Saturday, June 18, 2011

විද්‍යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක්ද? From FaceBook Letters

විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ?

Contents of this post originally appeared as a is a response to
http://rcgbs.wordpress.com/2010/10/04/001

අප මෙහි කතා කරන්නෙත් විශ්වයේ භෞතිකත්වය පමණයි. භෞතිකත්වයෙන්
පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.
බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය
[spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ
belief එකකින් මිසක් understanding එකකින් නොවේ.

ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model”

කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ.

ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම්

ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?

විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ? ගොඩක් අය නොදන්න

තැනක්.

ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත්

භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම

ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට

නොහැකි නිසායි.

එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව

ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන

process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence]

ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි.

[macro concept of life emerges from non-life by means of zillion

micro-reactions converged by means of evolution]

මෙය හැම ආගමකම බිඳ වැටීමක්. සියළු ආගම් කොටින්ම ආධ්යාත්මිකත්වය

ගැන සියළුම ඉගැන්වීම පදනම් වන්නෙ ජීවියා ගේ සංකීර්ණත්වය විස්තර

කරන බාහිර වූ අභෞතික දේවල් මත. මෙවැනි දෙයක් නැති තැන ආගමික

පැහැදිලි කිරීම් වල අවශ්‍යතාවයක් නෑ.

spiritual වෙන්න කැමති අයට ලෝකයේ අටෝරාසියක් ආගම් තිබේ. එක

එක විදීහට විශ්වයේ spirituality ගැන ඒවායේ කියනවා. කර්මය,

දෙවියන් වහන්සේ බ්‍රහ්මන් ආදී ලෙසට. හැම ආගමකම ඇත්තෙ spirituality

ගැන belief එකක්. ඒක පුංචි කාලෙ brain wash කරල ලොකු උනාම කියවනව.

හැබයි එය නම් ඔබේ ආසාව මා එයට ගරු කරනවා.

භෞතික වූ විශ්වය වඩාත් සාධාරණ වූ ක්‍රමවේදයකින් හදාරණ විද්‍යාවට

ගරහන්න එපා. ඔබේ නොදන්න කම [අවිද්‍යාව] විද්‍යාවේ වරදක් නොවෙයි.

--------------------------------------------

තරමක කාලයක් මෙහි සටහනක් නොවැටීම නිසා, ටිකක් මේකෙන් ඈත්

වන්නට අදහස් කළා. අවශ්‍ය නම් ඉහත සඳහන් මගේ බ්ලොග හරහා මා

නැවත අවදි කරවිය හැකියි. ඉෂාන් ගෙන් හොඳ උත්තරයක් ලැබුනොත් අගෙයි.

ගොඩක් දේවල් තැන් තැන් වල ලියා ඇති නිසා නැවත කියන්නම් මගේ ස්ථාවරය.

- බුදු දහම මූලික ව ම පදනම් වන්නේ, එහි ඉගැන්වෙන සසරින් මිදීමට, භවය

නතර කරන නිර්වාණය ලබා ගන්නා මාර්ගය පැහැදිලි කිරීමටයි. මෙය පුද්ගලයා

කේන්ද්‍රීය ව බිහි වන්නක්. මෙහි ඇත්තක් ඇද්දැයි මා නම් දන්නේ නෑ.

- පුද්ගල අත්දැකීම මත පදනම් වන නිසා, එය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද

නැතහොත් ඒ පුද්ගලයා විසින් තමා රවටා ගැනීමක් ද කියා අන් අයට නිර්ණය

කළ නොහැකියි. දහම එසේ පොදු නිර්ණයක් බලාපොරොත්තු වන්නේත් නෑ.

- විද්‍යාව කරනුයේ මිනිසා ලොව පිළිබඳ දරන කුතුහලය නිසා තම අවබෝධය

පුළුල් කරන “මොඩලයන්” තැනීමත් ඒවා වැඩි දියුණු කිරීමත්. මෙය පුද්ගලයා

මත කේන්ද්‍රීය නොවන අතර එක් අයෙකුට තවකෙක් ගෙන්වා කට වචන

විශ්වාසයක් [ඇදහීමක්] නැතිව පැහැදිලි කළ හැකියි.

