| ||||
Saturday, June 18, 2011
කෝප්පයේ භෞතිකවාදී කෙප්පය
Tuesday, June 14, 2011
මහින්දාගමනය හා බැඳුණු හෙළ පුනරුදය
2600ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථාන්විතව සමරන බෞද්ධයන් වන අප විසින් අවබෝධ කර ගත යුතු තවත් වැදගත් සංසිද්ධියක් ලෙස මහින්දාගමනය හා බැඳුන ලක්‌දිව පුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්‌දිව ඒකාලෝක වී ලක්‌වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක් මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්‌තියක් නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්‍යයකි.
මහින්දාගමනයට පළමුව ලක්‌දිව ස්‌ථිර වූ ශාසනයක් නොපැවැති බැවින් බුදුසමය ස්‌ථිර ආගමක් වශයෙන් ක්‍රියාකාරී වූයේ නැත. ඓතිහාසික තොරතුරුවලින් හෙළිවන්නේ ප්‍රාග් බෞද්ධ සමාජය තුළ දිව්‍ය, මනුෂ්‍ය, නාග, යක්‍ෂ යන විවිධ ගෝත්‍රිකයන් වාසය කළ බවත් බ්‍රාහ්මන ආගම, ශිව ආගම, ජෛන ආගම, පරිබ්‍රාජක ආගම මෙන්ම දෙවියන් ඇදහීම, ගස, ගල්, පර්වත, චෛත්‍යය, නැකැත් තරු ඇදහීම ඒ ඒ සමාජයන් අනුව ඒ ඒ පුද්ගලයන් අනුව, ක්‍රියාකාරී වූ බවයි. ඇදහීම් ක්‍රම තවදුරටත් ව්‍යාප්ත වීම් වශයෙන් අව් වැසි, සුළං ගිනි දේවත්වයෙන් සැළකූ අතර ඒ ඒ කර්මාන්තවලට අරක්‌ගත් විවිධාකාර දෙවිවරුන් පිළිබඳවද විශ්වාසයක් පැවති බව පෙනේ. වංශ කතා ගත තොරතුරු පිරික්‌සා බලන විට ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලක්‌දිව බුදු දහම අදහන්නවුන්ද සිටි බව පෙනී යයි. එම තත්ත්වය උදා වීමට හේතුවු කරුණු අතර බුදුරදුන් තෙවරක්‌ම ලක්‌දිවට වැඩම කරලීම, ඉන්දියාවේ සිට වෙළෙඳුන්, සංචාරකයන් වරින් වර පැමිණීමත්, විජය රජතුමා සමග පැමිණි පිරිසට ශාක්‍ය වංශිකයන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වීමත් ප්‍රධාන තැනක් ගනී. ගිරිහඬු සෑය පිළිබඳ කතා පුවතින් හා තිරියාය සෙල් ලිපියෙන්ද ඒ බව තහවුරු වෙයි.
තෙවැනි ධර්ම සංගායනයෙන් පසු ලක්‌දිව ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි පිරිසට කිසිදු බාධාවකින් තොරව තම අරමුණ සාර්ථකව ඉටුකරලීමට හැකි වූයේත් බුදුරදුන් ජීවමාන කාලයේ පටන්ම මෙහි ව්‍යාප්තව පැවැති බුදු දහමේ අරුණාලෝකය නිසාමය. ශ්‍රී ලංකා සංස්‌කෘතිය බුදු සමයෙන් පෝෂණය වීමේ ආරම්භය බුදුරදුන්ගේ ලංකා ගමනයෙහි සිට සම්බන්ධ වූවකි. උන්වහන්සේගේ ලංකා ගමනයෙන් එම පෝෂණයෙහි මූල බීජයන් රෝපණයවූ නමුදු එය සරුවට වර්ධනය වී අතුපතර විහිදී මල් ඵල ලැබදෙන්නා වූ තත්ත්වයට පත්වූයේ දෙවන පෑතිස්‌ස රාජ්‍ය සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස පැමිණීමත් සමගය.
තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයා බුදු දහමේ පණිවිඩය ලෝකයේ ව්‍යාප්ත කිරීමෙහි යෙදුණේය. එකල ලක්‌දිව රජ කළ තිස්‌ස රජු සමග කලක සිට නොදුටු මිත්‍රත්වයකින් බැඳී සිටි අශෝක රජතුමා විශේෂ වරප්‍රසාද වශයෙන් සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස ලක්‌දිවට එවීය. එම දූත පිරිසට මිහිඳු හිමි සමග ඊට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දසාල, අභිඥලාභී සුමන සාමණේරයන් හා පණ්‌ඩුක උපාසක තුමා ද යන සත් දෙනා අයත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි පොසොන් මස පුරපසළොස්‌වක පෝදා දඹදිව වේදිස ගිරි නුවරින් පිටත්ව ලක්‌දිව මිහින්තලා පර්වතයට පැමිණියහ.
