර හමාර ය. ආසනික් සිල්වාගේ ජාතිවාදයෙන් අයිසිං කරන ලද අවිද්යාව දෘෂ්ටිවාදයක් ලෙස ලංකාව පුරා මුල් ඇද ඇත."
ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?"
"ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා."
" ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව."
"ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.
"නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න."
ලේකකයා කියන්නේ විද්යාව තේරුම් ගන්න එකක්ය, අද්යත්මිකත්වය විශ්වාසයක් පමණක්ය කියලයි. තේරුම් ගන්නවා කියන්නේ ,අස කන නාසය, දිව හා සමෙන් තොරතුරු ගෙන ඒවා සකස්කර අපි කලින් ලබා දැනගෙන ඇති තොරතුරු සමග සසදා නිගමනයකට යාමයි. සියලුම ප්රයෝගික විද්යාවේ පරීක්ෂණ වල කෙරෙන්නේ මෙයි. එසේ නොමැතිව පරීක්ෂණ මගින් පංචෙන්ද්රිය උපයෝගී නොවන දැනුම මැවිය නොහැකි. එඅවනි අලුත් දැනුම බිහිකළ නොහැක්යි. නමුත් සෛධාන්තික විද්යාවේ එය එසේ නොවේ. උදාහරණ බොහෝයි. හිල්බර්ට් අවකාශයට සාපේක්ෂව ගණිත සමීකරණ ලිවීමේදී,එම අවකාශය දැනෙන්නේ කුමන ඉන්ද්රියටද? බොහෝවිට භෞතික විද්යාවේ හා ගණිතයේ පිලිවෙලින් කාලයට හා අවකාශයට සාපේක්ෂව සමීකරණ ලිවීමේදී,කාලය හා අවකාශය පංචෙන්ද්රිය ඇසුරෙන් අර්ථදක්ව නැත.චුම්බක ක්ෂේත්රය දැක ඇත්තේ කවූද? විභව ලිදේ අංශුවක් හිරවීම දක්කේ කවූද? එසේ නම් මේවා විද්යාවේ ඇති මූලික විස්වාශ විය යුතුයි
එඅ අනුව ලේකකයා කියන භෞතික වාදී විද්යාව නොදැනීම වින්ඥාන වාදී වී ඇත. ජීව රසායන ක්රියාවලියෙන් ඇතිවෙනවා කියන ශාකයක, තිරිසන් සත්වයකු හා මිනිසකු අතර වෙනස ලේකකයට හදුනා ගැනීමට නොහැකි වී ඇත්තේ භෞතික වාදයේ ඇති මහිමය නිසා විය යුතුයි. මේ සදහා පිළිතුරු ඇත්තේ විද්යාත්මක ක්රමයක නොව, ඊට වඩා එහා ගිය ක්රමයකයි. ඒ සදහා මාවත, "දිට්ටින්ච අනුපගම්ම, සීලවා, දස්සනේන සම්පන්නෝ" යයි පාඨකයන්ට කිව යුතුයි.
විද්යාවේ විශ්වය මොඩෙල් කිරීමට යාම නිරර්ථක ක්රියාවකි. එය එසේ වන්නේ, එම දාර්ශනික ක්රමය සමපූර්නයෙන්ම වැරදි නිසාය. ථෙරවාදීන් හැර අනෙකන්ට (මිත්යදෘස්ටිකයන්ට) අනුව, ඔඋන්ගේ ලෝකය රේකීය වේ. එම රේකීය ලෝකයට සාපේක්ෂව ඔඋන් ලෝකය විස්තර කෙරීමට වෙහෙසේ. උදාහරණයක් ලෙස, රේකවක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය දැනගැනීමට අවශ්යවේ. මන්ද,ඔඋන්ගේ චින්තනය රේකීය වේ. නමුත් ථෙරවාදීන්ට ඇත්තේ චක්රීය චින්තනයකි. ඔඋන් විශ්වය දකින්නේ ඊට වඩා ගැබුරිනි. චක්රයක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය ගැන ඇසීමම අනුවන ප්රශ්නයකි. ලේකකයා දැනගත යුතු තව කරුණක් නම් බුදුරජාණන් වහන්සේ භෞතික වාදය හා විඥාන වාදය යන දෙකම
කාල් මාර්කස්ට අනුව ආගම අබින්ය[1]. නමුත් සමහර භෞතික වාදීන්ට අනුව මාර්කස්ගේ විචාරයට බුදුදහම හසුවීනැත[2]. එමනිසා සමහර මෝඩයන්, බුදු දහම මාර්කස් ගේ වලිගෙ එල්ලීමට වල බුරු උත්සාහයන් ගනී.