- තමන් හරි ද යන වග විද්‍යාව නිශ්චිත ව කියන්නේ නෑ. පරම සත්‍යයන්

එහි නෑ. සැක කිරීම එහි කොටසක්. නොදැන සිටීම ලැජ්ජාවට කරුණක්

නො වන අතර පොදු තත්වයක්. මොඩල් කිරීමක් පමණයි එහි සිදු වන්නේ.

- විද්‍යාව යමක් පිලිගන්න විවිධ ක්‍රම වේද තියෙනවා. එහෙම මොකුත් නැතිව

නිකම් කට වචනය පිලි ගන්නේ නෑ. හැබැයි ග්‍රීකයින් යුදෙව්වවන් බිහි කළ

පැරැණි ක්‍රමවේද වල එල්ලී ඉන්නේ නෑ. ක්‍රමයත් ප්‍රශ්ණයට අනුව පරිණාමය

වනවා. [If so Stephen Hawkings must be owning several parallel

universes in his lab to experiment with, while Einstein museums

must be exhibiting near-C private jets where he experimented]

- පිලි නො ගත් දේ හෙලා දැකීම නොවේ විද්‍යාවේ ක්‍රමය. ඔවුන් එය තවම

අප නොදන්නා දෙයක් ලෙසින් තබා ගන්නවා. පසුව වඩාත් හොඳ විදිහක්

ආවොත් එය පිලි ගනීවි.

- විද්‍යාවයි බුදු දහමයි එකිනෙකින් වෙන් වී [mutually exclusive] නෑ.

ස්වාධීන ව [independant] ඉන්නවා පමණයි. ඔවුන් එකම මාතෘකා

දෙවිදිහකට දකිනවා වෙන්න පුළුවන්.

- ඒත් අරමුණු දෙකක්. බුදු දහමේ එන පරිණාමය ගැන දේශණය වැරදි

යැයි අප මොහොතකට සිතමු. සංසාරයක් ඇත්නම්, නිර්වාණයක් ලබා

ගන්නට ඉන් ඇති බාධාවක් නෑ. විද්‍යාව අනන්ත විශ්වය පැහැදිලි කිරීමේ

නිරර්ථක උත්සාහයක් කරමින් දුකින් මිදෙන එක කල් දානවා කිව්වට,

විද්‍යාවට කැමති අය ආසා එයටයි. සියල්ල බැරි නම් හැකි තාක් පැහැදිලි

කරන්න. මේ දෙක ම තම කැමැත්ත. අවසන් දිනුමක් නෑ.

- විද්‍යාවේ අද පවතින ක්‍රමවේද විසින් බුදු දහම අසාධාරණ ලෙස හෙළා

දකිනවා කීම වැරදියි. ක්‍රමවේද වැරදි නම් අළුත් ඒවා යෝජනා කරන්න.

පිළිගත හැකි ඒවා. කට වචන හෝ පුද්ගල අත් දැකීම් නොවෙයි. මොකද

ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා.

- ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි

පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප

නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන

දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය

නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා.

- ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම්

“නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින්

එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව.

- ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති

නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු

සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය

මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා

කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.

- නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක

ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ

නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න.

- ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක

දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා.

ඔබ සැමට ජය.