මෙදින ලක්‌දිව නැකත් කෙළි දිනයකි. මෙදින මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජතුමා මිස්‌සක පව්වේදී හතළිස් දහසක පිරිස සමග තිසරණ සරණයට පත්වීම සිදුවූයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ චුල්ලහFථිපදොපම සූත්‍රය ඇසීමෙනි. මෙම සූත්‍ර දේශනාව සිදුකිරීමට පෙර මිහිඳු හිමියන් විසින් ලක් රජතුමා හට ගැඹුරු බුදු දහම වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇත්දැයි දැනගැනීම සඳහා අඹ පැනය හා නෑ පැනය යන ප්‍රශ්න දෙක විචාළේ සංවාදාත්මක ස්‌වරූපයෙනි. මිහිඳු හිමියන් විසින් සිරිලක ප්‍රථම දේශනාව ලෙස තෝරාගනු ලැබුවේ මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයට අයත් තුන්වන ඕපම්ම වග්ගයේ හත්වන සූත්‍ර දේශනාව වන චුල්ලහFථිපදෝපම සූත්‍රයයි. මෙසේ වීමට හේතු කාරණා කිහිපයක් පෙන්වා දීමට හැකිය. ආගන්තුක දහමක් දෙවන පෑතිස් රජු ඇතුළු රටවැසියනට කියා දීමට පෙර දහමේ ස්‌වභාවය එය දරන්නෝ කවරාකාරයෙන් ද ආදී වශයෙන් අවබෝධය ලක් ජනයාට ලබාදී එතුළින් මිහිඳු හිමියන් විසින් රැගෙන ආ දහම වුවද භාරගත යුතු හෝ භාරගත නොගතයුතු බව තීරණය කිරීමට අවස්‌ථාව සලසා දීම ඒ අතර ප්‍රධානය.
ලංකා ගමනයෙන් දෙවන දින දෙවන පෑතිස් රජුගේ මාළිගයේදී දහවල දානය වළ¹ අවසානයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වන පේතවFථු දේශනයද අනතුරුව විමාන වFථු දේශනාව ද සිදුකරනු ලැබුවේ අකුසලය පලදීම සහ කුසලය පළ දීම සිදුවන ආකාරය පිළිබඳව අවබෝධය ලබා දෙමින් දානය කුසලයක් බවත් එහි අනුසස් දැක්‌වීම සඳහා කුසලයේ විපාක සුවදායක අයුරු පෙන්වා දෙමින් අකුසලයෙහි විපාක දුක්‌ඛ සහගත කටුක විපාක බව දක්‌වමින් ජනයා කුසලයට නැඹුරු කරලීම සඳහාය. දෙවන දිනම සවස් යාමයේදී රාජකීය ඇතුහලේදී තෙවන මිහිඳු දේශනාව වන සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ උපරිපණ්‌ණාසකයට අයත් දේවදූත නම් වූ සූත්‍ර දේශනාව සිදුකර ඇති අතර මෙහි අන්තර්ගත වන්නේ කාය සුචරිතයේ වචී සුචරිතයෙහි හා මනෝ සුචරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු සුගතිගාමී වන බවත් කාය දුච්චරිතයේ "වචී දුච්චරිතයෙහි හා මනෝ දුච්චරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු දුගතිගාමී වන බවත් එහිදී සුගතියට පත් වන්නා සැප විඳින බවත් දුගතියට පත් වන්නා දුක් විඳින බවත්ය. මෙම දේශනාවද ඉතා වැදගත් පසුබිමක් සකස් කරනු ලබන්නේ පුද්ගලයාට තම ජීවිත කාලයේදී තම ඇවතුම් පැවතුම් සකස් කර ගැනීමට මංපෙත් විවර කරවීමට සමත් වන නිසාය.
හත්වන මිහිඳු දේශනාව වශයෙන් දේශනා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ දහනම වන ආසිවිස වග්ගයේ පළමු සූත්‍රයයි. මෙහිදී ආසිවිසෝපම සූත්‍රයෙන් ලක් ජනයාට මිහිඳු හිමියන් විසින් බුදුසමයේ අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව කිරියා, ආනුපූර්ව ප්‍රතිපදාව පහදා දීම සිදුකර ඇත. අට වන මිහිඳු දේශනය වන්නේ රජෝවාද සූත්‍රයයි. මෙම සූත්‍රය මිහිඳු හිමියන් දේශනා කරනු ලැබුවේ දෙවන පෑතිස් රජ ඇතුළු පාලක පිරිසටය. රටේ පාලකයා ධාර්මික වූ කලී ජනයා ද නායකයා අනුව යමින් ධාර්මික වන අතර පාලකයා අධාර්මික වන විට ජනයා ද අධාර්මික වන බව ඉන් රට නිසරු වන බවත් දක්‌වන අතර එනිසාවෙන් පාලකයා නිරතුරුවම ධාර්මික අයෙකු ලෙසින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.
මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඩගස්‌සවා ගැනීමට මංපෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්‌කෘතික වශයෙන් වූ සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයට මහින්දාගමනය පුරෝගාමී විය. මහින්දාගමනයට පෙර යම් යම් ආගමික කටයුතු පැවැති බව වංශකතා සාක්‍ෂි දරන නමුදු එකදු ආගමක් වත් තහවුරු වී නොතිබුණි. මහින්දාගමනයෙන් පසු බුදු දහම මුල් බැස ගැනීම නිසා ගමක් පාසා බෞද්ධ විහාරාරාම ඉදි විය. අහස සිඹින මහා දා ගැබ් ඉදිවිය. මෙනිසාම ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය මේ උතුම් පින් බිම තුළ ඉදිවිය. සිත් පිත් නැති කලු ගල් කුලකට මෙත් කරුණා ගුණ පෙවූයේ මහින්දාගමනයෙන් ලත් මානව සන්තාන ගත සන්හිඳියාව නිසාවෙනි. එසේම මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතුවිලි, සිරිත් විරිත්, ගුණධර්ම, කලා ශිල්ප, ආගමික විශ්වාස ආදියෙහි විශාල වෙනස්‌කම් ඇති වෙමින් බුදු දහමින් පෝෂණය වූ සංස්‌කෘතියක් බිහි විය. සිංහල සංස්‌කෘතිය ද බෞද්ධ සංස්‌කෘතියම වෙමින් බුදු දහමින් පෝෂණය වන්නට විය.
මහින්දාගමනය හා බැඳුණු රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව පැවැත්වූයේ ඉතා චාම් සරල ක්‍රමයකටය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස් හා ක්‍රමානුකූල රාජාභිෂේකයකට අවශ්‍ය කකුධ භාණ්‌ඩ තෑගි වශයෙන් ලැබුණ පසු දේවානම්පියතිස්‌ස රජතුමා ද මෞර්යය රාජවංශ ක්‍රමයට දෙවැනි රාජාභිෂේක උත්සවයක් පැවැත්වූවේය. බෞද්ධකමත් රාජ්‍යත්වයත් ඒකාබද්ධ වෙමින් බෞද්ධකම රටේ රජකම වැනි උසස්‌ම තත්ත්වය ලබා ගැනීමේ අනිවාර්ය සුදුසුකම විය. එළාර වැනි ද්‍රවිඩ රජුන් පවා බුදුදහමට පුද සත්කාර කරනු ලැබුවේ මේ නිසාවෙනි. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, දස පුණ්‍ය ක්‍රියා යන බෞද්ධ ඉගැන්වීම් රජතුමා විසින් පිළිපැදිය යුතු මාර්ගය විය. පාලන ප්‍රතිපත්තිය වූයේ දඬුවමින් තොරව හා අවි ආයුධවලින් තොරව පාලනය කිරීමයි. දාඨා ධාතුව, පාත්‍ර ධාතුව මෙරටට ගෙන ආ පටන් ආරක්‍ෂා වූයේ රජතුමා භාරයේය. උතුම් වස්‌ත්‍ර දෙක යම් කෙනෙකුට අයත් නම් ලක් රජය ඔහු සතුය යන විශ්වාසය තහවුරු විය.
බෞද්ධ සමාජය හා බැඳුණු ආර්ථික පසුබිම හා සැලකීමේදී බෞද්ධ සමාජයේ ගොවිතැන උසස් ලෙස සලකුණු ලැබීය. එය දැහැමි රැකියාවක් විය. "මඩ සෝදා ගත් ගොවියා රජකමට වුව අගී" යන පිරුළ ඇති වූයේද කෘෂිකර්මාන්තයේ උසස්‌කම සැලකීමෙනි. එනිසාම ලෝකයේ අද්විතීය වාරි තාක්‍ෂණත් මෙරටෙහි නිර්මාණය විය. එසේම මහින්දාගමනයෙන් අප ලද තවත් වටිනා දායාදයක් ලෙස අධ්‍යාපනික පසුබිම පෙන්වා දිය හැකිය. ප්‍රාග් බෞද්ධ යුගයෙහි අක්‍ෂරවලින් ලියන ලද යමක් සොයා ගැනීම අපහසුය.
ලක්‌දිවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රාහ්මි අක්‍ෂර මාලාව සහිතව සකස් වූ අක්‍ෂර හෝඩියක් අපට ලැබුණේ යෑයි සිතිය හැක. පාලි භාෂාව හා වෙනත් භාරතීය භාෂාවන්ගේ සම්මිශ්‍රණය නිසා සිංහල භාෂාව පෝෂණය වූයේ යෑයි උගතුන්ගේ පිළිගැනීමයි. බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සිංහල බෝධි වංශය දළදා සිරිත, පන්සිය පනස් ජාතක පොත, මුවදෙව්දාවත, සස¹වත, ගුත්තිලය ආදී ගද්‍ය පද්‍යා සාහිත්‍ය කෘති සමූහය නිසා සිංහල සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වූයේ බුදු සමයෙන් ලත් පෝෂණය නිසාමය. එසේම එදා පාලි අට්‌ඨ කතා සම්පාදනය සඳහා ලක්‌දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන්ට මහෝපකාරී වූ හෙළ අටුවාවන්ද සම්පාදනය වී තිබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් යයි ඇතැමුන්ගේ පිළිගැනීමයි.