මේ කරුණු මේ ලේකකයට නොතේරෙන්නේ ඔහු භෞතික වාදී විද්යාත්මක ක්රමයකට මිත්යදෘස්ටික ස්වාන්වින්දනයක් ලබන නිසයි.
1. Karl Marks, ඩෙස්මන් මල්ලිකාරච්චි
2. "මාර්කස් වාදී රචනා", ඩෙස්මන් මල්ලිකාරච්චි
"ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි.
එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution]."
හොදයි. ඒ කියන්නේ රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවියා හැදෙන බවනේ.
රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීම කියල කිව්වට ඇයි එහේම එකතු වෙන්නේ? ඇයි සෑමවිටම එහේම සිද්ද වෙන්නේ නැත්තේ? ඔය රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය වෙද්දී ජීවයක් බැහැරින් ඇවිත් ඔය ක්‍රියාවලියට එකතු වීම සිදු නොවිය හැකි දෙයක්ද? රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවික් හැදෙනවානම් එය සෑම විටම එසේ කල හැකි විය යුතුයි. නමුත් උදාහරණයක් විදිහට නල දරු උත්පත්ති ක්‍රියාවලියේදී සෑම විටම එය සාර්ථක නොවන්නේ ඇයි? එක ඩිම්බයකට එක ශුක්‍රාණුවක් පමණක් මුසු කිරීමෙන් නල දරු උපතක් සිදු කල හැකි විය යුතු නොවේද? එසේනම් ඇයි එසේ සිදු නොවන්නේ?
කෝප්පයේ භෞතිකවාදී කෙප්පය
| ||||
Tuesday, June 14, 2011
මහින්දාගමනය හා බැඳුණු හෙළ පුනරුදය
මහින්දාගමනයට පළමුව ලක්‌දිව ස්‌ථිර වූ ශාසනයක් නොපැවැති බැවින් බුදුසමය ස්‌ථිර ආගමක් වශයෙන් ක්‍රියාකාරී වූයේ නැත. ඓතිහාසික තොරතුරුවලින් හෙළිවන්නේ ප්‍රාග් බෞද්ධ සමාජය තුළ දිව්‍ය, මනුෂ්‍ය, නාග, යක්‍ෂ යන විවිධ ගෝත්‍රිකයන් වාසය කළ බවත් බ්‍රාහ්මන ආගම, ශිව ආගම, ජෛන ආගම, පරිබ්‍රාජක ආගම මෙන්ම දෙවියන් ඇදහීම, ගස, ගල්, පර්වත, චෛත්‍යය, නැකැත් තරු ඇදහීම ඒ ඒ සමාජයන් අනුව ඒ ඒ පුද්ගලයන් අනුව, ක්‍රියාකාරී වූ බවයි. ඇදහීම් ක්‍රම තවදුරටත් ව්‍යාප්ත වීම් වශයෙන් අව් වැසි, සුළං ගිනි දේවත්වයෙන් සැළකූ අතර ඒ ඒ කර්මාන්තවලට අරක්‌ගත් විවිධාකාර දෙවිවරුන් පිළිබඳවද විශ්වාසයක් පැවති බව පෙනේ. වංශ කතා ගත තොරතුරු පිරික්‌සා බලන විට ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලක්‌දිව බුදු දහම අදහන්නවුන්ද සිටි බව පෙනී යයි. එම තත්ත්වය උදා වීමට හේතුවු කරුණු අතර බුදුරදුන් තෙවරක්‌ම ලක්‌දිවට වැඩම කරලීම, ඉන්දියාවේ සිට වෙළෙඳුන්, සංචාරකයන් වරින් වර පැමිණීමත්, විජය රජතුමා සමග පැමිණි පිරිසට ශාක්‍ය වංශිකයන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වීමත් ප්‍රධාන තැනක් ගනී. ගිරිහඬු සෑය පිළිබඳ කතා පුවතින් හා තිරියාය සෙල් ලිපියෙන්ද ඒ බව තහවුරු වෙයි.