##############################################

Aruna Wanninayake
මේක කියවන කොට ආසනික් ගැන කියන අතරේ ලේකකයාගේ පුද්ගලික කුහක කමක් මෙන්ම නුගත් කමක් මතුවේ. මේ කියන සිල්වා සමග මම 100% එකග නොවෙන නමුත් ඔහු ඉතා වැදගත් දාර්ශනික අදහස් නම් ගොඩනගා ඇත. එසේම ඔහු ගැන අවංකව සොයාබැලුවහොත් ඔහු පෙරදිග මෙන්ම බටහිරද විද්යාවේ හා සාස්ත්රයේද කප් ගැසූ අයෙක් බව ලේසියෙන්ම පෙනේ. මේ ලේකකයට ඇත්තේ පළමුවෙන්ම ජාතික චින්තනය ගැන ප්රශ්නයකි හා ව්ව්රයකි , එය බොහෝ මාර්ක්ස් වාදීන්ට හා කලුසුද්දන්ට ඇති අසනීපයකි. මොහු දන්නා එකම එක විද්යාව බටහිර විද්යාව විය හැක.නමුත් සැබවින්ම එය එසේ නොවේ. එය ඔහුට නොතේරීම ඔහුගේ ප්රශ්නයකි. බටහිර විද්යාව සිංහලයාට එක විද්යාවකි, එකමඑක විද්යාව නොවේ. පහත චේදයෙන් කියවෙන්නේ ඔහුගේ එම අනවබෝධයි.එය මට සියුම් සතුටක් ගෙනදෙයි.
"ආසනික් සිල්වාගේ නඩය බටහිර විද්යාත්මක ක්රමය ප්රතික්ෂේප කර බොහෝ කල් ය. ඔවුන් විසින් දිගින් දිගට ම කරන ලද ප්රචාරයන්ගේ ප්රතිඵලයක් ලෙස සිංහල සමාජය ද විද්යාව ප්රතික්ෂේප කර හමාර ය. ආසනික් සිල්වාගේ ජාතිවාදයෙන් අයිසිං කරන ලද අවිද්යාව දෘෂ්ටිවාදයක් ලෙස ලංකාව පුරා මුල් ඇද ඇත."
රජරට වකුගඩු රෝගය ගැන මෙලෝ දෙයක් නොදන්නා හා ඒ වෙනුවෙන් කිසිවක් නොකළ, කිසිවක් කළනොහැකි, ඒ සදහා යමක් කරන කෙනෙක්හට අවලාද නගන මෝඩයන් ගැන කුමක් කිව හැකිද?

#####################################################################################

Sa Ga
‎"භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය [spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ belief එකකින් මිසක් understanding එකකින් නොවේ.
ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?"
"ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා."
" ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව."
"ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.

"නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න."
"ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා."

#####################################################################################

Aruna Wanninayake
බුදු දහමට විද්යාව තර්ජනයක් උනේ නැහැ වෙන්නෙත් නැහැ. එඅත් තර්ජනයක් වෙන්නේ සාමාන්ය මිනිසුන්ගේ විචාර බුද්ධියට හා චින්තනයටයි.මේවගේ ගොන් වැඩක් දැක්කම මොනවා හරි කියන්න හිතෙන කහිල්ලක් අපිට පොඩිකාලේ ඉදලම තියෙනවා. මම දන්නේ න එඅ ඇයි කියල. මම හිතන්නේ එ මිනිසුන්ගේ විචාර බුද්ධිය එයින් ගලවගන්න ඕන කියන අසනීපෙ නිසා විය හැක.බෞද්ධ දර්ශනයෙන් මේක පැහැදිලි කරන්න බැරි, ලියපු කෙනා මිත්යදෘස්ටික බුද්ධිහීනයෙක් බව පෙනෙන නිසයි. මස්කන සතුන්ට මොන දහමද...යුද්දයේදී ගුණධර්මකීම යුධ ආචාරධර්මයක් නොවේ.
ලේකකයා කියන්නේ විද්යාව තේරුම් ගන්න එකක්ය, අද්යත්මිකත්වය විශ්වාසයක් පමණක්ය කියලයි. තේරුම් ගන්නවා කියන්නේ ,අස කන නාසය, දිව හා සමෙන් තොරතුරු ගෙන ඒවා සකස්කර අපි කලින් ලබා දැනගෙන ඇති තොරතුරු සමග සසදා නිගමනයකට යාමයි. සියලුම ප්රයෝගික විද්යාවේ පරීක්ෂණ වල කෙරෙන්නේ මෙයි. එසේ නොමැතිව පරීක්ෂණ මගින් පංචෙන්ද්රිය උපයෝගී නොවන දැනුම මැවිය නොහැකි. එඅවනි අලුත් දැනුම බිහිකළ නොහැක්යි. නමුත් සෛධාන්තික විද්යාවේ එය එසේ නොවේ. උදාහරණ බොහෝයි. හිල්බර්ට් අවකාශයට සාපේක්ෂව ගණිත සමීකරණ ලිවීමේදී,එම අවකාශය දැනෙන්නේ කුමන ඉන්ද්රියටද? බොහෝවිට භෞතික විද්යාවේ හා ගණිතයේ පිලිවෙලින් කාලයට හා අවකාශයට සාපේක්ෂව සමීකරණ ලිවීමේදී,කාලය හා අවකාශය පංචෙන්ද්රිය ඇසුරෙන් අර්ථදක්ව නැත.චුම්බක ක්ෂේත්රය දැක ඇත්තේ කවූද? විභව ලිදේ අංශුවක් හිරවීම දක්කේ කවූද? එසේ නම් මේවා විද්යාවේ ඇති මූලික විස්වාශ විය යුතුයි