සමාජීය වශයෙන්ද මහා ප්‍රබෝධයක් ඇති කරලමින් ලක්‌දිව සමාජ පසුබිම කෙරෙහිද මහින්දාගමනයෙහි බලපෑම සිදුවිය. පන්සිල් සමාදන් වී කටයුතු ඇරඹීමත් පෝදා අටසිල් සමාදන් වීමත් ජාතික සිරිතක් විය. පොහෝදා සියලු ව්‍යාපාර නතර කළ යුතු විය. සතර පෝය ප්‍රසිද්ධ නිවාඩු දින විය. සිංහලයන් අතර බෞද්ධ සංඥනාම ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ලක්‌වැසියා තුළ පරිත්‍යාගශීලී බව, ආගන්තුක සත්කාරය, පරෝපකාරය, ඉවසීම, තැන්පත්කම, කරුණාව, මෛත්‍රිය, පිනට ලැදි බව ආදී ගුණ ධර්ම බල පවත්වන්නට වූයේ මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් බුදුදහමේ ආභාෂය ලැබීම නිසාය. ලාංකිකයන්ගේ සිත් සතන් තුළ මානුෂීය හැඟීම් සනිටුහන් කරලීමට අවැසි වටපිටාවක් බුදුදහමේ ආභාෂයෙන් ලැබී ඇති බව වර්තමාන තත්ත්වය අනුව අතිශයෝක්‌තියක් නොවන බව අපට හැඟී යන්නකි.
ලක්‌වැසියාගේ විනෝද ජීවිතයේ ද මහත් විපර්යාසයක් ඇති වූයේ ද මහින්දාගමනයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයෙනි. භාතිකාභය වැනි රජවරු නැටුම්, ගැයුම්, වැයුම් ද ආගමික උත්සව සඳහා යොදා ගත්හ. වෙසක් උත්සවය ජාතික බෞද්ධ උත්සවයක් විය. දුටුගැමුණු රජතුමා වසරක් පාසා වෙසක් උත්සවය පැවැත්වීය. එසේම පොසොන් උත්සවය, කඨ§න පූජෝත්සවය වැනි උත්සව තුළින් බෞද්ධ සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරලීමට අවැසි වටපිටාවක් නිර්මාණය වීම මහින්දාගමනය තුළින් ලද දායාදයකි.
මිහිඳු මහා රහතන් වහන්සේ ලක්‌දිවට පැමිණ මිහිඳු දේශනා තුළින් ක්‍රමයෙන් ක්‍රමානුකූලව සකස් කරන ලද මේ තම්බපණ්‌ණි දීපය ස්‌වයංපෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කියූ දැහැමි රටක් විය. මිනිසත්කම උතුරා හැලුනි. මහින්දාගමනය තුළින් අපි ලද දායාද පෙරටු කොට ගෙන වර්තමාන සමාජය තුළ පොසොන් උදාව මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බෞද්ධ සිත් සතන් තුළ ශ්‍රද්ධා මහිමය වඩවමිනි. මහින්දාගමනයෙන් පුනරුදයට පත්වූ වර්තමාන සමාජ, ආගමික, සංස්‌කෘතික සමාජ පසුබිම තුළ ජීවත් වන අප විසින් සුපිරිසිදු ඇවතුම් පැවතුම් ඇති කොට ගෙන තම ජීවිත සකස් කොටගෙන තිබෙන්නේ ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේම අප ලද නිර්මල වූ බුදු දහම මතු පරපුරට උරුමකර දීමට පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය ද උදාවී ඇත. "යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති" යන බුදු වදනට අනුව යමෙකු මේ පොසොන් සමයේ මිහිඳු මා හිමි ගුණ සමරන්නට සිතන්නේ නම් පිළිවෙත් පෙරටු කොට එය සිදුකළ යුතුමය. එවිට මිහිඳු ගුණයෙන් මේ මිහිතලයම නිවී සැනසෙනු නොඅනුමානය.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී යූඑස්‌පී පීඑස්‌සී
එක්‌සත් ජනපද තානාපති හා එක්‌සත් ජාතින්ගේ
ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත
නිව්යෝක් - එක්‌සත් ජනපදය.