තෙවැනි ධර්ම සංගායනයෙන් පසු ලක්‌දිව ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි පිරිසට කිසිදු බාධාවකින් තොරව තම අරමුණ සාර්ථකව ඉටුකරලීමට හැකි වූයේත් බුදුරදුන් ජීවමාන කාලයේ පටන්ම මෙහි ව්‍යාප්තව පැවැති බුදු දහමේ අරුණාලෝකය නිසාමය. ශ්‍රී ලංකා සංස්‌කෘතිය බුදු සමයෙන් පෝෂණය වීමේ ආරම්භය බුදුරදුන්ගේ ලංකා ගමනයෙහි සිට සම්බන්ධ වූවකි. උන්වහන්සේගේ ලංකා ගමනයෙන් එම පෝෂණයෙහි මූල බීජයන් රෝපණයවූ නමුදු එය සරුවට වර්ධනය වී අතුපතර විහිදී මල් ඵල ලැබදෙන්නා වූ තත්ත්වයට පත්වූයේ දෙවන පෑතිස්‌ස රාජ්‍ය සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස පැමිණීමත් සමගය.
තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයා බුදු දහමේ පණිවිඩය ලෝකයේ ව්‍යාප්ත කිරීමෙහි යෙදුණේය. එකල ලක්‌දිව රජ කළ තිස්‌ස රජු සමග කලක සිට නොදුටු මිත්‍රත්වයකින් බැඳී සිටි අශෝක රජතුමා විශේෂ වරප්‍රසාද වශයෙන් සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස ලක්‌දිවට එවීය. එම දූත පිරිසට මිහිඳු හිමි සමග ඊට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දසාල, අභිඥලාභී සුමන සාමණේරයන් හා පණ්‌ඩුක උපාසක තුමා ද යන සත් දෙනා අයත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි පොසොන් මස පුරපසළොස්‌වක පෝදා දඹදිව වේදිස ගිරි නුවරින් පිටත්ව ලක්‌දිව මිහින්තලා පර්වතයට පැමිණියහ.
මෙදින ලක්‌දිව නැකත් කෙළි දිනයකි. මෙදින මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජතුමා මිස්‌සක පව්වේදී හතළිස් දහසක පිරිස සමග තිසරණ සරණයට පත්වීම සිදුවූයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ චුල්ලහFථිපදොපම සූත්‍රය ඇසීමෙනි. මෙම සූත්‍ර දේශනාව සිදුකිරීමට පෙර මිහිඳු හිමියන් විසින් ලක් රජතුමා හට ගැඹුරු බුදු දහම වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇත්දැයි දැනගැනීම සඳහා අඹ පැනය හා නෑ පැනය යන ප්‍රශ්න දෙක විචාළේ සංවාදාත්මක ස්‌වරූපයෙනි. මිහිඳු හිමියන් විසින් සිරිලක ප්‍රථම දේශනාව ලෙස තෝරාගනු ලැබුවේ මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයට අයත් තුන්වන ඕපම්ම වග්ගයේ හත්වන සූත්‍ර දේශනාව වන චුල්ලහFථිපදෝපම සූත්‍රයයි. මෙසේ වීමට හේතු කාරණා කිහිපයක් පෙන්වා දීමට හැකිය. ආගන්තුක දහමක් දෙවන පෑතිස් රජු ඇතුළු රටවැසියනට කියා දීමට පෙර දහමේ ස්‌වභාවය එය දරන්නෝ කවරාකාරයෙන් ද ආදී වශයෙන් අවබෝධය ලක් ජනයාට ලබාදී එතුළින් මිහිඳු හිමියන් විසින් රැගෙන ආ දහම වුවද භාරගත යුතු හෝ භාරගත නොගතයුතු බව තීරණය කිරීමට අවස්‌ථාව සලසා දීම ඒ අතර ප්‍රධානය.
ලංකා ගමනයෙන් දෙවන දින දෙවන පෑතිස් රජුගේ මාළිගයේදී දහවල දානය වළ¹ අවසානයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වන පේතවFථු දේශනයද අනතුරුව විමාන වFථු දේශනාව ද සිදුකරනු ලැබුවේ අකුසලය පලදීම සහ කුසලය පළ දීම සිදුවන ආකාරය පිළිබඳව අවබෝධය ලබා දෙමින් දානය කුසලයක් බවත් එහි අනුසස් දැක්‌වීම සඳහා කුසලයේ විපාක සුවදායක අයුරු පෙන්වා දෙමින් අකුසලයෙහි විපාක දුක්‌ඛ සහගත කටුක විපාක බව දක්‌වමින් ජනයා කුසලයට නැඹුරු කරලීම සඳහාය. දෙවන දිනම සවස් යාමයේදී රාජකීය ඇතුහලේදී තෙවන මිහිඳු දේශනාව වන සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ උපරිපණ්‌ණාසකයට අයත් දේවදූත නම් වූ සූත්‍ර දේශනාව සිදුකර ඇති අතර මෙහි අන්තර්ගත වන්නේ කාය සුචරිතයේ වචී සුචරිතයෙහි හා මනෝ සුචරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු සුගතිගාමී වන බවත් කාය දුච්චරිතයේ "වචී දුච්චරිතයෙහි හා මනෝ දුච්චරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු දුගතිගාමී වන බවත් එහිදී සුගතියට පත් වන්නා සැප විඳින බවත් දුගතියට පත් වන්නා දුක් විඳින බවත්ය. මෙම දේශනාවද ඉතා වැදගත් පසුබිමක් සකස් කරනු ලබන්නේ පුද්ගලයාට තම ජීවිත කාලයේදී තම ඇවතුම් පැවතුම් සකස් කර ගැනීමට මංපෙත් විවර කරවීමට සමත් වන නිසාය.