එඅ අනුව ලේකකයා කියන භෞතික වාදී විද්යාව නොදැනීම වින්ඥාන වාදී වී ඇත. ජීව රසායන ක්රියාවලියෙන් ඇතිවෙනවා කියන ශාකයක, තිරිසන් සත්වයකු හා මිනිසකු අතර වෙනස ලේකකයට හදුනා ගැනීමට නොහැකි වී ඇත්තේ භෞතික වාදයේ ඇති මහිමය නිසා විය යුතුයි. මේ සදහා පිළිතුරු ඇත්තේ විද්යාත්මක ක්රමයක නොව, ඊට වඩා එහා ගිය ක්රමයකයි. ඒ සදහා මාවත, "දිට්ටින්ච අනුපගම්ම, සීලවා, දස්සනේන සම්පන්නෝ" යයි පාඨකයන්ට කිව යුතුයි.
විද්යාවේ විශ්වය මොඩෙල් කිරීමට යාම නිරර්ථක ක්රියාවකි. එය එසේ වන්නේ, එම දාර්ශනික ක්රමය සමපූර්නයෙන්ම වැරදි නිසාය. ථෙරවාදීන් හැර අනෙකන්ට (මිත්යදෘස්ටිකයන්ට) අනුව, ඔඋන්ගේ ලෝකය රේකීය වේ. එම රේකීය ලෝකයට සාපේක්ෂව ඔඋන් ලෝකය විස්තර කෙරීමට වෙහෙසේ. උදාහරණයක් ලෙස, රේකවක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය දැනගැනීමට අවශ්යවේ. මන්ද,ඔඋන්ගේ චින්තනය රේකීය වේ. නමුත් ථෙරවාදීන්ට ඇත්තේ චක්රීය චින්තනයකි. ඔඋන් විශ්වය දකින්නේ ඊට වඩා ගැබුරිනි. චක්රයක සිටින කෙනෙකුට එහි ආරම්බය හා අවසානය ගැන ඇසීමම අනුවන ප්රශ්නයකි. ලේකකයා දැනගත යුතු තව කරුණක් නම් බුදුරජාණන් වහන්සේ භෞතික වාදය හා විඥාන වාදය යන දෙකම
ප්රතිකෙෂේප කල බවයි. එනම් බුදු දහම යනු හුදෙක් ඇදහිල්ලක් නොවන අතර එය දේව වාදය ප්රතික්ෂේප කළේය. මේ අර්ථයෙන් ගත කල බුදුදහම හා විද්යාව යනු අහසට පොලොව සේ වෙනස් මාතෘකා දෙකකි. ඒවායේ අරමුණුද එසේය. බුදුදහම විද්යාත්මක කරන්න යයි කියන්නේ පිස්සෙකු හැර වෙන කව්ද? කල යුත්තේ විද්යාත්මක බහු බුත හා විජජාවන්ගෙන් ඔලුව කුරුවල් නොකරගෙන, බුදුදහමේ ඥාන මාර්ගයට පිවිසීමයි.
කාල් මාර්කස්ට අනුව ආගම අබින්ය[1]. නමුත් සමහර භෞතික වාදීන්ට අනුව මාර්කස්ගේ විචාරයට බුදුදහම හසුවීනැත[2]. එමනිසා සමහර මෝඩයන්, බුදු දහම මාර්කස් ගේ වලිගෙ එල්ලීමට වල බුරු උත්සාහයන් ගනී.
මේ කරුණු මේ ලේකකයට නොතේරෙන්නේ ඔහු භෞතික වාදී විද්යාත්මක ක්රමයකට මිත්යදෘස්ටික ස්වාන්වින්දනයක් ලබන නිසයි.
1. Karl Marks, ඩෙස්මන් මල්ලිකාරච්චි
2. "මාර්කස් වාදී රචනා", ඩෙස්මන් මල්ලිකාරච්චි