Monday, June 13, 2011
ථෙරවාදය හා මහායානය
බුදුදහම හා ථෙරවාදය අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධතාව බුදුන්වහන්සේගේ කාලයෙහි පටන් අද දක්‌වා අවිච්äන්නව පැවත එන මහා සම්ප්‍රදායේ එක් මූලික වූත් ඉතා වැදගත් වූත් සමස්‌ත බුදුදහමේ සාරය කැටිකර ගත්තා වූත් මහා ඥන ප්‍රවාහයකි. එතකුදු වුව මහායාන දර්ශනය බිහිවීමත් සමඟ ඇරැඹි නව නිකායික අදහස් ලොව පුරා ව්‍යාප්ත වූ අතර එය වරෙක මුල් බුදුසමය හා එක්‌වද වෙන්වද ස්‌වාධීන ලෙස ගමන් කරයි. අයෙක් මහායානික අදහස් ථෙරවාදයේ දියුණු අවස්‌ථාවක් ලෙස දකියි. ආයෙත් එය මූලික බුදුසමය ගැඹුරින් විශ්ලේෂණය කරන ලද අවස්‌ථාවක් ලෙස සලකයි. එහෙත්, බොහෝ අවස්‌ථාවලදී ථෙරවාදී අංග ලක්‍ෂණ සමඟ ඒකමිතියක් දක්‌වන මහායාන දර්ශනය බුද්ධත්වය, බුද්ධ ශරීරය, බෝසත්බව හා රහත් බව යන සංකල්පයන් පිළිබඳ දක්‌වා ඇත්තේ එකිනෙකට පරස්‌පර වූ මතවාදයන්ය. මෙම මතවාදයන් පාලි ත්‍රිපිටකය හා පදනම් වන අතරම ත්‍රිපිටකයෙහි ඇති ඇතැම් කරුණු පිළිබඳ දක්‌වා ඇති වෙනත් ආකාරයක දෘෂ්ටිමය භාවිතයක් වේ. ඒ කෙසේ වතදු ථෙරවාදය හා මහායානය තුළ පවතින සාම්‍යයන් මෙන්ම දෘෂ්ටිමය පරස්‌පරයන් මූලික ලෙස කේන්ද්‍රගත වී ඇත්තේ බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන නමැති මූලික තත්ත්වය සාක්‍ෂාත් කරගැනීමේ අරමුණෙනි.
ථෙරවාදයට අනුව බුදුන් වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙකි. සැබෑ මනුෂ්‍යයෙකු වූ බුදුන් වහන්සේ සිය උට්‌ඨාන වීර්යයෙන් හා ප්‍රඥවෙන් උත්තරීත්වයට පත්වී දෙවියන්ට මෙන්ම සකල සත්වයන් හට වෙහෙස නොබලා ධර්මය දේශනා කොට ඔවුන් දුකින් මුදවාලයි. මෙම දුකින් මුදවීම යන සංකල්පය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි. බුදුන් වහන්සේ සත්වයා දුකින් මුදවාලනු ලබන්නේ එයින් මිදීමේ මාර්ගය අවබෝධ කර දීමෙන් මිස කිසිදු ආකස්‌මිත බලවේගයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. බුදුන්වහන්සේ අනිකුත් කිසිදු තීරණාත්මක දෙවි කෙනකුගේ ගැලවීමක් හෝ වරදින් මුදාහැරීමක් කිසි කලෙකත් අනුමත නොකරන ලද අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය පෝෂණය කිරීම මගින් ඔවුනගේ ගැලවීම හෝ දුකින් මිදීම ඔවුන් වෙතම පවරා දුන්හ. මෙසේ උත්තම මානුෂික ලක්‍ෂණ විදහා දැක්‌වූ බුදුන්වහන්සේ මූලික කොට ගනිමින් නිර්මාණය වී ඇති විවිධ ජනප්‍රවාද හා ඓතිහාසික කතා ප්‍රවෘත්ති මගින් උන්වහන්සේගේ සැබෑ මානුෂික ලක්‍ෂණ දේවත්වයක් කරා පරිවර්තනය කොට ඒ ඇසුරින් උන්වහන්සේගේ උතුම් මානුෂීය ලක්‍ෂණ යටපත් කොට ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. පාලි පෙළපොත්වල ද සමහර අවස්‌ථාවන්හිදී මෙම ලක්‍ෂණය විද්‍යමාන වුවත් බුදුන්වහන්සේ සැබෑ මනුෂ්‍යයකු විනා මනුෂ්‍ය ස්‌වභාවය ඉක්‌මවූ ආශ්චර්යවත් අද්භූත පුද්ගලයකු නොවන බව ත්‍රිපිටකය විවේද බුද්ධියෙන් හැදෑරීමෙන් පැහැදිලිව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි කාරණයකි.
ථෙරවාද ත්‍රිපිටකය බුදුන්ගේ මානුෂික ලක්‍ෂණ ඉතා විශ්වසනීය ආකාරයකට පෙළගස්‌වන අතරතුර බුදුන්වහන්සේගේ අතිමානුෂික ලක්‍ෂණ ද අතිශෝක්‌තියෙන් වර්ණනා කොට තිබේ. එහි පසුකාලීන ප්‍රතිඵලයක් වූයේ බුදුන් යනු කවරෙක්‌ද? යන්නෙන් පැනනැඟුණු මූලික ගැටලුව හා ඒ හා බැඳුණු උන්වහන්සේගේ ලෝකෝත්තර තත්ත්වය කවර ආකාරයට විද්‍යමාන වේද? යන්නෙන් පැනනැගුන අදහසයි. මෙම ගැටලු නිරාකරණයේදී පෙළපොත් ඇසුරින් සාකච්ඡාවක නිරත වන මහායානිකයෝ ඒ හා බැඳුණු ධර්ම කරුණු අරභයා නවතම අර්ථකථනයක් දීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මූලික වශයෙන් මහායාන දර්ශනයට අඩිතාලම වැටිණි.