හත්වන මිහිඳු දේශනාව වශයෙන් දේශනා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ දහනම වන ආසිවිස වග්ගයේ පළමු සූත්‍රයයි. මෙහිදී ආසිවිසෝපම සූත්‍රයෙන් ලක් ජනයාට මිහිඳු හිමියන් විසින් බුදුසමයේ අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව කිරියා, ආනුපූර්ව ප්‍රතිපදාව පහදා දීම සිදුකර ඇත. අට වන මිහිඳු දේශනය වන්නේ රජෝවාද සූත්‍රයයි. මෙම සූත්‍රය මිහිඳු හිමියන් දේශනා කරනු ලැබුවේ දෙවන පෑතිස් රජ ඇතුළු පාලක පිරිසටය. රටේ පාලකයා ධාර්මික වූ කලී ජනයා ද නායකයා අනුව යමින් ධාර්මික වන අතර පාලකයා අධාර්මික වන විට ජනයා ද අධාර්මික වන බව ඉන් රට නිසරු වන බවත් දක්‌වන අතර එනිසාවෙන් පාලකයා නිරතුරුවම ධාර්මික අයෙකු ලෙසින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.
මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඩගස්‌සවා ගැනීමට මංපෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්‌කෘතික වශයෙන් වූ සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයට මහින්දාගමනය පුරෝගාමී විය. මහින්දාගමනයට පෙර යම් යම් ආගමික කටයුතු පැවැති බව වංශකතා සාක්‍ෂි දරන නමුදු එකදු ආගමක් වත් තහවුරු වී නොතිබුණි. මහින්දාගමනයෙන් පසු බුදු දහම මුල් බැස ගැනීම නිසා ගමක් පාසා බෞද්ධ විහාරාරාම ඉදි විය. අහස සිඹින මහා දා ගැබ් ඉදිවිය. මෙනිසාම ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය මේ උතුම් පින් බිම තුළ ඉදිවිය. සිත් පිත් නැති කලු ගල් කුලකට මෙත් කරුණා ගුණ පෙවූයේ මහින්දාගමනයෙන් ලත් මානව සන්තාන ගත සන්හිඳියාව නිසාවෙනි. එසේම මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතුවිලි, සිරිත් විරිත්, ගුණධර්ම, කලා ශිල්ප, ආගමික විශ්වාස ආදියෙහි විශාල වෙනස්‌කම් ඇති වෙමින් බුදු දහමින් පෝෂණය වූ සංස්‌කෘතියක් බිහි විය. සිංහල සංස්‌කෘතිය ද බෞද්ධ සංස්‌කෘතියම වෙමින් බුදු දහමින් පෝෂණය වන්නට විය.
මහින්දාගමනය හා බැඳුණු රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව පැවැත්වූයේ ඉතා චාම් සරල ක්‍රමයකටය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස් හා ක්‍රමානුකූල රාජාභිෂේකයකට අවශ්‍ය කකුධ භාණ්‌ඩ තෑගි වශයෙන් ලැබුණ පසු දේවානම්පියතිස්‌ස රජතුමා ද මෞර්යය රාජවංශ ක්‍රමයට දෙවැනි රාජාභිෂේක උත්සවයක් පැවැත්වූවේය. බෞද්ධකමත් රාජ්‍යත්වයත් ඒකාබද්ධ වෙමින් බෞද්ධකම රටේ රජකම වැනි උසස්‌ම තත්ත්වය ලබා ගැනීමේ අනිවාර්ය සුදුසුකම විය. එළාර වැනි ද්‍රවිඩ රජුන් පවා බුදුදහමට පුද සත්කාර කරනු ලැබුවේ මේ නිසාවෙනි. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, දස පුණ්‍ය ක්‍රියා යන බෞද්ධ ඉගැන්වීම් රජතුමා විසින් පිළිපැදිය යුතු මාර්ගය විය. පාලන ප්‍රතිපත්තිය වූයේ දඬුවමින් තොරව හා අවි ආයුධවලින් තොරව පාලනය කිරීමයි. දාඨා ධාතුව, පාත්‍ර ධාතුව මෙරටට ගෙන ආ පටන් ආරක්‍ෂා වූයේ රජතුමා භාරයේය. උතුම් වස්‌ත්‍ර දෙක යම් කෙනෙකුට අයත් නම් ලක් රජය ඔහු සතුය යන විශ්වාසය තහවුරු විය.