####################################################################################

විද්‍යාව බුදුදහමට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාවට තර්ජනයක්ද? ඇත්තටම අපි මේක ගැන කතා කරලා තේරුමක් තියෙනවද? ඇත්තම කතන්දරේනම් මේ ලෝකේ ජීවත් වෙන හුගක් මිනුස්සුන්ට නම් මේවා ගැන හිතන්ඩ අවකාශයක් නැහැ. මේ ලෝකේ හුගක් මිනිස්සු හිතන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය (ලෞකික) සැපවත් කර ගන්ඩ. එකට ඉතින් ඍජුවම දායක වෙන්නේ පෙරදිග සහ බටහිර විද්‍යාවයි (වැඩිපුරම බටහිර). බුදුදහමත් වක්‍රාකාරයෙන් ලෞකික ජීවිතය සැපවත් කර ගන්ඩ දායක කරගන්ඩ පුළුවන්. විද්‍යාවේ සහ බුදුදහමේ අරමුණු ගැන අපි මුලින්ම කල්පනා කල යුතුයි. විද්‍යාවේ අරමුණ ලෝකය භෞතික වශයෙන් සංවර්ධනය කිරීමයි. එකට හේතුව, විද්‍යාව මගින් ලෝකය සමස්තයක් ලෙස, එක වස්තුවක් ලෙස සලකා කටයුතු කිරීමයි. එහෙත් බුදුදහම එක් එක් සත්වයා ලෝකයක් ලෙස දකින අතර ඒ එක් එක් සත්වයාගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර සාර්ථකත්වය ලග කරගැනීමේ ක්‍රියාවලියකට මග කියාදෙයි.

දැන් අපි ඉහත ලිපි දිහා බලමු. ඉහත සදහන් වන "භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. " .

බුදුදහම ගැන සුළු දැනීමක් ඇති අයෙක්හෝ මෙය අනුමත කරන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ භෞතිකතත්වයෙන් පිටස්තර වන (ප්‍රන්චන්දියන්ට අමතරව) සයවන ඉන්ද්‍රිය වන මනස එහෙමත් නැත්නම් සිත ගැන මනා දේශනාවක් අභිධර්මයේ ක‍රල තියෙනවා. බුදු හාමුදුරුවෝ කොච්චර දුරට සිත ගැන අවබෝධයක් ලබලා තියෙනවද කියල තමන්ගේ ජීවිත කාලයෙන් 90% කට වැඩිය බටහිර විද්‍යාව ඉගෙන ගෙන, 1% ක ප්‍රමාණයක්වත් බුදු දහම ප්‍රායෝගිකව අධ්‍යනය නොකරන මිනිස්සු කොහොමද කියන්නේ?.

ලෝකය දෙස භෞතික වශයෙන් පමණක් බැලීම වැරදයි. මක් නිසාද යත් භෞතික දේවලට අමතරව(රූප) තවත් දේවල් (නාම) වලින් මේ ලෝකය සමන්විත නිසා. විද්‍යාවට පර්යේෂණ කරන්නේ රූප ලෝකය ගැන පමණි. බුදු හාමුදුරුවෝ නාම සහ රූප යන දෙකොටසම ගැන මනා අවබෝධයක් ලැබුවා පමණක් නොව අනෙත් යට එය අවබෝධකරවීමෙහිලාත් සමත් වුණා. ඒ නිසා සබැ කරුණ නම් බුදුදහම විද්‍යාවට අභියෝගයක් කියන එකයි. විද්‍යාව විසින් සිත පිළිබදවද පිළිගත හැකි විශ්ලේෂණයක් ඉදිරිපත් කල යුතුයි. බටහිර මනෝ විද්‍යාව ගැන කතා කිරීමෙන් පලක් නැත. භාරතීය ඍෂිවරුන් විසින් ලොවට දායාද කර ඇති භාවනා ක්‍රමමගින් බටහිර විද්‍යාවට කිසිදා කල නොහැකි දේ කල හැකිය.