වස්‌සක්‌කාර නම් ඇමැතිවරයෙක් බුදුන්වහන්සේ හමුව ඔබ වහන්නේ කවරෙක්‌ද? මනුෂ්‍යයෙක්‌ද? යක්‍ෂයෙක්‌ද? දෙවියෙක්‌ද? බ්‍රහ්මයෙක්‌ද? ආදී ඇසූ ප්‍රශ්නවලට බුදුන්ගේ පිළිතුර වූයේ ඒ කිසිවෙක් නොවෙමි. "බුදුවරයෙක් වෙමි" යන්නයි. මෙම පිළිතුර අර්ථකය කරනු ලබන මහායානිකයන්ගේ අදහස වූයේ බුද්ධත්වය, මනුෂ්‍ය, යක්‍ෂ, දේව, බ්‍රහ්ම ස්‌වරූපය ඉක්‌මවා ගිය තත්ත්වයක් ලෙසයි. මෙම තත්ත්වය පුළුල් ලෙස විවරණය කරනු ලබන මහායාන ධර්මය බුද්ධත්වය යනු බාහිර පැවැත්මකින් තොර රූපකායක් නොමැති පරමාර්ථ සත්‍යයම පමණක් වන බව ප්‍රකාශ කළ අතර ථෙරවාදීන් පිළිගන්නා බුදුන්ගේ කායික ස්‌වරූපය ප්‍රතික්‍ෂේප කරමින් බුද්ධකාය ධර්මකායම බව අදහස් කළේය. බුදුන්ගේ රූපකාය ප්‍රතික්‍ෂේප කළ මහායානිකයෝ එම ප්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතු සාධක පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙන්ම සොයා ගැනීමට අමතක නොකළ අතර බුදුන් වදාළ "යො ධම්මා පස්‌සති සො මං පස්‌සති" යන ගාථා පාඨය පිළිබඳ විවරණයක යෙදෙමින් මහායානිකයෝ එම ගාථා අර්ථය තුළින් මතුවන යමෙක් ධර්මය දකින්නේ ද හේ මා දකියි යන මූලික අදහස බුදුන් විසින් රූපකාය ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන අවස්‌ථාවක් ලෙස විග්‍රහ කරති. එහෙත් මෙහි අර්ථය වනුයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවේ ඇති වටිනාකම විනා බුදුන් රූපකාය ප්‍රතික්‍ෂේප කිරීමක් නොවේ.
ථෙරවාදීන්ට අනුව පැහැදිලි ලෙස බුද්ධකාය සහ ධර්මකාය යනුවෙන් ප්‍රධාන සංකල්පයන් දෙකක් අර්ථවත් වුවත් මහායානයට අනුව බුද්ධකාය යනු පරමාර්ථ සත්‍යයම යන්නයි. ඒ අනුව පරමාර්ථ සත්‍යය ලෝකයාගේ යහපත පිණිස මනුෂ්‍ය ස්‌වරූපයෙන් මෙලොව ඉපදී බුදු වී දහම් දෙස පිරිනිවන් පානා බව මහායානික මතයයි. එහෙත් මෙහිදී පැනනැඟුණු මූලික ගැටලුවක් වූයේ මෙසේ පරමාර්ථ සත්‍යය මගින් නිර්මාණයක් කෙසේ බිහිවන්නේද? යන මූලික ගැටලුවයි. මන්ද මහායාන චින්තනයට අනුව බුදුවරු යන්න හුqදු නිර්මාණයක් විනා සත්‍ය වූ රූපයකින් හෙබි ශරීරයක් නොවන බැවිනි. පරමාර්ථ සත්‍යය මගින් නිර්වාණයක් කෙසේ බිහිවේද? යන ගැටලුව විසඳීමේදී ඔවුන් එය සම්භෝග කාය තුළින් පෙනී සිටින බවත් සම්භෝග කාය යනු සත්‍ය වශයෙන්ම පරම සත්‍යය පුද්ගල ස්‌වරූපයෙන් බෝසතුනට වැටහෙන ආකාරය බවත් අදහස් කළේය. බෝසතුන්ට එය පරසම්භෝග කාය නම් වන අතර බුදුවරුනට එය සවසම්භෝග කාය නම් වේ. එසේම බුද්ධත්වය පිළිබඳ තවදුරටත් අදහස් දක්‌වන මහායානිකයෝ බුද්ධත්වය එක් බුදුවරයකුට පමණක් සීමා නොවන බවත් අසංඛ්‍ය සංඛ්‍ය බුqදුවරුන් රාශියක් සිටින බව ද එයට අමතරව පරමාර්ථ සත්‍යය හෙවත් බුදුවරු ඒ ඒ දිශාවකට වෛරෝචක, අතෝෂභය, රත්නසම්භව, අමිතාභ, අලෝසසිද්ධි යනුවෙන් පාදූර්භූත පහක් වන බව ප්‍රකාශ කරන අතර අපරදිගට අධිපති අමිතාභ බුදුන් විසින් නිර්මාණය ප්‍රදනය කරන බවත් මහායානය පවසයි. මේ සඳහා කළයුත්තේ උන්වහන්සේට වැඩි වශයෙන් නමස්‌කාර කිරීම බවත් සඳහන් කරමින් අමිතාභ බුදුන් නිර්මාණය ප්‍රදාහය කරනු ලබන නිර්මානාත්මක සංකල්පයක් බව ප්‍රකාශ කරයි.