බෞද්ධ සමාජය හා බැඳුණු ආර්ථික පසුබිම හා සැලකීමේදී බෞද්ධ සමාජයේ ගොවිතැන උසස් ලෙස සලකුණු ලැබීය. එය දැහැමි රැකියාවක් විය. "මඩ සෝදා ගත් ගොවියා රජකමට වුව අගී" යන පිරුළ ඇති වූයේද කෘෂිකර්මාන්තයේ උසස්‌කම සැලකීමෙනි. එනිසාම ලෝකයේ අද්විතීය වාරි තාක්‍ෂණත් මෙරටෙහි නිර්මාණය විය. එසේම මහින්දාගමනයෙන් අප ලද තවත් වටිනා දායාදයක් ලෙස අධ්‍යාපනික පසුබිම පෙන්වා දිය හැකිය. ප්‍රාග් බෞද්ධ යුගයෙහි අක්‍ෂරවලින් ලියන ලද යමක් සොයා ගැනීම අපහසුය.
ලක්‌දිවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රාහ්මි අක්‍ෂර මාලාව සහිතව සකස් වූ අක්‍ෂර හෝඩියක් අපට ලැබුණේ යෑයි සිතිය හැක. පාලි භාෂාව හා වෙනත් භාරතීය භාෂාවන්ගේ සම්මිශ්‍රණය නිසා සිංහල භාෂාව පෝෂණය වූයේ යෑයි උගතුන්ගේ පිළිගැනීමයි. බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සිංහල බෝධි වංශය දළදා සිරිත, පන්සිය පනස් ජාතක පොත, මුවදෙව්දාවත, සස¹වත, ගුත්තිලය ආදී ගද්‍ය පද්‍යා සාහිත්‍ය කෘති සමූහය නිසා සිංහල සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වූයේ බුදු සමයෙන් ලත් පෝෂණය නිසාමය. එසේම එදා පාලි අට්‌ඨ කතා සම්පාදනය සඳහා ලක්‌දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන්ට මහෝපකාරී වූ හෙළ අටුවාවන්ද සම්පාදනය වී තිබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් යයි ඇතැමුන්ගේ පිළිගැනීමයි.
සමාජීය වශයෙන්ද මහා ප්‍රබෝධයක් ඇති කරලමින් ලක්‌දිව සමාජ පසුබිම කෙරෙහිද මහින්දාගමනයෙහි බලපෑම සිදුවිය. පන්සිල් සමාදන් වී කටයුතු ඇරඹීමත් පෝදා අටසිල් සමාදන් වීමත් ජාතික සිරිතක් විය. පොහෝදා සියලු ව්‍යාපාර නතර කළ යුතු විය. සතර පෝය ප්‍රසිද්ධ නිවාඩු දින විය. සිංහලයන් අතර බෞද්ධ සංඥනාම ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ලක්‌වැසියා තුළ පරිත්‍යාගශීලී බව, ආගන්තුක සත්කාරය, පරෝපකාරය, ඉවසීම, තැන්පත්කම, කරුණාව, මෛත්‍රිය, පිනට ලැදි බව ආදී ගුණ ධර්ම බල පවත්වන්නට වූයේ මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් බුදුදහමේ ආභාෂය ලැබීම නිසාය. ලාංකිකයන්ගේ සිත් සතන් තුළ මානුෂීය හැඟීම් සනිටුහන් කරලීමට අවැසි වටපිටාවක් බුදුදහමේ ආභාෂයෙන් ලැබී ඇති බව වර්තමාන තත්ත්වය අනුව අතිශයෝක්‌තියක් නොවන බව අපට හැඟී යන්නකි.
ලක්‌වැසියාගේ විනෝද ජීවිතයේ ද මහත් විපර්යාසයක් ඇති වූයේ ද මහින්දාගමනයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයෙනි. භාතිකාභය වැනි රජවරු නැටුම්, ගැයුම්, වැයුම් ද ආගමික උත්සව සඳහා යොදා ගත්හ. වෙසක් උත්සවය ජාතික බෞද්ධ උත්සවයක් විය. දුටුගැමුණු රජතුමා වසරක් පාසා වෙසක් උත්සවය පැවැත්වීය. එසේම පොසොන් උත්සවය, කඨ§න පූජෝත්සවය වැනි උත්සව තුළින් බෞද්ධ සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරලීමට අවැසි වටපිටාවක් නිර්මාණය වීම මහින්දාගමනය තුළින් ලද දායාදයකි.