හැබැයි ඉතින් එහෙම වුණා කියලා බටහිර විද්‍යාවට කවුරු හරි බැණ බැණ ඉන්නවනම් ඌ පිස්සෙක්. බටහිර විද්‍යාව අපි හොදට ඉගෙන ගෙන අපේ රට දියුණු කරන්න අපි බටහිර විද්‍යාවේ දැනුම අනිවාර්යෙන්ම යොදා ගන්න ඕනේ. පෙරදිග දැනුම මෙන්ම බුදුදහමත් මුලිකත්වයේ තියාගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිව අන්තගාමී වෙලා එක කොනක් අල්ලාගෙන ඉදලා වැඩකට ඇති මතවාදයක් ස්ථාපිත කරන්ඩ බැහැ.රටක් දියුණු කරන්ඩත් බැහැ.

ඉහත ලිපියේ තවත් කොටසක් දෙස දැන් බලමු.

"ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි.

එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution]."

හොදයි. ඒ කියන්නේ රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවියා හැදෙන බවනේ.

රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීම කියල කිව්වට ඇයි එහේම එකතු වෙන්නේ? ඇයි සෑමවිටම එහේම සිද්ද වෙන්නේ නැත්තේ? ඔය රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය වෙද්දී ජීවයක් බැහැරින් ඇවිත් ඔය ක්‍රියාවලියට එකතු වීම සිදු නොවිය හැකි දෙයක්ද? රසායනික ක්‍රියාවලීන් ගොඩක් පරිණාමය කියන ක්‍රියාවලිය මගින් එකට එකතු වීමෙන් ජීවික් හැදෙනවානම් එය සෑම විටම එසේ කල හැකි විය යුතුයි. නමුත් උදාහරණයක් විදිහට නල දරු උත්පත්ති ක්‍රියාවලියේදී සෑම විටම එය සාර්ථක නොවන්නේ ඇයි? එක ඩිම්බයකට එක ශුක්‍රාණුවක් පමණක් මුසු කිරීමෙන් නල දරු උපතක් සිදු කල හැකි විය යුතු නොවේද? එසේනම් ඇයි එසේ සිදු නොවන්නේ?

එසේනම් ජීවය ගැන පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් කෙරෙන පැහැදිලි කිරීම 100% නිවැරදිද?

බුදුදහමට අනුව සත්වයා යනු නාම සහ රූප යන කොටස් දෙකේම එකතුවක්. නාම කොටස තුල ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ගැබ්ව පවතිනවා. එම නාම කොටස රූප කොටසින් වෙන්වූ විට ඒ සත්වයාගේ එම බවය අවසන් වෙනවා. නාම කොටස තුල ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය නිවන අවබෝධ කරන තුරු පවතිනවා. නිවන අවබෝධ කල සිතකින් එම ශක්තිය නැති වෙනවා.

චුතුපපාත නුවණ සහ පුබ්බේනිවාසානුස්සති නුවණ අවබෝධ කල හැක්කේ බුදුවරුන්ට පමණක් නොවේ. බුදුදහම ප්‍රයෝගිකව අනුගමනය නොකර, නිසි අධ්‍යනයක් නොකර පුනර්භවය අසත්‍යක් යයි පවසන්නේ බටහිර විද්‍යාවේ අන්තගාමී ලෙස ගැලී සිටීමට කැමති පිස්සන්ය.
By Lakmal Hettiarachchi


No comments:

Post a Comment