මෙය ථෙරවාදී දර්ශනයට කෙසේවත් නොගැලපෙන්නකි. මුළු බුදුසමය මත පදනම් වූ ථෙරවාදයට අනුව නිවන ප්‍රදානය කරනු ලබන කිසිදු පුද්ගලයකු හෝ නිර්මාණයක් හෝ දෙවියකු නොමැත. එය පුද්ගලයා විසින් ප්‍රඥවෙන් හා උට්‌ඨාන වීර්යෙන් ළඟා කරගත යුත්තකි. මේ අනුව නිවන සාක්‍ෂාත් කිරීම සම්බන්ධයෙන් ථෙරවාදය හා මහායානය ඉඳුරාම වෙනත් මාර්ගයක් දෙකක් ඔස්‌සේ ළඟාවෙයි. මේ සියලුම අදහස් පිළිබඳ විමසීමේදී අපට පෙනී යන මූලික ලක්‍ෂණයක් වනුයේ මහායාන දර්ශනය තුළ බුද්ධත්වය හා නිවන යන සංකල්ප ඉතා සංකීර්ණ ස්‌වභාවයක් ගන්නා බවයි. නිර්මාණවාදය මෙන්ම පුද්ගල විමුක්‌තිය ගැලවුම්කරුවකු අත තීරණය වීම මුල් බුදුසමයට ඉඳුරාම පටහැනිය.
තතු එසේ වුවද ථෙරවාදය මෙන්ම මහායානය ද චතුරාර්ය සත්‍යය, හේතුඵලවාදය වැනි කරුණු හා එකඟ වීමක් දක්‌නට ඇති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් සොයා ගැනීමට අපහසුය. ථෙරවාදී බුදුදහමේ පවතින විsවෘත භාවය අනිකුත් සියලුම ආගමික දර්ශනයක් අභිබවා සිටී. වජ්‍රයානය, තක්‌ත්‍රයානය පමණක් නොව ශුන්‍යතාවාදය ආගමික ක්‍ෂේත්‍රය තුළ බිහි වූ තම මතවාදයක් වූයේ ද බුqදුදහමේ ඇති විවෘතභාවය කරනකොටගෙන වන අතර ඒ සඳහා උපස්‌ථම්භක වූ මුල් බුදුසමය තවමත් අඛණ්‌ඩ ලෙස පුහුදුන් මිනිසාගේ ජීව ශක්‌තිය විශ්ව ශක්‌තිය බවට පත්කරයි.

සුලෝචන වික්‍රමසිංහ
Friday, June 10, 2011
විඥනවාදී භෞතිකවාදියෝ
බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කළේ යෑයි කිව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්‌ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්‌මනින් පොල් ගෙඩිය බිමට වැටෙන බව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරින් වැඩි වස්‌තුව බරින් අඩු වස්‌තුවට වඩා ඉක්‌මනින් පොළොවට වැටෙන බව ඇරිස්‌ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.
එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යැමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්‌තයක වස්‌තු එක ම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්‌ත රික්‌තයක වස්‌තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක් එක් පුද්ගලයාට ඇති වන අත්දැකීම්, එසේත් නැත හොත් ඒ ඒ පුද්ගලයා ගේ නිරීක්‍ෂණ සියලු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යෑයි උපකල්පනය කරමින් සාධාරණව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.
ඉන්පසු එසේ සියලු ම නිරීක්‍ෂකයන්ට එක ලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැති ව වුව ද ඒ සංසිද්ධි ඇති වන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක් ලෙස ගත හොත් සියලු නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව වස්‌තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීක්‍ෂකයන් නැති ව වුව ද වස්‌තු ඒකාකාර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක් බවට පත් විණි. ඒ සමඟ වාස්‌තවික යථාර්ථය (Objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතු විණි.
නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇති වන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත වූ නියම අනුව සිදු වන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්‌තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතා ගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්‌තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියලු අංශු එකිනෙක එක්‌තරා නියමයකට අනුව ආකර්ෂණය වීම නිසා යෑයි නිව්ටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.
චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියෑවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්‌තු (අංශු) එක ම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ෂණය කරන බවත් වස්‌තු බාහිර බල යටතේ එක ම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිව්ටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්‌තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි. නිව්ටෝනීය නියමයට අනුව එක් අංශුවක් අනෙක් වස්‌තු විසින් ආකර්ෂණය කෙරෙයි. නිරීක්‍ෂකයන් නැති වත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විද්‍යාවට අනුව වාස්‌තවික නියමයක ප්‍රතිඵලයක් වෙයි.
සියලු වස්‌තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණව ය. එහෙත් විශ්වයේ ඇති සියලු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදු වන්නේ අංශු කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක් කිරීම ය. ඒ සාධාරණයට ලක් කිරීමට ඒ ඒ වස්‌තු එකිනෙක නිරීක්‍ෂණය කළ යුතු නො වේ. අංශු කිහිපයක් නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරණීකරණය අභ්‍යqහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍යqහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක් අංශුවක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.
අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියලු වස්‌තු එක ම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්‌තුව පොල් ගෙඩියක් වුවත් යකඩ බෝලයක් වුවත් එක ම ගුරුත්වාකර්ෂණ නියමයට යටත් වෙයි. එමෙන් ම එක ම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්‌තු ඊනියා වාස්‌තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්‌නට ලැබෙන ඊනියා විශ්වීය (Universal) නියමයකි. පොල් ගෙඩි, දෙල් ගෙඩි පමණක් නො ව සූර්යයා හා ග්‍රහ වස්‌තු ද මන්දාකිණි ද මේ නියමයට යටත් වන්නේ යෑයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.
මේ කිසිවක් ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් ගැන අවධාරණය කළ ද ඊනියා වාස්‌තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්‌කක් නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියලු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එක ම ආකාරයෙන් ඒ ඒ සංසිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නිරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවැති වස්‌තු හා අනාගතයේ දී ඇති වන වස්‌තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?
වාස්‌තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක් වෙයි. ඊනියා අභ්‍යqහනය එහි දී යොදා ගැනෙන විධි ක්‍රමය යෑයි කියනු ලැබෙයි. අභ්‍යqහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද එයින් කියෑවෙන්නේ වස්‌තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යqහනයෙන් (Mathematical
Induction) ලබාගත හැකි වූවක් ද නො වේ. අනෙක් අතට ගණිත අභ්‍යqහනය පියානෝ ගේ ස්‌වසිද්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්‌වසිද්ධි ගණිතයේ අනෙක් ස්‌වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක් වියුක්‌ත උපකල්පන පමණක් වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්‌වසිද්ධි හා ඇරිස්‌ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකි නම් නිරපේක්‍ෂකත්වය, වාස්‌තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.
වියුක්‌ත චින්තනය බටහිර විද්‍යාවට නැති ව ම බැරි ය. වියුක්‌තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැනි වෙයි. වියුක්‌ත චින්තනයෙහි දී පංෙච්න්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇල වන කුලුන වටා රික්‌තයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්‌තයක් සිතෙන් මවා ගැනීමට ය. ඔහු ගේ ඊනියා පරීක්‍ෂණයේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර රික්‌තයක් නො වී ය. එහෙත් රික්‌තයක් නොමැති ව වස්‌තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක් ද නො වී ය.
අනෙක් අතට වස්‌තුව යනු කුමක් ද? වස්‌තුව යන්න ම වියුක්‌ත සංකල්පයකි. වියුක්‌ත සංකල්ප පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සැම අවස්‌ථාවක දී ම ඒ සියල්ල එක ම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත ර¹ නො පවතින බව ද ඔහු ගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන් ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තද බව හෝ වෙනත් ගුණයක් හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක් නැති ඇපල් ගෙඩියක් පමණක් නො ව අහවල් ගෙඩිය යෑයි කිව නො හැකි ගෙඩියක් හෝ කකුල් ඇති නැති ඕනෑ ම සතකු හෝ වෙනත් දෙයක් හෝ මෙහි දී යොදාගත හැකි ය.
වස්‌තුවක් යනු අතිශයින් ම වියුක්‌ත සංකල්පයකි. එය කිසිසේත් ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක් නො ව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක් වැනි සිතෙන් මවාගත නො හැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නො හැකි සංකල්ප වෙයි. වස්‌තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්‌ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑ ම සංකල්පයක් වස්‌තුවක් විය හැකි බැවිනි.
බටහිර භෞතික විද්‍යාව පමණක් නො ව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්‌තවිකත්වය මත ර¹ පවතියි. එහෙත් වාස්‌තවිකත්වය යන්න පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වනවා පමණක් නො ව සිතෙන් ද මවාගත නො හැකි සංකල්පයකි. එයින් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක් සිතෙහි පහළ නො වන බව නො වේ. වාස්‌තවික්‌තවය යනු සිතෙහි ඇති වන සංකල්පයකි. එය පංෙච්න්ද්‍රියන් ගෙන් සංජානනය කළ නො හැකි සංකල්පයකි. එපමණක් නො ව එහි රූපයක්, ගඳක්, සුවඳක්, හැඩයක්, රසයක්, ශබ්දයක්, තද බවක්, මොළොක් බවක් ගැන සිතෙහි මවාගත නො හැකි ය එය යුදෙව්වන් ගේ වියුක්‌ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේ ගේ පිළිමයක් වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත.
බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක් නො ව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්‌තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නො වන මතිමතාන්තර ය. වස්‌තුව යන්න සිතෙහි ඇති සංකල්පයක් පමණක් වන විට වාස්‌තවිකත්වයක් ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළ යුත්තේ කුමක් ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක් ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නො වන සංකල්ප ගැන කතා කරන්නෝ විඥනවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත් කල ඊනියා වාස්‌තවිකත්වයක් ගැන කතා කරන භෞතිකවාදයෝ ද විඥනවාදියෝ වෙති.
මහාචාර්ය නලින් ද සිල්වා

Subscribe to:
Posts (Atom)