මිහිඳු මහා රහතන් වහන්සේ ලක්‌දිවට පැමිණ මිහිඳු දේශනා තුළින් ක්‍රමයෙන් ක්‍රමානුකූලව සකස් කරන ලද මේ තම්බපණ්‌ණි දීපය ස්‌වයංපෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කියූ දැහැමි රටක් විය. මිනිසත්කම උතුරා හැලුනි. මහින්දාගමනය තුළින් අපි ලද දායාද පෙරටු කොට ගෙන වර්තමාන සමාජය තුළ පොසොන් උදාව මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බෞද්ධ සිත් සතන් තුළ ශ්‍රද්ධා මහිමය වඩවමිනි. මහින්දාගමනයෙන් පුනරුදයට පත්වූ වර්තමාන සමාජ, ආගමික, සංස්‌කෘතික සමාජ පසුබිම තුළ ජීවත් වන අප විසින් සුපිරිසිදු ඇවතුම් පැවතුම් ඇති කොට ගෙන තම ජීවිත සකස් කොටගෙන තිබෙන්නේ ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේම අප ලද නිර්මල වූ බුදු දහම මතු පරපුරට උරුමකර දීමට පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය ද උදාවී ඇත. "යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති" යන බුදු වදනට අනුව යමෙකු මේ පොසොන් සමයේ මිහිඳු මා හිමි ගුණ සමරන්නට සිතන්නේ නම් පිළිවෙත් පෙරටු කොට එය සිදුකළ යුතුමය. එවිට මිහිඳු ගුණයෙන් මේ මිහිතලයම නිවී සැනසෙනු නොඅනුමානය.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී යූඑස්‌පී පීඑස්‌සී
එක්‌සත් ජනපද තානාපති හා එක්‌සත් ජාතින්ගේ
ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත
නිව්යෝක් - එක්‌සත් ජනපදය.
Monday, June 13, 2011
ථෙරවාදය හා මහායානය
ථෙරවාදයට අනුව බුදුන් වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙකි. සැබෑ මනුෂ්‍යයෙකු වූ බුදුන් වහන්සේ සිය උට්‌ඨාන වීර්යයෙන් හා ප්‍රඥවෙන් උත්තරීත්වයට පත්වී දෙවියන්ට මෙන්ම සකල සත්වයන් හට වෙහෙස නොබලා ධර්මය දේශනා කොට ඔවුන් දුකින් මුදවාලයි. මෙම දුකින් මුදවීම යන සංකල්පය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි. බුදුන් වහන්සේ සත්වයා දුකින් මුදවාලනු ලබන්නේ එයින් මිදීමේ මාර්ගය අවබෝධ කර දීමෙන් මිස කිසිදු ආකස්‌මිත බලවේගයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. බුදුන්වහන්සේ අනිකුත් කිසිදු තීරණාත්මක දෙවි කෙනකුගේ ගැලවීමක් හෝ වරදින් මුදාහැරීමක් කිසි කලෙකත් අනුමත නොකරන ලද අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය පෝෂණය කිරීම මගින් ඔවුනගේ ගැලවීම හෝ දුකින් මිදීම ඔවුන් වෙතම පවරා දුන්හ. මෙසේ උත්තම මානුෂික ලක්‍ෂණ විදහා දැක්‌වූ බුදුන්වහන්සේ මූලික කොට ගනිමින් නිර්මාණය වී ඇති විවිධ ජනප්‍රවාද හා ඓතිහාසික කතා ප්‍රවෘත්ති මගින් උන්වහන්සේගේ සැබෑ මානුෂික ලක්‍ෂණ දේවත්වයක් කරා පරිවර්තනය කොට ඒ ඇසුරින් උන්වහන්සේගේ උතුම් මානුෂීය ලක්‍ෂණ යටපත් කොට ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. පාලි පෙළපොත්වල ද සමහර අවස්‌ථාවන්හිදී මෙම ලක්‍ෂණය විද්‍යමාන වුවත් බුදුන්වහන්සේ සැබෑ මනුෂ්‍යයකු විනා මනුෂ්‍ය ස්‌වභාවය ඉක්‌මවූ ආශ්චර්යවත් අද්භූත පුද්ගලයකු නොවන බව ත්‍රිපිටකය විවේද බුද්ධියෙන් හැදෑරීමෙන් පැහැදිලිව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි කාරණයකි.
ථෙරවාද ත්‍රිපිටකය බුදුන්ගේ මානුෂික ලක්‍ෂණ ඉතා විශ්වසනීය ආකාරයකට පෙළගස්‌වන අතරතුර බුදුන්වහන්සේගේ අතිමානුෂික ලක්‍ෂණ ද අතිශෝක්‌තියෙන් වර්ණනා කොට තිබේ. එහි පසුකාලීන ප්‍රතිඵලයක් වූයේ බුදුන් යනු කවරෙක්‌ද? යන්නෙන් පැනනැඟුණු මූලික ගැටලුව හා ඒ හා බැඳුණු උන්වහන්සේගේ ලෝකෝත්තර තත්ත්වය කවර ආකාරයට විද්‍යමාන වේද? යන්නෙන් පැනනැගුන අදහසයි. මෙම ගැටලු නිරාකරණයේදී පෙළපොත් ඇසුරින් සාකච්ඡාවක නිරත වන මහායානිකයෝ ඒ හා බැඳුණු ධර්ම කරුණු අරභයා නවතම අර්ථකථනයක් දීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මූලික වශයෙන් මහායාන දර්ශනයට අඩිතාලම වැටිණි.
වස්‌සක්‌කාර නම් ඇමැතිවරයෙක් බුදුන්වහන්සේ හමුව ඔබ වහන්නේ කවරෙක්‌ද? මනුෂ්‍යයෙක්‌ද? යක්‍ෂයෙක්‌ද? දෙවියෙක්‌ද? බ්‍රහ්මයෙක්‌ද? ආදී ඇසූ ප්‍රශ්නවලට බුදුන්ගේ පිළිතුර වූයේ ඒ කිසිවෙක් නොවෙමි. "බුදුවරයෙක් වෙමි" යන්නයි. මෙම පිළිතුර අර්ථකය කරනු ලබන මහායානිකයන්ගේ අදහස වූයේ බුද්ධත්වය, මනුෂ්‍ය, යක්‍ෂ, දේව, බ්‍රහ්ම ස්‌වරූපය ඉක්‌මවා ගිය තත්ත්වයක් ලෙසයි. මෙම තත්ත්වය පුළුල් ලෙස විවරණය කරනු ලබන මහායාන ධර්මය බුද්ධත්වය යනු බාහිර පැවැත්මකින් තොර රූපකායක් නොමැති පරමාර්ථ සත්‍යයම පමණක් වන බව ප්‍රකාශ කළ අතර ථෙරවාදීන් පිළිගන්නා බුදුන්ගේ කායික ස්‌වරූපය ප්‍රතික්‍ෂේප කරමින් බුද්ධකාය ධර්මකායම බව අදහස් කළේය. බුදුන්ගේ රූපකාය ප්‍රතික්‍ෂේප කළ මහායානිකයෝ එම ප්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතු සාධක පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙන්ම සොයා ගැනීමට අමතක නොකළ අතර බුදුන් වදාළ "යො ධම්මා පස්‌සති සො මං පස්‌සති" යන ගාථා පාඨය පිළිබඳ විවරණයක යෙදෙමින් මහායානිකයෝ එම ගාථා අර්ථය තුළින් මතුවන යමෙක් ධර්මය දකින්නේ ද හේ මා දකියි යන මූලික අදහස බුදුන් විසින් රූපකාය ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන අවස්‌ථාවක් ලෙස විග්‍රහ කරති. එහෙත් මෙහි අර්ථය වනුයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවේ ඇති වටිනාකම විනා බුදුන් රූපකාය ප්‍රතික්‍ෂේප කිරීමක් නොවේ.
ථෙරවාදීන්ට අනුව පැහැදිලි ලෙස බුද්ධකාය සහ ධර්මකාය යනුවෙන් ප්‍රධාන සංකල්පයන් දෙකක් අර්ථවත් වුවත් මහායානයට අනුව බුද්ධකාය යනු පරමාර්ථ සත්‍යයම යන්නයි. ඒ අනුව පරමාර්ථ සත්‍යය ලෝකයාගේ යහපත පිණිස මනුෂ්‍ය ස්‌වරූපයෙන් මෙලොව ඉපදී බුදු වී දහම් දෙස පිරිනිවන් පානා බව මහායානික මතයයි. එහෙත් මෙහිදී පැනනැඟුණු මූලික ගැටලුවක් වූයේ මෙසේ පරමාර්ථ සත්‍යය මගින් නිර්මාණයක් කෙසේ බිහිවන්නේද? යන මූලික ගැටලුවයි. මන්ද මහායාන චින්තනයට අනුව බුදුවරු යන්න හුqදු නිර්මාණයක් විනා සත්‍ය වූ රූපයකින් හෙබි ශරීරයක් නොවන බැවිනි. පරමාර්ථ සත්‍යය මගින් නිර්වාණයක් කෙසේ බිහිවේද? යන ගැටලුව විසඳීමේදී ඔවුන් එය සම්භෝග කාය තුළින් පෙනී සිටින බවත් සම්භෝග කාය යනු සත්‍ය වශයෙන්ම පරම සත්‍යය පුද්ගල ස්‌වරූපයෙන් බෝසතුනට වැටහෙන ආකාරය බවත් අදහස් කළේය. බෝසතුන්ට එය පරසම්භෝග කාය නම් වන අතර බුදුවරුනට එය සවසම්භෝග කාය නම් වේ. එසේම බුද්ධත්වය පිළිබඳ තවදුරටත් අදහස් දක්‌වන මහායානිකයෝ බුද්ධත්වය එක් බුදුවරයකුට පමණක් සීමා නොවන බවත් අසංඛ්‍ය සංඛ්‍ය බුqදුවරුන් රාශියක් සිටින බව ද එයට අමතරව පරමාර්ථ සත්‍යය හෙවත් බුදුවරු ඒ ඒ දිශාවකට වෛරෝචක, අතෝෂභය, රත්නසම්භව, අමිතාභ, අලෝසසිද්ධි යනුවෙන් පාදූර්භූත පහක් වන බව ප්‍රකාශ කරන අතර අපරදිගට අධිපති අමිතාභ බුදුන් විසින් නිර්මාණය ප්‍රදනය කරන බවත් මහායානය පවසයි. මේ සඳහා කළයුත්තේ උන්වහන්සේට වැඩි වශයෙන් නමස්‌කාර කිරීම බවත් සඳහන් කරමින් අමිතාභ බුදුන් නිර්මාණය ප්‍රදාහය කරනු ලබන නිර්මානාත්මක සංකල්පයක් බව ප්‍රකාශ කරයි.
මෙය ථෙරවාදී දර්ශනයට කෙසේවත් නොගැලපෙන්නකි. මුළු බුදුසමය මත පදනම් වූ ථෙරවාදයට අනුව නිවන ප්‍රදානය කරනු ලබන කිසිදු පුද්ගලයකු හෝ නිර්මාණයක් හෝ දෙවියකු නොමැත. එය පුද්ගලයා විසින් ප්‍රඥවෙන් හා උට්‌ඨාන වීර්යෙන් ළඟා කරගත යුත්තකි. මේ අනුව නිවන සාක්‍ෂාත් කිරීම සම්බන්ධයෙන් ථෙරවාදය හා මහායානය ඉඳුරාම වෙනත් මාර්ගයක් දෙකක් ඔස්‌සේ ළඟාවෙයි. මේ සියලුම අදහස් පිළිබඳ විමසීමේදී අපට පෙනී යන මූලික ලක්‍ෂණයක් වනුයේ මහායාන දර්ශනය තුළ බුද්ධත්වය හා නිවන යන සංකල්ප ඉතා සංකීර්ණ ස්‌වභාවයක් ගන්නා බවයි. නිර්මාණවාදය මෙන්ම පුද්ගල විමුක්‌තිය ගැලවුම්කරුවකු අත තීරණය වීම මුල් බුදුසමයට ඉඳුරාම පටහැනිය.
තතු එසේ වුවද ථෙරවාදය මෙන්ම මහායානය ද චතුරාර්ය සත්‍යය, හේතුඵලවාදය වැනි කරුණු හා එකඟ වීමක් දක්‌නට ඇති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් සොයා ගැනීමට අපහසුය. ථෙරවාදී බුදුදහමේ පවතින විsවෘත භාවය අනිකුත් සියලුම ආගමික දර්ශනයක් අභිබවා සිටී. වජ්‍රයානය, තක්‌ත්‍රයානය පමණක් නොව ශුන්‍යතාවාදය ආගමික ක්‍ෂේත්‍රය තුළ බිහි වූ තම මතවාදයක් වූයේ ද බුqදුදහමේ ඇති විවෘතභාවය කරනකොටගෙන වන අතර ඒ සඳහා උපස්‌ථම්භක වූ මුල් බුදුසමය තවමත් අඛණ්‌ඩ ලෙස පුහුදුන් මිනිසාගේ ජීව ශක්‌තිය විශ්ව ශක්‌තිය බවට පත්කරයි.